Pages

Monday, May 26, 2014

පිළිකා නාශක සහල් යොදා පාසල් සිසුන්ට කැඳ කෝප්පයක්‌

බෝ නොවන රෝග වැළැක්‌වීමේ මූලික අරමුණ ඇතිව පිළිකා නාශක දේශීය හාල් වර්ගයක්‌ යොදා හෙළ සුවය සංවිධානය රාජ්‍ය අනුග්‍රහය ඇතිව පාසල් සිසුන්ට දිනපතා කැඳ කෝප්පයක්‌ ලබාදීමට ක්‍රියාකරගෙන යන බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති දොස්‌තර අනුරුද්ධ පාදෙනිය මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

පච්ච පෙරුමාල්, සුදුහීනැටි කහවනු වැනි දේශීය හාල් වර්ග යොදා මෙම කැඳ නිෂ්පාදනය කරනු ලබන අතර මෙහි මංගල පියවර කොළඹ රාජකීය විද්‍යාලයෙන් ආරම්භ කරන බවද දොස්‌තර පාදෙනිය මහතා පැවැසීය.

උතුරුමැද පාසල් දරුවෝ අනූහය දහසකට පමණ දිනපතාම මෙම කැඳ සැපයීමට ක්‍රියා කරන අතර දියවැඩියා සහ වකුගඩු රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය මෙම කැඳ කෝප්පයෙන් පහව යන බවද දොස්‌තර පාදෙනිය මහතා සඳහන් කළේය.

ක්‍රමානුකූලව මෙම වැඩසටහන දීප ව්‍යාප්තව සෑම පාසලකම ක්‍රියාත්මක කිරීමට දැනටමත් පියවරගෙන ඇතැයි කී දොස්‌තර පාදෙනිය මහතා වයස අවුරුදු 2-19 දක්‌වා සියයට තිහක දරුවෝ අධිබර තත්ත්වයේ පසුවන අය බවද කීවේය.

පාසල් දරුවන්ට ලබාදීමට යන මෙම කැඳ සැපයීමේ වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පවා සාකච්ඡා කර ඇති බවද හෙතෙම කීවේය.

නෝමන් පළිහවඩන
http://www.divaina.com/2014/05/26/news24.html

Pic Source

0 comments: