Pages

Tuesday, May 20, 2014

භාරතීය ජනතා පක්‍ෂයේ නායකත්වය හෙට සිට මෝඩිට

ඉන්දියාවේ 16 වැනි අගමැති ලෙස දිවුරුම් දීමට නියමිත නරේන්ද්‍ර මෝඩි හෙට (20) දිනයේදී භාරතීය ජනතා පක්‍ෂයේ නව නායකයා වශයෙන් පත්කිරීමට නියමිතය. ඉන්දීය මහ මැතිවරණ ප්‍රතිඵල අනුව භාරතීය ජනතා පක්‍ෂය විශිෂ්ට ජයග්‍රහණයක්‌ ලැබූ අතර ඔවුනට හිමි වූ ආසන ප්‍රමාණය 336 කි.

ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂයට ආසන 59 ක්‌ හිමිවූ අතර සෙසු පක්‍ෂ ආසන 148 ක්‌ දිනා ගන්නා ලදී.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව 63 හැවිරිදි නරේන්ද්‍ර මෝඩි වාරනාසි නගරයට ගොස්‌ හින්දු පූජාවකට සහභාගි විය.

1984 දී රජීව් ගාන්ධිගේ නායකත්වයෙන් ඉන්දීය කොංග්‍රස්‌ පක්‍ෂය ලැබූ මැතිවරණ ජයග්‍රහණයට පසුව තනි පක්‍ෂයක්‌ ලැබූ විශාලම මැතිවරණ ජයග්‍රහණය නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් භාරතීය ජනතා පක්‍ෂය ලබා ඇත.

මේ අතර තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් නව අගමැතිවරයාට සුබ පතමින් භාරතීය ජනතා පක්‍ෂ නව රජය තමිල්නාඩුව සමඟ සුහදව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසා ඇත.

ජයලලිතාගේ පක්‍ෂය තමිල්නාඩුවේ ආසන 39 න් 37 ක්‌ම ජයගෙන ඇත. කෙසේ නමුත් භාරතීය ජනතා පක්‍ෂයට තම රජය පිහිටුවීම සඳහා ජයලලිතාගේ සහාය අවශ්‍ය නොවේ.

චතුර පමුණුව
http://www.divaina.com/2014/05/19/news03.html

0 comments: