Pages

Thursday, May 15, 2014

රාජගිරිය ජනාධිපති විදුහලට පන්ජාබ් ඇඳුමෙන් පැමිණි සිද්ධිය - දෙමාපියන්ට අදහස්‌ දක්‌වන්න කල් දෙයි

රාජගිරිය ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනීම ලබන මුස්‌ලිම් දැරියක ඇඳගෙන පැමිණි පන්ජාබ් ඇඳුම ඉවත් කරන්නැයි විදුහල්පතිනිය ඇයට නියෝග කිරීමෙන් පසුව පාසල් නොගොස්‌ නිවසට වී සිටින බව කියන ඇයට විකල්ප පාසලක්‌ ලබාදීමට පළාත් අධ්‍යාපන බලධාරීන් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අදහස්‌ දැක්‌වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ දෙමව්පියන්ට මෙම ජුනි 03 වැනිදා තෙක්‌ ඊයේ කල් දුන්නේය.

එම දැරියට බම්බලපිටිය මුස්‌ලිම් බාලිකා විදුහලට ඇතුල්වීමට අවස්‌ථාව සලස්‌වා ඇති බව ප්‍රකාශ වූ අතර එම විදුහලට කැමැත්ත දක්‌වනවාද නැද්ද යන්න ගැන ඇයගේ දෙමව්පියන් එදාට සිය නිතිඥවරු මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දිය යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීරණය ගනු ලැබුවේ ඇය සහ ඇයගේ පියාගේ නමින් විදුහල්පතිනියට නියෝජ්‍ය විදුහල්පතිනියට හා පන්තිය භාර ගුරුතුමියට සහ අධ්‍යාපන බලධාරීන් තිදෙනකුට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (13 වැනිදා) වැඩිදුරටත් විභාගයට ගත් අවස්‌ථාවේදී දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

ප්‍රියසාද් ඩේබ්, රෝහිනී මාරසිංහ සහ අර්ජුන අළුවිහාරේ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සඳහන් විය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි හිනාබ් අබ්දුල්ලා මහතා මුලින්ම කරුණු දක්‌වමින් කියා සිටියේ දැරිය පාසල් ගියේ මුස්‌ලිම් ජාතියට හා දහමට අනුව සැකසුන සුදු දිගු කලිසමකින් සහ කොට ගවුමක්‌ සහිත පන්ජාබ් නමින් හඳුන්වනු ලබන ඇඳුමෙන් බවත් එය අලුත් ඇඳුමක්‌ නොව කාලයක්‌ තිස්‌සේ මුස්‌ලිම් දැරියන් අඳින ඇඳුම බවත් සිංහල හා ද්‍රවිඩ පාසල් දැරියන්ද එම ඇඳුමින් යුතුව පාසල් යන බවත්ය.

මේ සිද්ධිය වූ දවසේ පන්ජාබ් ඇඳුමින් සිටි දැරිය දුටු පන්තිය බාර ගුරුවරිය දැරිය විදුහල්පතිනිය ළඟට කැඳවාගෙන ගියාට පසු ඇය දැරියට සැර වචනයෙන් බැන වැදී ඇඳුම් වහා ඉවත් කරන ලෙස බලකර ඇති බවත් අකමැත්තෙන් වුවද ඊට අවනතවූ ඇය විදුහල්පතිනියගේ කාමරයේ අල්මාරියකට මුවාවී කලිසම ගලවා ඇති බවත් ගුරුවරු හා ශිෂ්‍යාවන් විශාල පිරිසක්‌ ඉදිරියේ ඇයට මුහුණ පාන්නට වූ තත්ත්වයෙන් ඇය මහත් ලඡ්ජාවට කනස්‌සල්ලට පත්ව ඇති බවත් විදුහල්පතිනියගේ හැසිරීම හේතුකොටගෙන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කර ඇති අයගේ මූලික අයිතීන් කීපයක්‌ උල්ලංඝනය වී ඇති බවත් අධිනීතිඥ අබ්දුල්ලා මහතා කීවේය.

විදුහල්පතිනිය ඇතුළු වගඋත්තරකාර ගුරුවරියන් තිදෙනා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති මනෝහාරා ද සිල්වා මහතා පැවසුවේ රාජගිරිය ජනාධිපති බාලිකා විදුහල සිංහල බෞද්ධ ශිෂ්‍යාවන් අති බහුතරයක්‌ ඉගෙනීම ලබන විදුහලක්‌ බවත් මුස්‌ලිම් ජාතික හා ආගමික සංස්‌කෘතිය හා සිරිත් විරිත්වලට අනුව ඇයට අධ්‍යාපනය හැදැරීමට අවශ්‍යතාවයක්‌ තිබුණා නම් ඒ සඳහා සුදුසු පරිසරයකට එනම් මුස්‌ලිම් ශිෂ්‍යාවන් ඉගෙනීම ලබන විදුහලකට යා යුතු බවත් විකල්ප විදුහලක්‌ වශයෙන් අධ්‍යාපන ඇමැති ඇයට දී ඇත්තේ ඉතාම දියුණු ප්‍රසිද්ධියට පත් බම්බලපිටිය මුස්‌ලිම් බාලිකා විදුහලට ඇතුල්වීම වඩා නුවනක්‌කාර ක්‍රියාව බවත්ය.

බද්දේගම සමිත හිමි වසර එකකට පමණ උඩදී නීතිඥ උපාධිය සමත්වීමෙන් පසුව සිවුර දරාගෙනම නඩුවලට පෙනී සිටීමට අවසර ඉල්ලා සිටියත් එම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්‌ෂේප වූ බවත් පැවසූ ඔහු නීතිඥ වෘත්තියේ යෙදීමට අවශ්‍ය නම් නීතිඥයකුට නියම ඇඳුමින් දිවුරුම් දී නඩුවලට පෙනී සිටිය යුතු යයි නියම කළ බවත් පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මනෝහාරා ද සිල්වා මහතා ඊට පසුව සමිත හිමි එම අදහස අත්හැර දැමූ බවත් බෞද්ධ සංවිධාන කිසිවක්‌ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට විරුද්ධ නොවූ බවත්ය.

මීළඟට කරුණු දැක්‌වූ ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්‌ෂ ජයන්ති විඡේතුංග මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ටී. වරාගොඩ මහතා පැවසුවේ රාජගිරිය ජනාධිපති විදුහලේ නිල ඇඳුම කවර ආකාරයකින් යුක්‌ත විය යුතුද යන්න තීරණය කළේ පාසලේ බල අධිකාරිය බවත් මුස්‌ලිම් දැරිය වන පාතිමා හසානා විදුහලට ඇතුළත් වන විට ඇඳුම සකස්‌ විය යුතු ආකාරය දැනුම් දී ඇති බවත් දිනපතාම ඒ නිල ඇඳුමෙන් පැමිණි ඇය හිටි හැටියේම පන්ජාබ් ඇඳුමෙන් විදුහලට පැමිණි නිසා ගැටුම්කාරී සිද්ධිය ඇතිවූ බවත් මේ දැරියගේ පන්ජාබ් ඇඳුමට ඉඩ දුනහොත් සිංහලයන්ගේ ජාතික ඇඳුම වන ළමා සාරිය ඇඳගෙන ශිෂ්‍යාවන් විදුහලට පැමිණිය හැකි බවත් කීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා පෙත්සමේ 5, 6, 7 වැනි වගඋත්තරකරුවන් වන ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්‌ෂ, අධිකරණ අමාත්‍යාංයේ ලේකම් හා බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර අලෙවි මව්ලානා වෙනුවෙන් පෙනී සිටියේය. මුස්‌ලිම් දැරියට බම්බලපිටිය මුස්‌ලිම් බාලිකා විදුහල ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල්වරිය දැරියගේ දෙමාපියන්ටද ඒ බව ලිඛිතව දැනුම් දී ඇති නමුත් ඊට ප්‍රතිචාරයක්‌ තවම ඔවුන්ගෙන් ලැබී නැති බවත් කීය.

සරත් ධර්මසේන
http://www.divaina.com/2014/05/14/news25.html

Pic Source

සබැඳි ලිපි -
[

සෞදියේ පාසල් නිළ ඇඳුම, පන්ජාබ් ඇඳුමින් පරිබාහිරව පාසලට ඇන්දොත් ගල් පහරවල් බව අන්තවාදී මුසලුවන් මතක් කරගත යුතුය!http://denethharinna.blogspot.com/2014/04/blog-post_7.htmlපාසල් නිළඇඳුම දොට්ට. මුසලු ඇඳුම පාසලට! මෙහෙම ගියොත් හෙදියො, සෙබළු හැමෝගෙම අනන්‍යතාවත් ඉවරයි!http://denethharinna.blogspot.com/2014/04/blog-post.html
]

0 comments: