Pages

Saturday, May 24, 2014

ශ්‍රී ලංකාව සමඟ එක්‌ව ත්‍රස්‌තවාදය මර්දනය කරන්න - සුබ්‍රමනියම් ස්‌වාමි මෝදිගෙන් ඉල්ලයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්‌වී ත්‍රස්‌තවාදය මර්දනය කළ යුතු යෑයි භාරතීය ජනතා පක්‍ෂ නායකයකු වූ සුබ්‍රමනියම් ස්‌වාමි නව ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.

කොටි ත්‍රස්‌තවාදය අතුගා දැමීම ගැන ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ප්‍රසාදය පළකළ යුතු බවද හෙතෙම කියා සිටියේය.

හිටපු ඉන්දීය අගමැතිවරයකු වූ රජීව් ගාන්ධිගේ 23 වැනි සමරුව නිමිත්තෙන් සුබ්‍රමනියම් ස්‌වාමි මේ බව ප්‍රකාශ කර ඇත.

තමිල්නාඩුවට එල්ලවී ඇති අන්තවාදීන්ගේ තර්ජනය මැඬලීමට නම් ඉන්දු ලංකා සහාය මත ක්‍රියාත්මක විය යුතු බව ඔහු පවසයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/05/23/news14.html

Pic Source

0 comments: