Pages

Friday, May 16, 2014

රටවල් 80ක සහභාගිත්වයෙන් ප්‍රංශයේ වෙසක්‌ උළෙල 21 හා 22

යුනෙස්‌කෝ ආයතනය දෙවැනි වරටත් සංවිධානය කරනු ලබන වෙසක්‌ උත්සවය ලබන 21 හා 22 යන දිනවල ප්‍රංශයේ පැරිස්‌ නුවර කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඇමරිකාව, ජපානය, කොරියාව, ඔස්‌ටේ්‍රලියාව ඇතුළු රටවල් 80ක සහභාගිත්වයක්‌ සහිත මෙම වෙසක්‌ උත්සවය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි සමග ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය එක්‌ව මෙය සංවිධානය කර තිබේ.

"ශ්‍රී ලංකාවේ බුදුදහම හා ජන ජීවිතය" මැයෙන් ඡායාරූප ප්‍රදර්ශනයක්‌ ද මෙම දිනයන්හිදී පැරිස්‌ නුවරදී පැවැත්වේ.

පසුගිය වසරේ මෙම වෙසක්‌ උත්සවය සඳහා ලෝකයේ විවිධ රටවලින් 1200 ක පමණ පිරිසක්‌ සහභාගි වූ අතර, මෙවර ඊට වඩා වැඩි පිරිසක්‌ සහභාගි වනු ඇතැයි සංවිධායක මණ්‌ඩලය අපේක්‍ෂා කරයි.

ඔස්‌ටේ්‍රලියාවේ පියෝලෑන්ඩ් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ චින්ග් කොංග් මහතා මෙම වෙසක්‌ උත්සවය සංවිධානය කිරීම සඳහා අනුග්‍රාහකත්වය දරනු ලබයි.

ලසිත දුමින්ද
http://www.divaina.com/2014/05/15/news45.html

Pic Source

0 comments: