Pages

Sunday, May 11, 2014

ඉන්දියාවේ හැට කෝටියකට වැසිකිළි නෑ

ලොව පුරාම කෝටි සියයක ජනතාවට තවමත් වැසිකිලියක් නැති වීම කොලරාව, පාචනය සහ සෙංගමාලය වැනි මාරාන්තික රෝග පැතිර යාමට හේතු වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරයි.

ලොව පුරා ඉතාමත් දිළිඳු ජනතාවට සනීපාරක්ෂක සේවා සැපයීමේ වැඩසටහනේ කොටසක් වශයෙන් වැසිකිලි සපයා දී තිබෙන නමුත් බොහෝ විට එම වැසිකිලි භාවිතයට නොගන්නා බව යුනිසෙෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධාන පවසයි.

ඉන්දියාවේ පමණක් කෝටි හැටක ජනකායකට තවමත් වැසිකිලි පහසුකම් නොමැති අතර ඉන්දියාවේ වැසිකිලි ප්‍රශ්නය විසඳීම පිණිස දැනටමත් ඩොලර් කෝටි ගණනක් වියදම් කොට තිබෙන නමුත් තවමත් එයට විසඳුම් ලැබී නැති බවද එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති.

කෙසේ නමුත් බංග්ලාදේශය සහ වියට්නාමය මේ වන විට එළිමහනේ වැසිකිලි යාම සම්පූර්ණයෙන්ම පාහේ නවතා දැමීමට සමත් වී තිබෙන බවද ඔවුහු පවසති.

- BBC

http://lankacnews.com/sinhala/foreign-news/115416/

Pic Source

1 comments:

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

ඒ උනාට ඉන්දියාව අපට ගෙම්බර් දාන්නේ ඒ වගේ සුපිරි රටක් නැති ගානට හිතාගෙන.