Pages

Wednesday, September 11, 2013

ලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌

වත්තල හුණුපිටිය ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරත සැකකරුවන් තිදෙනකු රුපියල් ලක්‍ෂ දෙකක්‌ පමණ වටිනා මත්කුඩු තොගයක්‌ සමග බස්‌නාහිර උතුර දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් පෙරේදා (08 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දීර්ඝ කාලයක සිට මත්කුඩු ජාවාරම සිදු කර ඇති බවට කරුණු හෙළිවීම නිසා එක්‌ සැකකරුවකු දින හතක අධිකරණ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය රඳවාගෙන අනික්‌ සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර ගත කළ බව උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරුවන්ට මාලිගාවත්ත ප්‍රදේශයේ මත්කුඩු ව්‍යාපාරිකයෙක්‌ ගෙන් මත්කුඩු ලැබෙන බවට තොරතුරු හෙළි කරගෙන ඇති පොලිසිය ඔහු කොටුකර ගැනීමට මෙහෙයුමක්‌ ආරම්භ කර තිබේ.

බස්‌නාහිර උතුර අපරාධ කොට්‌ඨාස භාර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න මහතාගේ උපදෙස්‌ මත එම කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ජගත් වීරකෝන් මහතාගේ මෙහෙයවීමෙන් දිසා අපරාධ කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති උපුල් සමරසිංහ, දිශා දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති සුමිත් ජයසේකර යන මහත්වරුන් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

චමින්ද සිල්වා
http://www.divaina.com/2013/09/10/news34.html

සබැඳි ලිපි -
[

මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
මුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.html
පාකිස්‌තානුවාගේ 'සෙල් ෆොAනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlපකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතුයි - JHUhttp://denethharinna.blogspot.com/2013/09/jhu.html
]

0 comments: