Pages

Wednesday, May 21, 2014

මොනවද මේ වෙන්නේ? බහු ආගමික වෙසක් පහන් කූඩුව ප‍්‍රදර්ශනයේ අංක 1ට

වෙසක් උත්සය නිමිති කරගෙන දඹුල්ල ප‍්‍රදේශයේ ප‍්‍රදර්ශනය කරමින් තිබූ බහු ආගමික සංකේත ඇතුළත් කූඩුවට දඹුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයට විරෝධය ප‍්‍රකාශ කර ඇත.

දඹුල්ල විදේශ සේවා පුහුණු මධ්‍යස්ථානය විසින් වෙසක් පොහොය නිමිති කරගෙන සංවිධානය කළ වෙසක් පහන් කූඩු ප‍්‍රදර්ශනයේ තිබූ පහන් කූඩුවක් බුදුදහමට නිගා දෙන අන්දමෙන් ප‍්‍රදර්ශනය වූ බවට ලැබුණු තොරතුරු මත එහි වැඩම කළ දඹුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජ්‍ය හල්මිල්ලවැවේ පේ‍්‍රමරත්න හිමියන් එම වෙසක් කූඩුව පරීක්ෂා කර එය බුදු දහමට නොගැළපෙන බවත්, එවැනි දේ මින් ඉදිරියට සිදුනොවිය යුතු බව ප‍්‍රකාශ කර ඇත.

දඹුල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා ප‍්‍රධාන විද්වත් මණ්ඩලයක් මගින් අර්බුදයට ලක්වූ පහන් කූඩුව පළමු ස්ථානයට තෝරා ඇති බවත්, එහිදී ප‍්‍රකාශ කළ පුහුණු මධ්‍යස්ථාන කළමනාකාරණී ගංගා ප‍්‍රියානි විජේවර්ධන මහත්මිය, දැනට පහන් කූඩු ප‍්‍රදර්ශනය නිමා කර ඇති බැවින් කූඩුව ඉවත් කර ගන්නා බව ප‍්‍රකාශ කළාය.

http://lankacnews.com/sinhala/main-news/115887/

0 comments: