Pages

Friday, May 30, 2014

හැත්තෑ දෙවැනි වියට පිවිසි මාදුළුවාවේ සෝභිත නාහිමි

කෝට්‌ටේ නාග විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නායක ස්‌වාමීන් වහන්සේගේ හැත්තෑ දෙවැනි ජන්ම දිනය ඊයේට යෙදී තිබිණි. මෙම කෙටි සටහන ඒ වෙනුවෙනි.

සෝභිත හිමියන් මෙරට භික්‌ෂු සමාජයෙහි විශේෂයෙන් කැපී පෙනෙන්නට හේතුව උන්වහන්සේ සතු අද්විතීය වාග් චාතුර්යයයි. මෙරට භික්‌ෂු ඉතිහාසයෙහි හමුවන විශිෂ්ටතම කථිකයා වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ කථිකත්වය පිළිබඳ විදේශිකයකු වූ හෙන්රි ජීබල් ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි. "උන්වහන්සේගේ කටහඬ සමුද්‍ර ඝෝෂාව බඳුය. රළ නංවයි. ඈතට ඇසෙයි" මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් පසු ශ්‍රී ලාංකික භික්‌ෂු වංශයෙහි අද්විතීය කථිකයෝ කීප දෙනෙක්‌ පහළ වූහ. ඒ අතරින් මාදුළුවාවේ සෝභිත හිමියන්ට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයකි. සෝභිත හිමියන්ටම අනන්‍ය ගැඹුරු කටහඬ, දේශනා ශෛලිය, උච්චාරණ විලාසය, උන්වහන්සේ අන් සියලු දේශකයන්ගෙන් කැපී පෙනේ. 

උන්වහන්සේ ධර්මාසනයේදී සැදැහැවතුන්ගේ නොමඳ සාධුවාද පූර්වක සම්භාවනාවටත්, දේශපාලන වේදිකාවේදී සටන්කාමී දේශප්‍රේමීන්ගේ නොමඳ අත්පොළසන් නාදයටත් එකසේම බඳුන් වෙති. 

සෝභිත හිමියන් සිය දේශනවලදී ඉදිරිපත් කරන මනගස්‌කාන්ත උපමා උපමේය අතිශය විචිත්‍රය. ක්‍ෂණිකව මතුවන කවීත්වයෙන් පිරි කියුම් අතිශයින් සියුම්ය. හාස්‍යය, උපහාසය මෙන්ම අර්ථවත් අදහස්‌වලින්ද යුක්‌ත දේශන ශෛලිය නිසා සෝභිත හිමියෝ මෙරට ජන හද වැදගත් ජනකාන්ත භික්‌ෂු චරිතයක්‌ වී තිබේ. පුරා වසර 72 ක ජීවිත කාලය තුළ රට, දැය, සමය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ මේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේට, නිදුක්‌ නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. උන්වහන්සේට නිදුක්‌ නිරෝගී සුවය මෙන්ම දිගාසිරිද ප්‍රාර්ථනා කරමු.

- සමුද්‍ර
http://www.divaina.com/2014/05/30/news14.html

Pic Source

0 comments: