Pages

Wednesday, September 11, 2013

දෙමළ ඊළාම් බෙදුම්වාදයේ දෙවැනි ඉනිම පරාජය කිරීමට රටම පෙළගැසිය යුතුයි - චම්පික

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමැති අපේක්‍ෂක කේ. විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් පැමිණ ඇති දෙමළ ඊළාම් බෙදුම්වාදයේ දෙවැනි ඉනිම පරාජය කිරීමට මුළු රටම පෙළගැසිය යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

ඔවුන් යුද්ධය ප්‍රකාශ කර ඇති හෙයින් එය දැන් අප භාරගත යුතුව ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (09 වැනිදා) එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාඨලී චම්පික රණවක මහතා

දෙමළ ජාතික සන්ධානය එක අබමල් රේණුවකින් හෝ වෙනස්‌ වී නැහැ. ඔවුන් පරණ ප්‍රතිපත්තියේ සහ පරණ අරමුණුවල පිහිටා කටයුතු කරමින් සිටිනවා.

ඔවුන් ඊළාම් යුද්ධය නැවත වතාවක්‌ දේශපාලනිකව දියත් කර තිබෙනවා. ඔවුන් මේ ප්‍රකාශයට පත් කර ඇත්තේ දේශපාලන යුද්ධයක්‌. දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් දෙමළ ඊළාම් දේශපාලන යුද්ධය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ නිසා තවදුරටත් ඔවුන් සමග සංහිඳියාවක්‌වත්, සාකච්ඡාවක්‌වත්, සහජීවනයක්‌වත් පවත්වාගෙන යා නොහැකියි. ඔවුන්ගේ කිසිවක්‌ වෙනස්‌වී නැහැ. ඔවුන් ස්‌වයංනීර්ණ අයිතිය ඉල්ලා තිබෙනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බව කියා තිබෙනවා. උතුරු නැගෙනහිර නිජබිම් ගැන කියා තිබෙනවා. උතුරු නැගෙනහිරින් පලවා හැරි සිංහලයන් ගැන කතා නැහැ. තමන්ගේ වැරදි ගැන සමාව ගැනීමක්‌ හෝ සඳහනක්‌ නැහැ.

මෙහිදී ජාතික හෙළ උරුමයේ උප සභාපති පළාත් ඇමැති උදය ගම්මන්පිල, ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ යන මහත්වරු ද අදහස්‌ දැක්‌වූහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/09/10/news43.html

සබැඳි ලිපි -
[
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_11.htmlකොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.htmlඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments: