ශ්‍රී ලාංකීය ජන සමාජයට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් 1977 න් පසු කාලවකවානුවේ පටන් මෙරට සමස්‌ත සමාජයම උඩු යටිකුරු වීමක් සිදු වූ බව පැවසීම අතිශයෝක්‌තියක් නොවේ. මන්ද බොහෝ ක්‍ෂේත්‍රවල මෙම පරිවර්තනය සිදු වූ අතර එහි හොඳ මෙන්ම නරක ප්‍රතිඵල ද අත්විඳින්නට සිදු වූ බවද සත්‍යයකි. ආවෘත සමාජය විවෘත වීමත් සමඟ අල්පේච්ඡ පාරිභෝගික රටාවකට හුරු වී සිටි මෙරට ජනතාවගේ දෛනික චර්යා රටාවන් පවා ප්‍රබලව වෙනස් වන්නට විය. බහු භාණ්‌ඩික සමාජය, අධි පරිභෝජනය, ආනයනය, වෙළෙඳපළ බලවේග, ප්‍රචාරණය, දැන්වීම්කරණය, බැංකු ණය, ව්‍යාපෘති, පොලිතීන්, ප්ලාස්‌ටික්... වැනි වදන් වැඩි වැඩියෙන් භාවිත වන්නට විය.
මෙම පරිවර්තනයත් සමඟ රටක් වශයෙන් දේශීය නිෂ්පාදනයන්ට මුල් තැනක් දෙමින් බොහෝ දුරට යෑපුම් ආර්ථික මට්‌ටමක සිටි මෙරට ජනතාවට පෙර නොවූ විරූ අත්දැකීම් ලැබෙන්නට විය. අල්පේච්ඡ පාරිභෝගික රටාවක් ගෙවමින් පරිසරයත් සමඟ අෙන්‍යාන්‍ය වශයෙන් සාමකාමී සහජීවන පදනමක සිටි ශ්‍රී ලාංකීය පුරවැසියා ඉන් මුදා බහු භාණ්‌ඩික සමාජයේ උන්මන්තකයෙක් කරවමින් වැඩි වැඩියෙන් පරිභෝජනය කරවීමට හුරු කිරීමක් සිදුවිය. මෙම ප්‍රවණතාව විසින් මෙරට මධ්‍යම පාන්තික ජන සමාජයේ නිවස, පමණ ඉක්‌මවා වූ අනවශ්‍ය භාණ්‌ඩවලින් පිරීයන්නට විය. අද වන විට විවිධ වූ විද්යුත් උපකරණ අති විශාල ප්‍රමාණයක් අපේ නිවෙස්‌වල ඇතැම් විට, අබිලි ද්‍රව්‍ය වශයෙන් පුරවාගෙන සිටීම දෛනිකව අප අත්විඳින තත්ත්වය බවට පත්ව ඇත.
මොනවාද මේ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය
පරිහරණය කිරීමත් සමඟ ආයු කාලය අවසන් වූ පසු බැහැර කරන ඉලෙක්‌ට්‍රොනික හා විද්යුත් උපාංග ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය වශයෙන් හඳුන්වයි. අද ලෝකය පුරා වර්ෂයකට බැහැර කරන ඝන අපද්‍රව්‍ය ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය වශයෙන් බැහැරකරන බව පරිසර විද්‍යාව පිළිබඳව ඉන්දියාවේ බැංගලෝරයේ පිහිටි මධ්‍යස්‌ථානයේ වාර්තාවකින් පෙන්වාදෙයි. අද වන විට ශ්‍රී ලාංකීය සමාජයද දැනුවත්ව මෙන්ම නොදැනුවත්වම ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය හේතුකොට ගෙන නොයෙක් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණදෙමින් සිටී. මෙහි පවත්නා ව්‍යසනකාරී තත්ත්වය වන්නේ මේවා පසට, ජලයට මෙන්ම මානව ශරීරයට එක්‌වීමෙන් ඇතිවිය හැකි රෝග පීඩාවන්ය. අධි පාරිභෝගිකවාදී නූතන සමාජයේ අප, භාවිතයෙන් පසුව ඉවත් කරන ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය වන්නේ රූපවාහිනී, ශීතකරණ, සියලුම දුරකථන වර්ග, රෙදි සෝදන යන්ත්‍ර, පරිගණක හා එහි උපාංග, සීඩී තැටි, සී.එෆ්.එල්. බල්බ්, විද්යුත් පරිපථ සහිත සෙල්ලම් බඩු, වියළි කෝෂ, කැමරා, ප්‍රතිදීප්ත පහන්, වෛද්‍ය ආම්පන්න ඇතුළු නිවෙස්‌වල තම කාර්යයන් පහසුකර ගැනීම සඳහා භාවිත කරන විවිධ ස්‌වභාවයේ වූ උපකරණයන්ය. මේවා නිෂ්පාදනය සඳහා භාවිත කරන ඇතැම් රසායනික ද්‍රව්‍ය අනිසි අයුරින් බැහැර කිරීම නිසා පීඩාකාරී ප්‍රතිඵල ඇතිවීම අප මුහුණ දෙමින් පවතින භයානක තත්ත්වය ය.
මෙවැනි ද්‍රව්‍ය භාවිතයේ දී මෙන්ම බැහැර කිරීමේදීද අප දැනුවත් විය යුතු බොහෝ දැ ඇත. ඒවා පිළිබඳව පෙරදාට වඩා වැඩියෙන් සමාජ කතිකාවක් ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවක් වී ඇත. අප භාවිත කරන ඉලෙක්‌ට්‍රොනික විද්යුත් මෙවලම්හි අඩංගු වී ඇති රසායනික ද්‍රව්‍යයන් අතර තඹ, යකඩ, ඊයම්, ටින්, ඇළුමීනියම්, සිලිකන්, බෙරිලියම්, කාබන්, සල්ෆර්, වීදුරු කෙඳි මෙන්ම පොලික්‌ලෝරෝනේටඩ් සමඟ කැඩ්මියම් රසදිය සහ තැලියම් වැනි බැර ලෝහ වර්ගද වේ. මේවා නිසි කළමනාකරණ ක්‍රමවේදයක් යටතේ බැහැර නොකිරීම මඟින් ජෛවීය පරිසරයට ඇති කරන බලපෑම පීඩාකාරී විය හැක. වත්මන් ශ්‍රී ලාංකීය සමාජයේ ඇතැම් පිරිස් පුරුදුව සිටිනුයේ භාවිතයෙන් ඉවතලන ඕනෑම දෙයක් තම ගෙවත්තේ සීමාවෙන් පිටත ඕනෑම තැනකට ගෙනැවිත් දැමීමයි. මෙය ඉතා හානිකර ක්‍රියාවක් වන්නේ ඉහතින් සඳහන් කළ රසායනික ද්‍රව්‍යයන් පරිසරයට නිකුත් වීම නිසාය. මේ වන විට ලෝකයේ විවිධ රටවල්වල කර ඇති පර්යේෂණයන් මගින් සොයාගෙන ඇති කරුණුවලට අනුව ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය මගින් රෝග පීඩා ගණනාවක් ඇති කිරීමට හේතු වන බව දක්‌වා ඇත. විවිධ ස්‌වභාවයේ වූ පිළිකා, ලිංගික දුබලතා, ස්‌නායු පද්ධතියේ විවිධ ආබාධ. රුධිර සංරක්‍ෂණ පද්ධතියේ ආබාධ, වකුගඩු ආබාධ, විශේෂයෙන් කුඩා දරුවන්ගේ මොළය වර්ධනයේ ආබාධ, සමේ රෝග, හෘදයාබාධ මෙන්ම මනුෂ්‍ය ශරීරයේ ජානමය ප්‍රවේණියටද හානි පැමිණවීමට හේතුවිය හැකි බව සොයා ගෙන ඇත.
ශ්‍රී ලාංකීය සමාජය තුළ මෙය තත්කාලීන පාරිසරික හා සමාජමය ගැටලුවක් දක්‌වා වර්ධනය වෙමින් පවතින්නක් බැව් හඳුනාගත් මධ්‍යම පරිසර අධිකාරිය 2010 වර්ෂයේදී විද්යුත් අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනේ මූලික පියවර ක්‍රියාත්මක කරන ලදී. එනම් භාවිතයෙන් පසුව අක්‍රමවත් ආකාරයෙන් ඉවත දමා ඇති ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය විශාල වශයෙන් ඒකරාශි කරමින් ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීමේ වැඩසටහනකි. මෙරටට ඉලෙක්‌ට්‍රොනික භාණ්‌ඩ හා එහි උපාංග ආනයනය කරන මෙරට තුළ එකලස් කරන හා අලෙවි කටයුතු වල නිරත පුද්ගලික අංශයේ ආයතන ගණනාවක් සමඟ ගිවිසුම්ගත වැඩපිළිවෙළක් යටතේ එහි මූලික පියවර ක්‍රියාත්මක කිරීම් සිදුවිය.
2014 වර්ෂයේ ක්‍රියාත්මක වැඩසටහන
සමස්‌ත ශ්‍රී ලංකාවම ආවරණය වන අයුරින් රටපුරා විවිධ ආයතන හා ස්‌ථානයන්හි අක්‍රමවත් ආකාරයෙන් ගොඩනඟා ඇති ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ ඒකරාශි කරමින් පරිසර හිතකාමී ආකාරයෙන් ඒවා කළමනාකරණයට ලක්‌කිරීම සඳහා නව වැඩසටහනක් සැලසුම් කර ඇත. වර්තමානයේ රට තුළ ක්‍රියාත්මක වන සැලසුම්ගත සංවර්ධන වැඩසටහනක් වන මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි "නිල්ල පිරුණු රටක් - පිවිතුරු පරිසරයක්" නිර්මාණය කිරීමේ අනාගත ඉලක්‌කය සාක්‍ෂාත් කිරීම අරමුණ කරගනිමින් ගරු පරිසර හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාගේ මාර්ගෝප දේශකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙරට පරිසර විෂය ක්‍ෂේත්‍රයන් නෛතික බලයක් හිමි ප්‍රධාන රාජ්‍ය ආයතනය වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් එහි සභාපති විජයවන්ත ප්‍රතාපසිංහ මහතා හා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා මෙරට පුද්ගලික අංශයේ ආයතන සමඟ පළාත් පාලන ආයතන හා මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් හා දිස්‌ත්‍රික් කාර්යාල සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ සතිය
2014 මැයි 27 වැනි දින සිට ජුනි 02 වැනි දින දක්‌වා ජාතික ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ සතිය ප්‍රකාශයට පත්කර ඇත. මෙම සතිය තුළදී මෙරට විද්යුත් උපකරණ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ කටයුතු කරන ආයතන ගණනාවක් විසින් දිස්‌ත්‍රික් පදනමින් ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය දවසේ පැය 24 පුරාම ඒකරාශි කිරීමට කටයුතු කරනු ඇත. මධ්‍යම පරිසර අධිකාරිය, පළාත් හා දිස්‌ත්‍රික් කාර්යාල සෑම එකකම එම සතිය තුළ දවසේ පැය 24 පුරාම මේවා එකතු කිරීමට කටයුතු කරන අතර ජංගම ප්‍රචාරක රථ මඟින් පූර්ව දැනුවත් කිරීම ද සිදුකරනු ලබයි. ඊට සමගාමීව මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවන් ද මෙම වැඩසටහනට පූර්ණ දායකත්වය ලබාදෙමින් විවිධ ස්‌ථාන හා ආයතනයන්හි ගොඩගැසී ඇති විද්යුත් අපද්‍රව්‍ය එකතු කිරීමට කටයුතු කරනු ඇත. මෙසේ එකතු කරනු ලබන ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය මෙරටදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කොටස් එම ක්‍රියාවලියට යොමුකරලීමටත් මෙරට තුළ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කොටස් ආරක්‍ෂාකාරීව ප්‍රතිචක්‍රීකරණ හැකියාවක් ඇති රටවලට අපනයනය කිරීමටත් සැලසුම් කර ඇත.
මෙරට ක්‍රියාත්මක ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික වැඩසටහන පිළිබඳව වැඩිදුර විස්‌තර ලබාගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ දුරකථන අංක 071-9692005 මගින් වැඩිදුර විස්‌තර ලබාගත හැකිය.
සුනිල් උඩුකල, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ - මාධ්‍ය ඒකකය
(පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අංශය) මධ්‍යම පරිසර අධිකාරිය
http://www.divaina.com/2014/05/27/feature02.html
Pic Source

0 comments:
Post a Comment