ඇත්තටම මේ මෝදි මොන වගේ මිනිහෙක්‌ද?
වීරයා: ස්‌වාමි විවේකානන්
අදහන්නේ: කාලි මාතාව
ලග්නය: වෘශ්චික
නිතරම: 1 හිස පීරනවා
නිතරම: 2 කණ්‌ණාඩියෙන් බලනවා
යාළුවෝ: විශේෂ කවුරුත් නෑ
මෝදිගේ සම්පූර්ණ නම නරේන්ද්‍ර ද මෝදර් දාස් මුල්චාන්ද් මෝදිය. මෝගල් අධිරාජ්‍යයකු වන අක්‌බාර් දුර්බාර්ගේ පාලනයට යටත්ව පැවැති ගුජරාටි ප්‍රාන්තයේ වද්නගර් මෝදිගේ උපන් ගමය.
හින්දු සහ බෞද්ධාගම මිශ්‍රව පවතින වද්නගර් භාරතයේ ජනප්‍රිය ගායක යුවළක් වූ දුමිතානා සහ රිරීගේ උපන් ගමද වේ. මෝදි උපන්නේ 1950 සැප්තැම්බර් 17 වැනිදාය. ඔහුට සහෝදරයන් හතරදෙනකු සහ සහෝදරියක සිටී. මෝදි විවාහ වූයේ ජසෝදබෙන් චන්මෙන්ලාල් සමඟය. නමුත් ඔවුන් විවාහයෙන් පසු වෙන්විය.
මෝදි ඉතා පිරිසිදුව පිළිවෙළට ඇඳුම් ඇඳීමට ප්‍රිය කරන්නෙකි. තැලුණු පොඩිවුණු ඇඳුම් ඇඳීමට ඔහු අකමැතිය.
ඉතා දිළිඳු පවුලක උපන් මෝදි තරුණ වියේදී තම ඇඳුම් මැදගැනීම සිදුකළේ පිත්තල සෙම්බුවකට උණු වතුර පුරවා එහි උණුසුමිනි.
මෝදි ලස්‌සනට ඇඳුම් ඇඳීමට කොතරම් ප්‍රිය කරන්නේ ද කියා වටහාගත හැක්‌කේ ගෙවුණු වසර දෙක තුළ ඔහු සියයකට අධික කුර්තා ප්‍රමාණයක් මිලදී ගෙන තිබීමෙනි. ඔහු මහජනයා අතරට යන්නට පෙර තමා අඳින්නේ කුමන වර්ගයේ කුර්තාවක් ද එහි වර්ණය කුමක් විය යුතුද කියා විමසිලිමත් වේ. මෝදි අත් ඔරලෝසු පැළඳීමට සහ සෙරෙප්පුවලට ඉතා ප්‍රියකරන්නෙකි.
ඔහු ඉතා පිරිසිදුව සිටීමට පමණක් නොව තමා ජීවත්වන නිවස හා අවට පරිසරය ද පවිත්‍රව තබාගැනීමට මහත් උනන්දුවක් දක්‌වන්නෙකි. ඔහු තමා පරිහරණය කරන මේසය ඉතා පිරිසිදුව සහ පිළිවෙළකට තබාගැනීමට උත්සාහ ගනී.
මෝදි ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වීමේදී දර්ශන තිර භාවිත කිරීමට ඉතා කැමැතිය. එමගින් තොරතුරු සහ වාර්තා ඉදිරිපත් කරමින් පැහැදිලි කරදීම්වලට ඔහුට ප්‍රිය කරයි.
ඔහු මුදල් වංචාවට අකමැතිය. වැය කරන සෑම මුදලක්‌ම නිසි ආර්ථික වටිනාකමක් සහිත විය යුතු බව සිතයි.
මෝදි වැඩි වේලාවක් සිටගෙන සිටින විට ඔහුගේ කොඳුඇටපෙළ පෙදෙසේ වේදනාවක් මතුවේ. දෙපා ඉදිමුමට ලක්‌වේ. බටහිර පන්නයට අකමැති වුවත් ඔහු බටහිර අත් ඔරලෝසු කෙරෙහි දැඩි ගිජුකමක් දක්‌වයි.
මෝදිට හොඳින් ඉංග්‍රීසි දැනුම ඇත. නමුත් චතුර ලෙස කතා කළ නොහැකිය. දේශපාලන විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි. වෘශ්චික ලග්නය හිමි මෝදිට 2014 සැප්තැම්බර් වනතුරු රාහු අන්තර් දශාවේ පවතී. එය ඔහුගේ දේශපාලන දිවියට යහපත්ය. සෑම වසරකම නව රාත්‍රි උත්සවයේ දින නමයම චාරිත්‍රානුකූලව ගතකරන මෝදි එම දිනවල ආහාරයට ගන්නේ පලතුරු පමණි.
මෝදි කාලි මාතාව කෙරෙහි දැඩි භක්‌තියකින් පසු වේ.
රුපියල් කෝටි 70 ක් වැයකර කාලි මාතාව වෙනුවෙන් ගබ්බාර් කඳුවැටියේ "ශක්‌තිපීත්" ආශ්‍රමයක් ඉදිකර ඇත.
සෑම උදෑසනකම මෝදි අන්තර්ජාලය සමඟ සම්බන්ධ වෙමින් තමා වෙත එවා ඇති අන්තර්ජාල පණිවුඩ විමසා බැලීමට හුරුව සිටී.
මෝදි තීන්දු තීරණ ගැනීමේදී සෘජු බවක් දක්‌වයි. තමා විසින් තීන්දු ගැනීම මිස අන් අයගේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට ප්‍රිය නොකරයි. මෝදිට විශ්වාසවන්ත සමීප යාළුවෙක් නැත. ඔහු හුදකලා දිවියක් ගෙවයි. තම ආරක්‍ෂකයන් ගැන දැඩි අවධානයක් දක්‌වයි.
රාජකාරියටම කැප වූ මෝදි සිය රාජකාරි කටයුතු ආරම්භ කරන්නේ පෙරවරු 7.00 ටය. රාත්‍රි 10 පමණ වනතුරු රාජකාරි කටයුතුවල නිරත වේ. මෝදි කණ්‌ණාඩිය ඉදිරිපිට වැඩි වේලාවක් ගතකරමින් තම සිරුර ගැන වෙහෙසේ. එහිදී ඔහු නිරූපණ ශිල්පියකු මෙන් හැසිරේ. කාර්යාලයෙන් පිටත යැමට පෙර කණ්‌ණාඩිය ඉදිරියට ගොස් තම ඇඳුම් පැළඳුම් ගැන විමසා බලයි.
වසර කිහිපයක සිට මෝදි ඉතා තද වර්ණ ඇඳුම් පැළඳුම් භාවිතයට යොමුවී ඇත. ඔහුගේ සාක්‌කුවේ නිතරම පනාවක් තිබේ. තම මෝටර් රථයේ විවිධ වර්ණයන්ගෙන් යුත් සාටක ඇත. ජනතාව ඉදිරියට යැමේදී එම අවස්‌ථාවට ගැලපෙන සාටකයක් පැළඳ හොඳින් කොණ්‌ඩය පීරා මෝටර් රථයෙන් පිටතට පැමිණේ.
මෝදි නිදාගන්නේ පැය පහකට අඩු කාලයකි. ඔහු නින්දට ගියේ කුමන වේලාවක වුව අලුයම 5.00 හෝ 5.30 වන විට අවදි වේ. මෝදි කවි ලිවීමට දක්‍ෂය. නමුත් එම කවි ගුණාත්මක බවින් අඩුය. මෝදිගේ වීරවරයා ස්‌වාමි විවේකානන්දය.
මෙලෙස ඉන්දීය නව අගමැතිවරයාගේ ගතිගුණ සහ දින චර්යාව ගැන තොරතුරු පළවුවත් කෝටි සියයකට අධික ජනගහනයක් පාලනය කිරීමේ වගකීම අද (26 වැනිදා) සිට සිය දෑතට පවරා ගත් පසු මෙම චර්යාවන් සහ ගතිගුණ නොවෙනස්‌ව පවතීදැයි කියා අනාවැකි පළ කළ නොහැකිය.
නරේන්ද්‍ර මෝදි යනු ඉතා දුප්පත් පවුලක උපත ලැබුවෙකි. පදික වේදිකාවේ තේ කොළ විකුණමින් ද ආපනශාලාවල තේ සකසමින් ද මුදල් උපයාගෙන අරමුදලක් ආරම්භ කළ මෝදි තමා ඉගෙනුම ලැබූ අහමබාද් විදුහල වටා තාප්පයක් ඉදිකළේය. එවිට ඔහුගේ වයස අවුරුදු 20 කි. අද ඔහුගේ වයස අවුරුදු 64 කි. එනිසා නරේන්ද්‍ර මෝදි යනු අරමුණුවලින් පොහොසත් අධිෂ්ඨානශීලී තමා උපන් රටට අසීමිතව ආදරය කරන පුද්ගලයෙකි.
උපාලි ද සේරම්
http://www.divaina.com/2014/05/26/feature02.html
අපේ අල්ලපු ගෙදර අගමැති පුටුවේ අද වාඩිවෙන නරේන්ද්‍ර මෝදි
15 වැනි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද නවදිල්ලි නුවරදී දිවුරුම් දේ. සාක් කලාපීය ප්‍රධාන රටක නායකයකු ලෙස ඔහු සාක් කලාපයේ සහ ආසියානු කලාපයේ රටවල් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන බටහිර රටවල් දැන් බලා සිටී.
1984 දී රජීව් ගාන්ධි අති විශාල බලයකින් නායකත්වයට පැමිණීමෙන් පසු මෝදි ලැබුවේ අද්විතීය ජයග්‍රහණයකි. ඔහු මෙහෙයවූ භාරතීය ජනතා පක්‍ෂය මායාවතීගේ බී. එස්. ජී. සහ ලාදු ප්‍රසාද්ගේ ආර්. ඡේ. ඩී. පක්‍ෂය අභිබවා තිබේ.
කොන්ග්‍රස් පක්‍ෂයේ දැවැන්තයන් ද මෝදි හමුවේ පරාජය විය. ඔහුගේ විශිෂ්ට ජයග්‍රහණයට හේතුව කොන්ග්‍රස් පක්‍ෂයේ දුර්වලකම් ගැන අවබෝධයට ලක්‌කර සාමාන්‍ය මිනිසා වෙත සමීප වීම බව කියති. ගුජරාට් - රාජස්‌ථාන්, මධ්‍ය ප්‍රදේශ් චතිස්‌ගාර්, බිහාර් සහ මහරාෂ්ට්‍ර යන ප්‍රාන්තවලින් ඔහුට විශිෂ්ට ජයක් ලැබිණි.
එහෙත් තමිල්නාඩුව, බටහිර බෙංගාලය, ඔරිස්‌සා සහ පන්ජාබ් ප්‍රාන්තවල මෝදි රැල්ල ව්‍යර්ථ වූයේ නැත. මෝදි අද්විතීය ජයග්‍රහණයක් ලැබුවත් ඔහු අභියස ප්‍රශ්න මතු වී ඇත. තමිල්නාඩුව ප්‍රධාන ප්‍රාන්තයයි. ආසන 31 ක් ලබාගත් ජයලලිතා ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් අර්බුදකාරී මෙහෙයුමක් දියත් කරයි. කොටි හිතවාදියකු වූ වයිකෝ ද ඊට සහය වී ඇත. මේ පසුබිම මැද මෙරට සිටින ඇතැම් පාර්ශ්වයන් උතුරු පළාත් සභාවට 13 වැනි සංශෝධනයට එහා ගිය බලතල ලබා දිය යුතු බව දන්වමින් දැන් සිටම මෝදිට උපදෙස් දීමට ඉදිරිපත් වී සිටී.
එසේම උතුරු පළාත් සභාව ද ද්‍රවිඩ සංධානය ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිනි ඇවිලවීමේ උත්සාහයක නිරත වී ඇත.
මේ අතර ඉන්දියාවේ ක්‍රියාත්මක වන බහුජාතික සමාගම් සම්බන්ධව මෝදි අනුගමනය කරන පිළිවෙත මෙතෙක් හෙළි වී නැත.
කොන්ග්‍රස් රජය යටතේ නොකියා, ෂෙල් සහ වෝඩාෆෝන් වැනි බහු ජාතික සමාගම් පිළිබඳව දැඩි පිළිවෙතක් අනුගමනය කෙරුණි.
මෑතකදී බ්‍රිතාන්‍ය ජංගම දුරකථන සමාගමක් රුපියල් මිලියන 2 ක බදු නඩුවකින් ජය ලැබීය.
මෙම බහුජාතික සමාගම් ඉන්දියාවේ බදු පිළිවෙතට ආක්‍රමණශීලී ලෙස ප්‍රතිචාරය දක්‌වන බව ඉන් සනාථ වේ.
එසේම ලෝක බැංකු වාර්තාවට අනුව ව්‍යාපාරික කටයුතු සම්බන්ධව ඉන්දියාවට හිමිවන්නේ 134 වැනි අයහපත් ස්‌ථානයයි.
ඉන්දීය ආර්ථිකය මෙන් ඉන්දියාවේ ප්‍රධානතම ප්‍රශ්නය වනුයේ ආරක්‍ෂාවයි.
ඉස්‌ලාමීය අන්තවාදීහු බිහාරයට හා තමිල්නාඩුවට ද ව්‍යාප්ත වී තිබේ. එසේම ඉන්දු කාශ්මීරයේ බෙදුම්වාදී ක්‍රියා ද මෝදි හමුවේ පවතී. කුමන ආණ්‌ඩුව බලයට පත් වුවත් කාශ්මීර බෙදුම්වාදය නතර නොවේ.
මේ හැර පාකිස්‌තාන් අගමැති නවාශ් ෂරීෆ්ගේ ක්‍රියා කලාපය ද චීනය ද නව අගමැති මෝදි පිළිබඳ දරන ස්‌ථාවරය ද පැහැදිලි නැත.
අද පැවැත්වෙන දිවුරුම් දීමේ උත්සවයට පකිස්‌තාන් අගමැති නවාශ් ෂරීෆ්ට ඇරයුම් කර ඇතත් එය පිළිගත්තේද යන්න ගැන මෙතෙක් වාර්තා වී නැත.
ඉන්දීය හමුදාව මෝදිට පාලනය කළ හැකි වුවත් පාකිස්‌තාන හමුදාව නවාස් ෂරීෆ්ට වඩා ප්‍රබලය.
මේ තත්ත්වය මැද ෂරීෆ් දිවුරුම් දීමේ උත්සවයට පැමිණේද යන්න සැක සහිතය. කෙසේ වෙතත් සාක් කලාපීය රටවලට ප්‍රබල නායකයකු පැමිණ ඇත.
මේ නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉන්දියාව අස්‌ථාවර කිරීමේ ඉඩකඩ ඇති වනු නියතය. පලස්‌තීන නායක යසර් අරපත් වරක් පැවසුවේ රජීව් ගාන්ධි ඉන්දියාවේ නායකයා වීම ගැන බටහිර රටවල් අකමැත්තෙන් සිටි බවය.
බලවත් නායකයකු ඉන්දීය කලාපය තුළින් බිහිවීම බටහිර රටවල් අපේක්‍ෂා කරන්නේ නැතැයි අර්පත් තවදුරටත් පවසා තිබුණි.
2002 වසරේදී ගුජරාට් ප්‍රාන්තයේ ඇති වූ මුස්‌ලිම් කැරලි ඝාතන නිසා ඇමරිකාව 2005 දී මෝදිගේ වීසා බලපත්‍රය තහනම් කළේය.
එහෙත් මේ සතියේදී විගසම එකී තහනම අහෝසි කරමින් ඇමරිකාවට පැමිණෙන ලෙස ජනාධිපති බරක් ඔබාමා විසින් මෝදිට ඇරයුම් කර ඇත.
එහෙත් මෝදි ඊට ප්‍රතිචාර දක්‌වා නැත. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය වසර 12 ක් තිස්‌සේ පාලනය කළ මෝදි සිය තනි තීරණය මත ක්‍රියාත්මක විය. ගුජරාටයේ සිය ඇමැතිවරුන් පවා නොතකමින් ක්‍රියා කළ මෝදි එකී තනිවම තීරණ ගැනීමේ ක්‍රමවේදය නවදිල්ලි පාලනය වෙත ද යොමු කරනු ඇතැයි දේශපාලන අංශවල මතය වී ඇත.
එසේම භාරතීය ජනතා පක්‍ෂය තුළ ඔහුට එරෙහි පාර්ශ්වයක් ද වේ. විපක්‍ෂ නායිකා ලෙස ක්‍රියා කළ සුෂ්මා සුවරාඡ් හා ලාල් ක්‍රිෂ්ණ අද්වානි ඊට නිදසුන්ය. මෝදි අගමැති අපේක්‍ෂක වීම ගැන ඇය එරෙහි විය. එහෙත් මැතිවරණය ජය ගැනීමෙන් පසු සුෂ්මා සුවරාඡ් විසින් මෝදිට සුබ පැතූහ.
මේ පසුබිම මැද නවදිල්ලිය ප්‍රාණ ඇපයට ගැනීමට හා ඉන්දීය විදේශ පිළිවෙත වෙනස් කිරීමට තමිල්නාඩු කොටි හිතවාදීහු කොන්ග්‍රස් පාලන සමයේ දැරූ උත්සාහය මෝදි හමුවේ ද දියත් කිරීමට ඉඩ නොලැබෙනු ඇත.
දැඩි මතධාරියකු වන මෝදි සුළු ජාතිකයන් වෙනුවෙන් ද පෙනී සිටින බව පැහැදිලිය. එහෙත් ඔහුට තමිල්නාඩුව පාලනය කිරීමට නොහැකිවේ. ඊට නිදසුන අද පැවැත්වෙන දිවුරුම් දීමේ උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපතිට ඇරයුම් කිරීමය.
එම ඇරයුම වහාම නතර කරනු යෑයි තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා සහ ඩී. එම්. කේ. පක්‍ෂයේ නායක වයිකෝ මොර ගෑ නමුත් ඉන්දීය රජය ශ්‍රී ලංකාව සාක් කලාපයේ රටක් යෑයි කියමින් එකී ඉල්ලීම ඉවත දැමීය. මේ අතර භාරතීය ජනතා පක්‍ෂයට සම්බන්ධ සුබ්‍රමනියම් ස්‌වාමි නව ඉන්දීය අගමැති ලෙස පත්වන මෝදිගෙන් කලාපයේ ත්‍රස්‌තවාදය මර්දනය කිරීමට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සහයෝගිතාවකින් ක්‍රියා කළ යුතු යෑයි පවසා ඇත.
එහෙත් උතුරු පළාත් සභාව 13 වැනි සංශෝධනයට අදාළ පොලිස් බලතල ලබා ගැනීම සඳහා ඉන්දීය රජයට බලපෑම් කිරීමට ඉඩ තිබේ. මේ බලතල නිසා ඉන්දීය රජය එරට තුළ දී ද දැඩි අපහසුතාවකට ලක් වී ඇත.
මෑතකදී චෙන්නායි නුවර බෝම්බ පිපිරීම් සිදුවූ විට නවදිල්ලියේ සිට විමර්ශන කණ්‌ඩායමක් එවීමට කළ ඉල්ලීමට මහ ඇමැතිනි ජයලලිතා ඉඩ දුන්නේ නැත.
මෙවර මෝදි සමඟ එවන් ගැටුමක් ඇතිකර ගත හැකි ද යන බරපතළ ප්‍රශ්නය තමිල්නාඩු පාලනය හමුවේ පවතී.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/05/26/feature01.html

0 comments:
Post a Comment