සම සෞඛ්‍ය උපාධි අපේක්‍ෂක සිසුන් පිරිසකට එරෙහිව පොලිසිය විසින් අවම බලය පාවිච්චි කරන ලද ආකාරය පිළිබඳව නොබෝදා අධිකරණයේදී ඉතා දැඩි ලෙස අවවාද කළ බව සඳහන් පුවතක් මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවල ද විශේෂ තැනක් දී පළකර තිබුණි. මේ සිසුන් අතර සිටි එක් අයෙකුගේ ඇසක්‌ද බරපතළ ලෙස තුවාල වී තිබුණි. ඒ සිසුන් අධිකරණයට ඉදිරිපත් කළ මොහොතේ එම අවාසනාවන්ත දසුන දුටු ගරු විනිසුරුතුමා ද සසල වූ බව නිසැකය.
මේ ආකාරයේ හිංසාවක් කිරීම ඇතැම් විට වෛරයේ ගින්නෙන් දැවෙන මනසකට ඒ තරම් ගැටලුවක් හෝ අසීරු දෙයක් හෝ නොවිය හැකිය. එහෙත් තමන්ට සිදුවන අසාධාරණයකට එරෙහිව විරෝධය දැක්‌වීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කරන කාට වුවද පොලිසිය මේ අයුරින් සලකන්නේ නම් එය ඉතාම තිරශ්චීන, කුරිරු, සාහසිකත්වයක් බව අපි කියන්නෙමු. යුක්‌තිය පසිඳලන විනිසුරුතුමකුගේ සියුම් ඇස අපට වඩා එබඳු ක්‍රියාවක් විනිවිද දැකීම ද අතිශයින්ම ස්‌වාභාවිකය.
සරසවි සිසුන්ගේ විරෝධතා යනු කවදත් ප්‍රශ්නකාරී දෙයකි. යෞවනත්වයෙන් පිරිපුන් ඒ සිසුන්ගේ මනස අයුක්‌තිය, අසාධාරණය නො ඉවසන බව ද අප තේරුම් ගත යුතුය. බොහෝ සරසවි සිසුන්ගේ ජීවිත තුළ තිබෙන්නේ අඳුරක් හා අපේක්‍ෂා භංගත්වයක් බව ද නොරහසකි. ඒ තමන්ට ලැබෙන උපාධිය, තමන්ගේ අනාගතය යන සියල්ල පිළිබඳ සැබෑ තක්‌සේරුවකින් ඇතිවන මානසික ස්‌වභාවයකි. එසේම මුග්ධ දේශපාලන ක්‍රියාකාරකම් වලින් මෙහෙයවනු ලබන සිසුහු ද සිටිති. ඔවුන්ගේ අරමුණ වන්නේම කුමන හෝ ගැටුමක් සාදා ගැනීමය.
එසේම නීතිය හා සාමයට බාධා වන අයුරින් ද මහජනයාගේ කටයුතුවලට අවහිර වන අයුරින් ද විරෝධතා දැක්‌වීම ද අද විලාසිතාවකි. සිසු විරෝධතාවලදී අපගේ ඇතැම් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම් දකින දෙමවුපියෝද කම්පා වෙති. උන්වහන්සේලාගේ හැසිරීම් මෙන්ම නීතිය අතට ගත් වෙනත් භික්‍ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් ද අද ආණ්‌ඩුවට මෙන්ම රටටද හිසරදයක් වන අවස්‌ථා ද තිබේ. එහෙත් ඒ කිසිම විරෝධතාවකදී පොලිසිය අවිචාරශීලීව ක්‍රියාකළ යුතු නැත. පොලිසියේ සිටින්නේද අප වැනි මිනිසුන්මය. ඒ මිනිසුන්ටද ඉවසීමේ සීමා තිබෙන බව පිළිගත යුතුය. එහෙත් පොලිසිය යනු විනයක් සංයමයක් අනුව හික්‌මවන ලද පුහුණු ආයතනයකි. එනිසා ඔවුන් විසින් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව ද වැටහීමක් පොලිස් නිලධාරීන්ට තිබේ. එබඳු විනයකින් යුතු වූද, යුක්‌තිය හා සාධාරණත්වය උදෙසා පෙනී සිටින්නා වූ ද එමතු නොව ධර්ම චක්‍ර ලාංඡනය පැළඳ සිටින්නා වූද පොලිසිය ඒ සියල්ලටම ගැලපෙන ආදර්ශවත් හැසිරීමකින් යුතු විය යුතුමය.
පොලිසිය අතින් සිදු වන හෝ බොහෝ විට හිතාමතාම සිදු කරනු ලබන වරදක් නම් පොලිස් අත්අඩංගුවට ගැනීමේදී සිදුවන හිංසාකාරී ක්‍රියාවලියයි. අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන, ඔවුන් සමග ආයුධ සෙවීමට හෝ අපරාධය සිදුවූ ස්‌ථානය විමසීමට යන පොලිසියට ඒ අපරාධකරුවන්ගෙන් ප්‍රහාර එල්ල වී ඔවුන් මියයන ආකාරය දැන් සුලභ නාටකයක් ද වී තිබේ. ඒ පරණ නාට්‍ය දැන් වලංගු නැති බව ද කිව යුතුය.
අපරාධකරුවකු එසේ මියගිය විට ජනතාව ඊට විරුද්ධ නොවූවද අහිංසකයකු පොලිස් අත්අඩංගුවේදී මියයැම ගැන ජනතාව නො ඉවසති. එසේම නොකළ වරදක් පටවා පොලිසිය වත්තේම පරලොව යන අහිංසකයන් ගැන ද නොයෙක් විට ඇසෙයි. මේ කිසිම දෙයක් යහපත් ක්‍රියා ලෙස අනුමත කළ නොහැක. පොලිසියට පාඩම් උගන්වන්නට සැරසෙන දාමරිකයන්ට එරෙහිව බලය පාවිච්චි කරන ආකාරයටම අහිංසකයන්ට හා සිසු ප්‍රජාවටද ප්‍රතිචාර දැක්‌වීම අනුචිත බව පොලිසියද ඉඳුරා දනී.
පොලිසියට ද මොනදේ කළත් හොඳක් නැත. වැදූ මව හා අහස හැමදාමත් බැණුම් අහන්නා සේ පොලිසියට ද හැමදාමත් බැණුම් ඇසීමට සිදුවී තිබේ. මෑතකදී සාහසිකයන්ගේ ගොදුරු බවට පත්වීමටද පොලිස් නිලධාරීන් දෙදෙනකුට සිදු විය. එක් අයෙක් මියගොස් අනෙක් අයගේ ජීවිතය බේරුණි. එබඳු අවදානමක් ද පොලිස් සේවය තුළ තිබේ. එසේම මුළු පොලිස් සේවයම "කොස්‌තාපල් පුඤ්ඤසෝමලාගෙන්" පිරී නොපවතින බවද අපි දනිමු.
තතු මෙසේ හෙයින් පොලිසිය බලය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන කරුණ පිළිබඳ වඩාත් බුද්ධිමත්ව හා ගැඹුරින් සිතා බැලිය යුතුය. පොලිසිය භීෂකයකුගේ හෝ ඝාතකයකුගේ තත්ත්වයට ද පත් නොවිය යුතුය. විශේෂයෙන් සරසවි සිසුන් වැනි පිරිස් සමග කෙරෙන ක්‍රියාකාරකම්වලදී ඔවුන් දෙස පීතෘත්වයෙන්ද බැලීමට බැරි වුවත් මනුෂ්‍යත්වයෙන් බැලීමට පොලිසියේ මහත්වරුන්ට බැරිද?
http://www.divaina.com/2014/05/25/editorial.html
Pic Source

0 comments:
Post a Comment