කෘෂි කාර්මික ජීවන රටාවක් සහිතව පැවත ආ අපේ රට අද සංවර්ධනය හා තාක්‍ෂණික දියුණුව ඔස්‌සේ කාර්මික දේශයක් බවට පරිවර්තනය වෙමින් තිබේ. මේ නිසාම මෙරට සමාජය තුළද විවිධ පරිවර්තන සිදුවෙමින් පවතී. මේ නව සමාජ පරිවර්තනය තුළ බෞද්ධ සාරධර්මයන්ට අද හිමි වී ඇති තැන පිළිබඳ ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමියන් සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත් වූ සාකච්ඡාවකි මේ.
අපේ රටේ බෞද්ධ සාරධර්මවල බිඳවැටීමක් පරිහානියක් අද දකින්නට තිබෙනවා අපේ හාමුදුරුවනේ....
එයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නෙ අද අපේ රටේ තිබෙන අධ්‍යාපනය. අපි බටහිර අධ්‍යාපනයට දොස් කිව්වත් එයින් නීතිගරුක, යුක්‌තිගරුක විනයගරුක මිනිස්‌සු නිර්මාණය වුණා. බටහිර අධ්‍යාපනය ලබල අපේ රටේ සේවය කරන්න ආ අය දිහා බැලුවත් එය පැහැදිළියි. ඒ අය ඡන්දා, දොෂා, භයා, මෝහා කියන හතරෙන් ඈත් වෙලා ජීවත් වුණු අය.
අපේ රටේ අධ්‍යාපනය අද නොයෙක් කොටස්‌වලට බෙදිල. රටක අධ්‍යාපනය එකක් වෙන්නට ඕන. එක එක්‌කෙනාට මේක කොටස්‌වලට බෙදල දීල හරියන්නෙ නෑ. ලෝකෙ දියුණු රටවල අධ්‍යාපනය එකම රාමුවක් තුළයි ක්‍රියාත්මක වෙන්නෙ. ජපානය, චීනය, සිංගප්පූරුව ලෝකයේ දියුණු රටවල් බවට පත්වුණේ අධ්‍යාපනය නිසයි. රටක සාරධර්ම ආරක්‍ෂාවෙන්නෙ අධ්‍යාපනය තුළින්. අපේ රටේ අධ්‍යාපනයෙන් එය ඉටු වෙන්නෙ නෑ.
අපේ රට අනාදිමත් කාලයක සිට බෞද්ධ සාරධර්ම රැකගනිමින් ඉදිරියට ආ දේශයක්. අද එම තත්ත්වය වෙනස් වෙලා පමණක් නොවෙයි බුද්ධ ශාසනයත් අභියෝගයට ලක්‌වෙලා. බුදුදහම රැකගැනීමට දරන ප්‍රයත්නයන්ට අද ඇතැමුන් එරෙහි වෙලා. මේ නිසාම අද බුදුදහම රැකගැනීමට ප්‍රචණ්‌ඩකාරිව කටයුතු කරන්නටත් ඇතැම් භික්‍ෂුන්වහන්සේ පෙළඹී සිටිනවා·
බුදු දහම කරුණාව මෛත්‍රිය මුල්කරගත් දහමක්. බුදුරජාණන් වහන්සේ ඉතාමත් දරුණු පුද්ගලයන් පවා හික්‌මවාගත්තේ කරුණාව මෛත්‍රිය කියන ධර්මතා මත පිහිටා සිටිමිනුයි. අංගුලිමාල, ආලවක වැනි දරුණු පුද්ගලයන් හික්‌මවා ගත්තේ ඔවුන් සමඟ ගැටුම් ඇතිකරගෙන නොවෙයි. අද බුදුදහමට යම් තර්ජනයක් තිබෙන බව ඇත්ත. ආසියාවේ සියයට සියයක්‌ම බෞද්ධ රටවල් පසුකාලයේ මෙබඳු විවිධ ක්‍රියාදාමයන් නිසා අන්‍යාගමික රටවල් බවට පත්වී තිබෙනවා. ලෝකයට බුදුදහම බෙදාහරින කේන්ද්‍රස්‌ථානයක් විදිහට ශ්‍රී ලංකාව පැවැතීම ලෝකයේ ඇතැම් ආගමික බලවේගයන්ට විශාල ප්‍රශ්නයක් වුණා. ඒ නිසා ඒ තත්ත්වය වෙනස් කරන්න මේ ආගමික බලවේග විසින් මෙහෙයවනු ලබන සංවිධානාත්මක කණ්‌ඩායම් අපේ රට තුළ ක්‍රියාත්මක වෙනව. නමුත් ඒ අභියෝගයට අපි මුහුණ දිය යුත්තේ මේ ක්‍රමයට නෙමෙයි. අපේ රටේ භික්‍ෂුන් වහන්සේත් බෞද්ධ ජනතාවත් මීට වඩා සංවිධානය විය යුතුයි.
එසේ සංවිධානය විය යුත්තේ මේ රටේ අන්‍යාගමික ජනතාවටත් ලෝකයටත් අවබෝධයක් ලබාදීම සඳහායි. අද අපේ රටේ බෞද්ධ ජන සංඛ්‍යාව වේගයෙන් අඩුවෙමින් තිබෙනවා. එම නිසා අපේ රටේ බෞද්ධ ජනතාව සංවිධානය කිරීම මේ යුගයේ භික්‍ෂුන්වහන්සේ වෙත පැවරෙන සුවිශේෂ කාර්යභාරයක්. එදා අනගාරික ධර්මපාලතුමා ඒ යුග මෙහෙවර අවබෝධ කරගෙන කටයුතු කළා. වර්තමානයේත් බුදුදහමට එල්ල වී තිබෙන අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැක්‌කේ බෞද්ධ ජනතාව හොඳින් දැනුවත් කර ඒ දැනුවත්භාවය තුළින් ඔවුන් සංවිධානාත්මක පිරිසක් බවට පත්කිරීමෙනුයි. එසේ නැතිව භික්‍ෂුන් වහන්සේ ප්‍රචණ්‌ඩකාරීව හැසිරීමෙන් නොවෙයි. භික්‍ෂුන් වහන්සේ යනු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ පණිවුඩය ජනතාව අතරට රැගෙන යන ජීවමාන පිරිස. උන්වහන්සේ ආදර්ශවත් විය යුතුයි.
අපේ රටේ ආගම් අතර ගැටුම් ඇතිවීම වැළැක්‌වීමටත් ආගම් අතර එකමුතුකම ඇති කිරීමටත් පසුගියදා පිහිටවූ ආගමික පොලිසිය පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කුමක්‌ද?
ආගමික පොලිසියට මගේ කැමැත්තක් නෑ. එය ප්‍රයෝජනයක් නැති වැඩක්. ගැටුම් වළක්‌වන්න සාමය ඇති කරන්න අපට පොලිසියක් තියෙනව. ආගමික පොලිසිය නමින් අමුතු පොලිසියක් ඇතිකළාට එයින් සිදුවන අමුතු දෙයක් නෑ.
මිනිසා මිනිසාට සහ පරිසරයට ආදරය කරමින් ජීවත්විය යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. නමුත් හාමුදුරුවනේ අද වැඩිදෙනෙක් එකිනෙකාට ආදරය කිරීමට වඩා වෛර කරමින්, ගහකොළ වනසමින් ජීවත් වෙන්නේ. අද සිදුවී තිබෙන්නේ බුදු රජාණන්වහන්සේ ගේ ශ්‍රේෂ්ඨ පණිවුඩය නිසි ලෙස සමාජයට සන්නිවේදනය නොවීමද? නැතහොත් මුදල් පසුපස දුවන පාරිභෝගික සමාජයට බුදු බණ අමතකවීමද?
පසුගියදා වනාන්තරයෙන් අලි පැටවුන් සොරකම් කරන්නට ගිය පිරිසක්, එය දුටු හේන් ගොවියකු අල්ලාගෙන බැරලයකට දමා එය තුළට නාගයකු දමා එම ගොවියා මරා දැමීමට උත්සාහ කළ පුවතක් වාර්තා වුණා. අද අපේ සමාජයේ මිනිස්‌සු, සාරධර්ම අතින් මොනතරම් පිරිහිලාද කියල ඉතා හොඳින් පැහැදිලි වෙන සිද්ධියක් මේ, මෙහි බරපතළකම යළි යළිත් සිතාබැලිය යුතුයි. අද සමාජයේ මුදල් හම්බකරන අලුත්ම ව්‍යාපාරය අලි පැටව්. එක්‌කො මවු ඇතින්න මරල නැත්නම් නිර්වින්දනය කරල අල්ල ගත්ත අලි පැටව් නොයෙක් පුද්ගලයන්ට විකුණල ලක්‍ෂ ගණන් මුදල් උපයනව. සමාජය අද මේ යන ගමන බියකරුයි. එදා ගහ කොළට සතා සිවුපාවට ආදරය කළ සමාජයක්, අද මේ ඇවිත් තිබෙන්නෙ කොතැනටද? භික්‍ෂුන්වහන්සේ මේ පිළිබඳ ගැඹුරින් සිතාබැලිය යුතුයි. වනාන්තරේ රෝගී වූ සතා සිවුපාවන්ටත් වෙද හෙදකම් කළ ජාතියක් මෙබඳු පහත් තත්ත්වයකට වැටුණෙ කොහොමද. මෙන්න මේ සමාජය වෙනස් කිරීමේ අරමුණින් භික්‍ෂුන් වහන්සේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නට ඕන.
නමුත් හාමුදුරුවනේ භික්‍ෂුන් වහන්සේ කෙබඳු වෑයමක් දැරුවත් අද සමාජයේ වැඩිදෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ මධ්‍යම ප්‍රතිපදාවෙන් බැහැරවෙමින් කාමභෝගී දිවි පැවැත්මකට උවමනා කළමනා රැස්‌කිරීමේ උත්සාහයකයි නිරත වී ඉන්නෙ.
කෘෂිකාර්මික රටක් වශයෙන් අපේ රට අතීතයේ ඉතා නිවැරදි ආර්ථික පිළිවෙතක පිහිටා කටයුතු කළා. බුදු දහමේ සියලු ප්‍රතිපත්තින් ආරක්‍ෂා කළ, කෘෂිකාර්මික පදනමක් තිබුණ එදා රටේ මිනිසුන් අතින් වැරදි සිදුවුණෙත් බොහොම අඩුවෙන්. කෘෂිකාර්මික පිළිවෙත ක්‍රමයෙන් වෙනස්‌වෙලා ඉක්‌මනින් මුදල් හොයන ක්‍රමෝපායන් වෙත සමාජය යොමුවුණා. කාෂිකාර්මික දිවි පෙවෙතක් ගත කළ අපේ රටේ මිනිස්‌සු වැඩිපුර සැප හොයපු අය නොවෙයි. ඒ නිසා ඒ අයට අවශ්‍යතාත් අඩුයි.
නමුත් අද සමාජය ඒ ගමන වෙනස් කරල වැඩිපුර සැප හොයන ඒ නිසාම වැඩිපුර මුදල් හොයන වැඩිදෙනෙක් ඉන්න සමාජයක් බවට පත්වෙලා. නමුත් පිටිසරබද ගම්වල අර පැරණි කෘෂිකාර්මික රටාවට ගොවිතැන් බතක් කරල කුඩා ගෙපැලක දරුමල්ලො ටිකක් හදාගෙන සතුටෙන් ජීවත්වෙන ගැමියො තාමත් ඉන්නව. නමුත් ඒ කෘෂිකාර්මික ජීවන රටාව මත ගොඩනැඟුණු සාරධර්ම අමතක කරල මොන ක්‍රමයෙන් හෝ මුදල් සොයමින් අසීමිත කාම සම්පත් ලුහුබඳිමින් කාම භෝගී ජීවිතයෙහිම ගැලුණු පිරිසකුත් මේ සමාජයේ ඉන්නව. එය සමාජ වටිනාකම් සාරධර්ම, ඥති සම්බන්ධතා බිඳවැටුණු සමාජයක්.
මේ සමාජය තුළ අද බුදුරජාණන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළ යම් යම් ව්‍යාපාර ආරම්භ කිරීමේ සූදානමක් තිබෙනව. කැසිනෝ වැනි ව්‍යාපාර නිසා සමාජ පරිහානිය තවත් වේගවත් වෙනවා. වෙසක් උත්සවයට පෙරදින මේ රටේ තැබෑරුම් අසල කොතරම් දිගු පෝලිම් තිබුණද? ඒ පෝලිම් හැදුනේ වෙසක් උත්සවය නිමිත්තෙන් දින කිහිපයක් තැබෑරුම් වහන නිසා මත්වතුර බෝතල් කිහිපයක් ගෙදර ගබඩා කර ගන්නයි. මුළු ලෝකයටම දහම් පණිවුඩය රැගෙන ගිය රටක ජනතාවක් බුදු තෙමඟුල සමරන්නට සැරසෙන හැටිද මේ. සමාජයේ බරපතළ කඩාවැටීමක් අද සෑම පැත්තකින්ම දකින්නට තිබෙනවා.
මේ ව්‍යසනයෙන් සමාජය ගලවා ගැනීමේ වගකීම අද භික්‍ෂුන් වහන්සේ වෙත පැවරී ඇති කාර්යභාරයයි. සමාජය මේ විපතින් ගලවා ගන්නට අපේ රටේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍යයන්ටත් විශාල කාර්යභාරයක් ඉටුකරන්න පුළුවන්. අද රටේ සිදුවන සමාජ විරෝධී කටයුතුවලට විශාල ප්‍රචාරයක් මාධ්‍ය ලබාදෙනව. නමුත් එම ප්‍රචාරයන්හි අරමුණ විය යුත්තේ එබඳු සිදුවීම් යළි සිදු නොකිරීමට ජනතාව පෙළඹවීමයි. සමාජ පරිහානිය වළක්‌වා ගැනීමට නම් මාධ්‍ය තුළින් විය යුත්තේ එබඳු මෙහෙවරක්.
සාකච්ඡා කළේ : පාලිත සේනානායක, ඡායාරූප : ගාමිණී මුණසිංහ
http://www.divaina.com/2014/05/18/feature12.html

0 comments:
Post a Comment