තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් තෙමඟුල එනම් ඉපදීම, බුදුවීම, හා පිරිනිවන් පෑම සිහිපත් කරන වෙසක් පොහෝ දවස සමස්‌ත ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දිනයකි. මේ දිනයේ ලෝකයේ බොහෝ රටවල බෞද්ධයෝ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරමින් මහත් අවිහිංසාවාදයෙන් යුතුව කටයුතු කරති. අතීතයේ පටන් ශ්‍රී ලංකාවේද වෙසක් දිනය සැමරූ බව වංශකතාවල සඳහන් වේ.
දුටුගැමුණු රජතුමා විසින් වෙසක් පූජා 27 ක් කරනු ලැබී යෑයි මහාවංශයේ 32 වැනි පරිච්ඡේදයේ සඳහන් වේ. වසභ රජතුමා ඔටුනු පළන් වර්ෂයේ පටන් වෙසක් උත්සව 44 ක් කරන ලදී. වෝහාරිකතිස්‌ස රජතුමා වෙසක් උත්සවයක් කොට ලක්‌දිව සියලු භික්‌ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කළ බව සඳහන් වේ. බෞද්ධයන් වෙසක් දිනයේදී දන්දීම, ප්‍රමුඛ ස්‌ථානයේ තබාගෙන මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට ද සංග්‍රහ කර ඇති බව අප දන්නා කරුණකි.
සම්බුද්ධයන් පරිනිර්වාණයන් වර්ෂ 2550 ගෙවී ගොස් 2557 ට පා තබන මේ වර්ෂයේ ලාංකික අප ද වෙසක් දිනය මහත් බැති සිතින් යුතුව සැමරීමට පෙළගැසී සිටින්නෙමු. විශේෂයෙන්ම මෙවන් උතුම් දිනයක ඇති වැදගත්කම වටහාගෙන කටයුතු කිරීම ඉතාමත් අවශ්‍ය යුගයක අපි සිටින්නෙමු. ඉපදීම හා බෝධි සත්ත්වයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය ලෝක සත්ත්වයා දුකින් ගලවා ගැනීමේ වටිනා සංසිද්ධියකි. එම දිනය සිහිපත් කිරීමේදී බෞද්ධයන් වශයෙන් අප ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතුය. තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වටිනාම පණිවුඩය වූයේ ප්‍රතිපත්ති ගරුක බවයි.
සබ්බ පාපස්‌ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සතිච්ච පරියෝ දපනං
ඒතං බුද්ධානු ශාසනං
"සියලු පාප ක්‍රියාවන් දුරු කරමින් කුසල් ක්‍රියාවන් වඩමින් සිත පිරිසිදු කරගැනීම සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනවවේ." යනුයෙන් දේශනා කොට ඇත. මේ ධර්ම කාරණාව සියලු අවස්‌ථාවන්වල සිහියේ තබාගෙන කටයුතු කරන්නේ නම් පන්සිල් සුරකින සමාජයක් ගොඩ නැඟීම අපහසු නොවන්නේය. මේ උතුම් වෙසක් දිනයේ සෑම දෙනාගේම අධිෂ්ඨාන පාරමිතාව විය යුත්තේ සියලු අකුසල් බැහැර කර කුසල් වැඩීමයි. එය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සිදු කරන ප්‍රතිපත්ති පූජාව වන බව නොඅනුමානය.
විශේෂයෙන් පොහොය දිනයට පෙර සහ පසු දිනයෙහිද විහාරස්‌ථානවල මෙම පුණ්‍ය කර්මයන් සිදු වේ. ඒවායේ වටිනාකම මනාකොට තේරුම්ගත් බෞද්ධ ජනතාව සියලු වැඩ පසෙකලා විහාරස්‌ථානවලට එක්‌රොක් වී දන් දෙමින් සිල් රකිමින්, භාවනාවන් සිදු කරමින් කටයුතු කරනු ලැබේ. සිත, කය, වචනයයන, ත්‍රිවිධ ද්වාරයන් සංවර කර ගනිsමින් අකුසලයන්ගෙන් බැහැරව කුසල ඒකාග්‍රතාව ඇති කරගනිමින් කටයුතු කිරීම මෙහිදී ඉතා වැදගත්ය.
වර්තමාන සමාජයේ සමහර දෙනෙක් වෙසක් පොහෝ දින විනෝදය පිsණිස යොදාගෙන ක්‍රියාකිරීමේ ප්‍රවණතාවක් දැකිය හැකි වීම කනගාටුවට කරුණකි. බොහෝ පිරිස් බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණය සිහිපත් කරමින් මල් පහන් පූජාවන් සිදු නොකර දුගීමගී යාචකාදීන්ගේ කුසගිනි නිවාලීම සඳහා ලබාදෙන දන්සල්වල පෙළ ගැසී සිටී. අතීතයේ දන්සල් දුන්නේ වන්දනාවේ යන බැතිමතුන්ගේ කුසගිනි නිවාගැනීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් අද එය විනෝදය පිණිස ගමන් කරන පිරිසට ලබාදෙන දෙයක් බවට පත්වී ඇත. මෙහිදී දන්සල් පවත්වන බැතිමතුන්ගේ වරදක් නොමැත. දන්සලකි. ආහාරයකි පැන්පොදකි. පරිභෝජනය කිරීමට සුදුසු පුද්ගලයකු බවට පත්වීම ඔබේ වගකීමකි.
උදෑසන විහාරස්‌ථානයට ගොස් තුනුරුවන් වැඳ මල්, පහන්, ආහාර සුවඳදුම් පූජා කර ධර්ම දේශනා ශ්‍රවණය කර භාවනා වඩා උතුම් වූ කුසල් බලයෙන් ශක්‌තිමත් විය යුතුය. එසේ ශක්‌තිමත් වූ ඔබට යම් කෙනෙක් පාරේ මගතොටේ යන විට කතාකොට ආහාරයක් සිසිල් පැන් ටිකක් ලබාදෙන්නේ නම් එය පිළිගැනීමට ඔබ සුදුස්‌සෙකි. එය පිළිගෙන අනුභව කොට කුසගින්න හා පිපාසාව සන්සිඳුවීමට ඔබට දන්, පැන් දුන් ඒ සෑම දෙනාට තම පුණ්‍ය ශක්‌තිය අනුමෝදන් කළ යුතුය. එසේ අනුමෝදන් කිරීමට ඔබ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු නොකර ආපසු යන්නේ නම් ඔබ දන් දුන් පුද්ගලයාට ණයකරුවකු වන බව දේශනාවේ සඳහන් වේ.
ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි, තායිවානයේ ප්‍රධාන සංඝනායක ජාත්‍යන්තර ආගමික හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක
http://www.divaina.com/2014/05/14/feature10.html
Pic Source

0 comments:
Post a Comment