Pages

Thursday, May 15, 2014

කොළඹ හා අවට තොරණ 40 ක්‌ දන්සල් 176ක්‌

මෙවර වෙසක්‌ උත්සවය වෙනුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල දර්ශනීය තොරණ 40 ක්‌ ප්‍රදර්ශනය සඳහා ඉදිකර ඇත.

ඊට අමතරව ප්‍රධාන පෙළේ දන්සල් 176 ක්‌ ද, වෙසක්‌ උත්සව දින පැවැත්වීමට නියමිතව තිබේ. මේ අතර දර්ශනීය පහන් කූඩුවලින් සමන්විත බෞද්ධාලෝක මාවතේ වෙසක්‌ කලාපයක්‌ ද ප්‍රදර්ශනය කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

විවිධ පෞද්ගලික ආයතන සහ සංවිධාන මගින් ඉදිකරන ලද තොරණ මෙම ප්‍රදේශවල පිහිටා ඇති බව පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

කොල්ලුපිටිය, බම්බලපිටිය, තොටලඟ, ග්‍රෑන්ඩ්පාස්‌, පිටකොටුව, කොටුව, බොරැල්ල, රාජගිරිය, පාර්ලිමේන්තු වටරවුම, රත්මලාන, දෙහිවල, ගොතටුව, වැල්ලම්පිටිය, කොලොන්නාව, වරාය අසල, පෑලියගොඩ, වැලිකඩ බන්ධනාගාරය අසල යන ස්‌ථානවල තොරණ ඉදිකර ඇත. මේ අතර වෙසක්‌ උත්සව සමයේ ජනාකීර්ණ නගරවල විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ ද යෙදවීමට පොලිස්‌ මූලස්‌ථානය කටයුතු කර තිබේ.

නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් ද මෙම ආරක්‍ෂා කටයුතු සඳහා යොදවා ඇත.

හේමන්ත රන්දුණු
http://www.divaina.com/2014/05/14/news10.html

Pic Source

0 comments: