Pages

Friday, May 16, 2014

කිරි වල ඇති ලැක්ටෝස් දිරවන්න අපහසුයි. ඇඟට අහිතකරයි.කිරිපිටි මිත්‍යාවෙන් මිදෙන්න - වෛද්‍ය ජයකොඩි

මෙකල බොහෝ දෙනා කිරිපිටිවල අගුණ ගැන කතා කිරීමේ දී අවධානය දක්‌වන්නේ මෙලමයින්, DCD වැනි වැනි අහිතකර දෑ පිළිබඳව පමණක්‌ වුවත් කිරිපිටිවල අඩංගු මූලික පෝෂ්‍ය පදාර්ථ වන කාබොහයිඩේ්‍රට, ප්‍රොටීන හා මේදයෙහි පවා සැලකිය යුතු ගැටලු ඇති බව වෛද්‍ය පාලිත සමන් ජයකොඩි මහතා පැවසී ය. ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ ”කිරිපිටි මිථ්‍යාව, කිරි ආහාර සම්බන්ධ ගැටලු හා විසඳුමට මඟක්‌” මැයෙන් ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක දී ය.

”කිරි ආහාරවල අඩංගු අහිතකර ද්‍රව්‍ය” යන මාතෘකාව යටතේ මෙහි දී අදහස්‌ දැක්‌වූ වෛද්‍ය ජයකොඩි කිරිපිටිවල ප්‍රශ්න කිරීමට නොහැකි තරම් උසස්‌ පෝෂණ ගුණයක්‌ ඇතැයි යන පදනමින් යම් යම් අය කටයුතු කළ ද එහි අවධානය යොමු කළ යුතු අහිතකර පැතිකඩ ගණනාවක්‌ ඇති බව අවධාරණය කර සිටියේ ය.

”කිරිවල අඩංගු කාබොහයිඩේ්‍රට තමයි ලැක්‌ටෝස්‌ කියන සීනි වර්ගය. ක්‌ෂීරපායි සතුන් ගේ මේ ලැක්‌ටෝස්‌ දිරවන්න එන්සයිම හැදෙන්නේ කුඩා කාලයේ දී විතරයි. මිනිසා ගේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 4න් පස්‌සේ මේ ලැක්‌ටෝස්‌ දිරවීමට ආධාර වන ලැක්‌ටේස්‌ කියන එන්සයිමය ප්‍රමාණවත් තරමින් නිපදවෙන්නේ නැහැ. විශේෂයෙන් ආසියාතිකයන් ගේ මේවා නිපදවෙන්නේ ම නැති තරම්. කිරි ගවයන් අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ ඇති කරපු යුරෝපීය රටවල ජනතාවට නම් යම් හැකියාවක්‌ තිබෙනවා වෙන්න පළුවන්. නමුත් අපේ වැනි රටවල ජනතාවට එපමණ හැකියාවක්‌ නැහැ.”

මේ ගැටලුව හේතුවෙන් කිරි අධිකව පානය කළ හොත් අපේ සිරුර විසින් ලැක්‌ටෝස්‌ ප්‍රතික්‌ෂේප කෙරෙන බවත් එය බඩ පිපුම, බඩ රිදුම, ආහාර අරුචිය, පාචනය වැනි ලක්‌ෂණ මගින් පිටතට පෙන්නුම් කළ හැකි බවත් වෛද්‍ය ජයකොඩි සඳහන් කර සිටියේ ය.

කිරි ආහාරවල අඩංගු ප්‍රොටීනවල ඇති නො ගැලපීම ලෙස ඒ මහතා ගෙනහැර දැක්‌වූයේ ඒවා සත්ත්ව සම්භවයක්‌ සහිත වීම ය. ”මේවා මිනිස්‌ සිරුර විසින් ප්‍රතික්‌ෂේප කිරීමේ ක්‍රියාවලිය වෛද්‍ය විද්‍යාවේ දී හඳුන්වන්නේ අධි සංවේදී ප්‍රතික්‍රියා කියලයි. සාමාන්‍ය ව්‍යවහාරයේ දී සෙම කියලයි හඳුනාගන්නේ. දද, කුෂ්ඨ වගේ අසාත්මිකතා විදියටත් පෙන්නුම් කරනවා. එළදෙන ඉන්දියාවෙ වුණත්, එංගලන්තයේ වුණත්, නවසීලන්තයේ වුණත්, ඩෙන්මාර්කයේ වුණත්, ලංකාවේ වුණත් මේ තත්ත්වයේ වෙනසක්‌ නැහැ”

මේ අතර කිරිවල අඩංගු සත්ත්ව මේදයේ සංතෘප්ත මේද අම්ල බහුල බව පෙන්වා දුන් වෛද්‍ය ජයකොඩි දියවැඩියාව, කොලෙස්‌ටරෝල් ආශ්‍රිත තත්ත්ව, පිළිකා ආදි බෝ නො වන රෝග ගණනාවකට සංතෘප්ත මේද අම්ල වගකිව යුතු ය යන්න වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් කරුණක්‌ බව සඳහන් කළේ ය.

මේ සම්මන්ත්‍රණයේ දී ”කිරිවල පෝෂණ අගය” මැයෙන් දේශනයක්‌ පවත්වමින් පෝෂණවේදී ආචාර්ය දමයන්ති පෙරේරා මහත්මිය කියා සිටියේ සමාගම්වලට දොස්‌ පැවරීමෙන් පමණක්‌ මේ ප්‍රශ්නය නො විසඳෙන බවත් අදාළ වෘත්තිකයන් ගේ සංවිධාන මේ සම්බන්ධයෙන් ප්‍රබල හඩක්‌ නැගිය යුතු බවත් ය. අහිතකර ආහාර වර්ග ප්‍රවර්ධනයට දායක වන වෘත්තිකයන්ට දඩුවම් ලබා දීමේ වැදගත්කම ද ඒ මහත්මිය අවධාරණය කර සිටියා ය.

අධි තාක්‌ෂණය මගින් සකස්‌ කෙරෙන ආහාර වර්ගවල අඩංගු අණුවල ස්‌වාභාවික ගුණයන් වෙනස්‌ වීමේ හැකියාව ඉහළ බව පැවසූ ආචාර්ය දමයන්ති පෙරේරා මහත්මිය මෙවැනි කර්මාන්තශාලාවල මෙහෙයුම් කටයුතු සිදු කළ යුත්තේ ආහාර තාක්‌ෂණඥයන් මිස රසායනික ඉංජිනේරුවන් නො වන බව ද පෙන්වා දුනි.

මෙහි දී අදහස්‌ දැක්‌වූ සත්ත්ව නිෂ්පාදන හා ආහාර දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය සංජික පෙරේරා මහතා ඉල්ලුමට සරිලන සැපයුමක්‌ ලබා දීමට නම් දැනට පවත්නා නිර්ණායකවලට අනුව කිරි නිෂ්පාදනය කිරීම අනිවාර්ය බව පෙන්වා දුන්නේ ය. විශේෂයෙන් ම වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර ඉල්ලුම සපුරා ලීමේ දී කිරි ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම වැදගත් බව ඒ මහතා සඳහන් කර සිටියේ ය. 2016 වසරේ දී ශ්‍රී ලංකාව කිරිවලින් ස්‌වයංපෝෂිත කිරිමේ ඉලක්‌කයක්‌ ඇතත් තවමත් නිෂ්පාදනය පවතින්නේ සියයට 30-35 අතර මට්‌ටමක බව ද ඒ මහතා පැවසී ය.

කෙසේ වෙතත් මෙහි දී ආහාර පිළිබඳ දැන්වීම් හා ජනමාධ්‍ය භාවිතය අළලා දේශනයක්‌ පැවැත්වූ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න මහතා පැවසුවේ කිරිපිටි අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක්‌ බවට පත් ව ඇත්තේ ස්‌වාභාවික ඉල්ලුම නිසා ම නො ව ජනමාධ්‍ය මගින් එහි අවශ්‍යතාව ජනතාව මත ආරෝපණය කර ඇති නිසා ද බව ය.

- Vidusara

http://lankacnews.com/sinhala/news/115637/

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[

කිරි පිටි මිත්‍යාවක්මයි. එයින් මිදෙමු! - ලංකාවේදි පැටව් ගහන ලෝක වෙළෙඳපොළේ කිරිපිටි
http://denethharinna.blogspot.com/2014/02/blog-post_6927.html
දුම්වැටිවලට වඩා කිරිපිටි භයානකයි. මිල වැඩිකරන්නත් එපා. ගෙන්වන්නත් එපා – රජයේ වෛද්‍යවරුhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5.html
රට පිටි කිරි වලට ආලේ - ඇයි තවම ගොන් රාළේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_7667.html
ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිපිටි නොවන කිරිපිටිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6902.html
පිටි කිරිත් එපා - දියර කිරිත් එපාhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1228.htmlකිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.html
ඉතා වැදගත් කියවිය යුතු ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9700.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

0 comments: