යුගයෙන් යුගයට සිරිලක ආලෝකවත් කරන උත්තමයෝ පහළ වී මේ දිවයින පමණක් නොව මුළු ලොවම එළිය කරති. එම චරිත අතර ගිහියෝ ද පැවිද්දො ද වෙති. අප මේ කථා කරන්නේ එවන් පැවිදි රුවනක් පිළිබඳවයි. 70 හා 80 දශකවල සිරිලක බෞද්ධ ජන මනස බුද්ධාලම්භන ප්‍රීතියෙන් සනහාලන්නට සමත් වූ උතුම් බුද්ධ පුත්‍රයකු වන බෝධිසත්වගුණෝපේත පානදුරේ අරියධම්ම ස්‌වාමීන් වහන්සේ පිළිබඳවයි. සහජයෙන් උපන් ශාන්ත ස්‌වරයෙන් ධර්ම දේශනා හා බෝධි පූජා තුළින් ලාංකීය ජනතාව සුපහන් කරන්නට උන්වහන්සේ මංපෙත් විවර කර ගන්නේ පෙර පින් නිසාවෙනි.
උන්වහන්සේගේ ගිහි නමවූයේ ඩබ්ලිව්. ලාල් බුද්ධදාස ප්‍රනාන්දු යන නමයි. මෙම කුමරුවා තම ප්‍රාථමික අධ්‍යාපනය පානදුර සිරිල් ජෑන්ස් විද්‍යාලයෙන් ලැබූ අතර හොරණ විද්‍යාරත්න පිරිවෙනට ගොස් ස්‌වකීය අධ්‍යාපනය කර පින්නා ගත් තරුණයන් මෙන් නොව මෙම තරුණ දරුවා තමා හට විවේකී අවස්‌ථාවක් උද වූ සැණින් ගමේ විහාරස්‌ථානය ඇසුරු කරගෙන තම දහම් දැනුම වර්ධනය කරගැනීමට පුදුමාකාර උනන්දුවක් දැක්‌වීය.
අධ්‍යාපන කටයුතු හමාර වීමත් සමඟ ම නිකරුණේ කාලය කා දමනවාට වඩා රැකියාවක නිරත වීම සුදුසු යෑයි රැකියාවක් සොයමින් සිටින අතරතුර අනුරාධපුර මහමෙව්නා සංරක්‍ෂණ මණ්‌ඩලයේ ලිපිකාර තනතුරක් ලැබිණි. මෙම නව රැකියාව මේ තරුණයා නව මඟකට යොමුකිරීමට හේතු විය. රැකියාවෙන් විවේකයක් ලබන හැම විටකමදීම රුවන්වැලි මහා සෑය හා ශ්‍රී මහා බෝධින්වහන්සේ වෙත ගොස් වතාවත් වන්දනාමාන කිරීම පුදුමාකාර බැතියකින් සිදු කිරීමට යොමු වූයේ නිරායාසයෙනි. මෙසේ කල්යත්ම මේ තරුණ කුමරුවාට පෙර පිනත් උත්සාහයත් නිසා ගිහි ජීවිතයේ නිසරු බවද පැවිදි දිවියේ සැනසුමද සිහිගැනෙන්නට වූයෙන් පැවිදි වීමට මහත් ආශාවක් මෝදු වෙමින් තිබිණි. ඒ අනුව තම අදහස මෑණියන්ට යෑවූ ලිපියක මෙසේ කවි කොට ඇත.
බැලු බැලු තැන දුකය සැප නැහැ අදහන්න
ගිහි ජීවිතයේ සැප නැති බව සලකන්න
වැන්දා මෙන්න අම්මේ ඔබ බුදු වෙන්න
දැන්වන් මහණ වෙන්නට අවසර දෙන්න
මේ තරුණයාගේ ඉල්ලීම ඉවත දැමිය නොහැකි බැවින් දෙමව්පිය අවසරය ලැබ 1966 දෙසැම්බර් 22 වන දින කලපළුවාව ගෝගම තපෝ වන අරණේ කම්මට්‌ඨානාචාර්ය කහටපිටියේ සුමතිපාල නා හිමිගේ උපාධ්‍යායත්වයෙන් හා කම්මට්‌ඨානාචාර්ය කුඩාවැල්ලේ වංගීස නාහිමිගේ ආචාර්යත්වයෙන් උතුම් පැවිදි භූමියට පත්විය. එතැන් සිට පානදුරේ අරියධම්ම නමින් හැඳින්විණි.
ඉන් අනතුරුව තමා ගිහිකල ලබා ගත් දහම් දැනුමත් සසරේ පුරුද්දත් එකතු කර ගනිමින් දම් දෙසුම්, බෝධි පූජා තබමින් කල් යවමින් පැවිදි ජීවිතයට අවශ්‍ය බණ දහම් ප්‍රගුණ කළහ. ඒ අනුව 1968 මාර්තු 04 වැනි දා කඳුබොඩ විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථාන සීමා මාලකයේදී උපසම්පදා භූමියට ඇතුළත් වූහ. උන්වහන්සේගේ වාසස්‌ථාන වූයේ ගෝතම තපෝවනය, අනුරපුර කළුදිය පොකුණ, කැලණිය, ජල්තර ධම්මික ආරාම හා කොළඹ සම්බෝධි විහාරස්‌ථානයයි. වැඩසිටි ප්‍රියමනාප වාසස්‌ථාන වුවද ඒ කෙරෙහි කිසිදු ඇලීමක් ද නොදැක් වූහ. අරියධම්ම හිමිගේ ඇසුරට පත් වූයේ සුළු පටු අය නොවේ. බලංගොඩ ආනන්ද මෛත්‍රී, නාරද හිමි, මඩිහේ පඤ්ඤාසීහ හා මාහෝ සුමේධ වැනි ලෝක පූජිත යුගයන් වෙනස් කළ පැවිදි උතුමෝය.
මෙම උත්තම චරිත ඇසුර උන්වහන්සේගේ ආධ්‍යාත්මික ගමන සඵල වීමට ආශිර්වාදයක් වූවා නිසැකය. බෝධි පූජා තැබීම අමනෝඥ ක්‍රියාවකැයි හන්වඩු ගසා තිබූ යුගයක බෝධි පූජාවේ වැදගත්කම පෙන්වා දී එය ජන මනස පහන් කරන ආකාරයෙන් ද බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත වන අයුරින්ද සිදු කරමින් බෝධි පූජාවට නව අරුතක් අරියධම්ම හිමියෝ එක් කළහ. ගම නියම් ගම් තුළින් තමා වෙත කෙරෙන සෑම ආරාධනාවක්‌ම ඉතා කාරුණිකව භාරගෙන මහත් උනන්දුවෙන් ඉටු කිරීමට උත්සුක වූහ. උන්වහන්සේ වැඩම කරන ස්‌ථානවලට බොරු ආටෝප සාටෝප අලංකාර අවශ්‍ය නොවීය. ඕනෑම ආයතනයක, මංසන්ධියක, ආරාමයක පිට්‌ටනියක උන්වහන්සේගේ ධරමානුශාසනා පවත්වන ස්‌ථාන විය.
1986 වසරේ වෙසක් පොහෝ වැඩසටහන් සාර්ථකව නිමා කරමින් උන්වහන්සේ විවේකීව වැඩ සිටීම සඳහා නුවර පළාතේ නල්ලඹේ භාවනා මධ්‍යස්‌ථානයට වැඩම කළහ. එහි වැඩ සිටින විට 26 දින උන්වහන්සේ දරුණු හෘදයාබාධයකට ලක් වූහ. ඒ අනුව උන්වහන්සේ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ අතර එහිදී වෛද්‍යවරු උන්වහන්සේට දැඩි කැපවීමෙන් ප්‍රතිකාර කළද මැයි 27 දින මධ්‍යම රාත්‍රියේදී සිහිනුවණින්ම අපවත් වී වදාළ සේක.
උන්වහන්සේ තම ජීවිතයට වඩා සැලකුවේ තමන්ගේ ආගමික වත්පිළිවෙත් හොඳින් ඉෂ්ට කරන්නේ කෙසේද යන්නයි. එසේ වුවද සංස්‌කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්‌වභාවය වෙනස් කිරීමට කා හටවත් හැකියාවක් නැත. එම ධර්මතාවයට මුහුණ දීමට උන්වහන්සේට ද සිදුවිය.
අති පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියෝ දශක දෙකකට ආසන්න කාලයක් බෞද්ධ ප්‍රජාවගේ සිත්සතන් සනහාලමින් මේ සිරිලක් පිං බිමට දහම් ආලෝකය බෙදා දුන්හ. උන්වහන්සේගේ ආදාහන උත්සවය 1986 මැයි 31 වැනි දින බොරැල්ල කනත්තේ දී ලක්‍ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවක් හා දහස් ගණනක් සංඝරත්නයේ සහභාගිත්වයෙන් සිදු විය. මෙසේ තමන් උපන් භූමියේ ජනයාට මහත් ආශිර්වාදයෙන් කටයුතු කළ සුවිශේෂී චරිතයක ගමන් මග නිමා විය. මෙයට වසර 28 කට පෙර අපවත්වී වදාළ අතිපූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ට නිවන් අවබෝධ වේවා·
ගුණපාල විඡේතුංග, මොරටුව.
http://www.divaina.com/2014/05/28/feature03.html

0 comments:
Post a Comment