Pages

Wednesday, September 11, 2013

දෙමළ ජාතික සන්ධානය රට දෙකඩ කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලනඥයන්ට වැටහෙන්නේ නැහැ - වසන්ත බණ්‌ඩාර

පළාත් තුනක අරක්‌කු, බත් පැකට්‌ දී මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරද්දී දෙමළ ජාතික සන්ධානය රට දෙකඩ කිරීමට සැළසුම් සකස්‌කර ඇති බව දේශපාලනඥයන්ට වැටහෙන්නේ නැතැයි ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වසන්ත බණ්‌ඩාර මහතා ඊයේ (09 වැනිදා) ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (09 වැනිදා) ජාතික සංවිධාන එකමුතුව විසින් සෙත්සිරිපාය ශ්‍රවනාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වසන්ත බණ්‌ඩාර මහතා මෙසේ ද කීය.

දෙමළ ජාතික සන්ධානය 2010 වසරේ ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට වඩා මෙවර උතුරු පළාත් සභාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වෙනසක්‌ දකින්නට ලැබෙනවා. මෙවර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වෙනම රාජ්‍යයක්‌ කරා ගමන් කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. එය උතුරේ මහජන වරම ලබාගැනීමට හොඳ පිටිවහලක්‌ වේවි.

රජයත් මේ උපාය මාර්ගය ගැන නිවැරදි ආකරයකින් බලනවා කියලා පේන්නත් නැහැ. පිල්ලේ මහත්මිය රටට ඇවිත් කළ ප්‍රකාශ බැලුවම රජයට උපාය මාර්ග නැහැ කියලා දකින්න ලැබුණා. ජනාධිපතිවරයා, මම ඉන්නකන් රට බෙදන්න දෙන්නේ නැහැ කියලා කියනවා. දකුණු සුඩානයේ අල් බෂීර් ජනාධිපතිවරයාත් එවැනි ප්‍රකාශ කළා. නමුත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයෙන් බෂීර් ජනාධිපතිවරයාට ගැලවෙන්න බැරිවුණා. සුඩානය දෙකට කැඩුණා විතරක්‌ නොවෙයි බෂීර් ජනාධිපතිවරයාට එරෙහිව යුද අපරාධ චෝදනාත් එල්ල කළා. මේවා ගැන අපි අවධානය යොමු කළ යුතුයි.

රජය දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නිෂේධනය කරන්න කටයුතු කළ යුතුයි. එහෙම නොකළොත් රජයත් ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගත්තා සේ සැලකෙනවා. දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය තමන් බලයට පැමිණීමෙන් පසු රජය සමග ගැටුම් ඇතිකර ගැනීමටයි. ඉන් පසු දෙමළ සන්ධානය දෙමළ ජනමතය පෙන්නලා ජාත්‍යන්තරයේ සහය ලබාගැනීමට කටයුතු කරනවා. එම නිසා රජය වහාම මැතිවරණය පැවැත්වීමට පෙර දෙමළ ජාතික සන්ධානයේ බලතල ක්‍රියාත්මක නොවන්න 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඉඩම්, පොලිස්‌ බලතල සහ උතුරු නැගෙනහිර එක්‌කිරීම යන වගන්තිවත් වෙනස්‌ කළ යුතුයි.

දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ

දෙමළ ජාතික සන්ධානය ජාතිවාදී පදනමක්‌ මතයි සිටින්නේ. එදා සිටම දෙමළ ජාතික සන්ධානය ඒ මතයේයි හිටියේ. මේ ප්‍රකාශයේ තියෙනවා දෙමළ ජනයා සිංහල ජනතාව සමග අනාදිමත් කාලයක සිට එකට සිටිය ජාතියක්‌ කියලා. නමුත් 15 වැනි සියවසෙන් පස්‌සේ තමයි දෙමළ ජාතිය මේ රටට පැමිණියේ. ඉන්දියානු ආක්‍රමණයෙන් පසුව තමයි මේ රටේ දෙමළ නිශ්චිත ජාතියක්‌ බවට පත්වුණේ.

ඒ වගේම මේ මැතිවරණ ප්‍රකාශනයේ වෙනම ව්‍යවස්‌ථාවක්‌ ගැන කියනවා. ඒක ඇති මැතිවරණ කොමසාරිස්‌වරයාට මේ ගැන අවධානය යොමුකර මේ ප්‍රකාශය වෙනස්‌ කරන්නේ නැත්නම් මැතිවරණය කල් දාන්න කියලා ඉල්ලා සිටින්න.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා,

දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද ප්‍රකාශනයක්‌ නෙමෙයි. ඡන්ද ප්‍රකාශවල තියෙන්නේ පඩි වැඩිකරනවා, රස්‌සාවල් දෙනවා වැනි කියුම්. නමුත් ටී. එන්. ඒ. ප්‍රකාශනයෙන් කියලා තියෙන්නේ වෙනම බලයක්‌ සඳහා බලය ඉල්ලීමකුයි. ඒ ජනවරම ජාත්‍යන්තරයට පෙන්නලා වෙනම බලයක්‌ ලබා ගැනීමට ඔවුන් බලාපොරොත්තුව ඉන්නවා.

මේ ප්‍රකාශනයේ අන්තිමට කියලා තියෙනවා සිංහල ආණ්‌ඩුවෙන් මුකුත් ලැබෙන්නේ නැහැ. ඒවා ලබාගන්න නම් අන්තර් ජාතික ප්‍රජාවගේa මැදිහත්වීමක්‌ අවශ්‍යයි කියලා. ඒ නිසා මේ ඡන්ද ප්‍රකාශනයෙන් කරලා තියෙන්නේ අන්තර්ජාතික ප්‍රජාවට ආරාධනා කිරීමකුයි.

මේ ප්‍රකාශනයෙන් හමුදාව ඉවත්කර ගන්නා ලෙස හෝ ඉඩම් පොලිස්‌ බලතල ඔවුන් ඉල්ලනු ලැබුවහොත් රටේ ලේ වැගිරීමක්‌ නැවත ඇතිවෙනවා. ඒ වෙලාවට තමයි ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ මේ රටට ඇතිවෙන්නේ. ඒකයි මේ ඡන්ද ප්‍රකාශනය දෙමළ සන්ධානයේ ප්‍රකාශනයක්‌ පමණක්‌ නොවේ අන්තර්ජාතික ප්‍රජාව සමඟ එකතුව කළ ප්‍රකාශනයක්‌ කියන්නේ.

ශ්‍රී ලංකා නීතිඥ සංසදයේ කැඳවුම්කරු නීතිඥ කපිල ගමගේ මහතා(

ඕනෑම කෙනෙක්‌ මන්ත්‍රීවරයෙක්‌ ලෙස පත්වූ වහාම රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කරන බවට දිවුරුම් දිය යුතුයි. නමුත් දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ වෙනම රාජ්‍යයක්‌ ගැන සඳහන් කරලා තියෙනවා. එම නිසා එම අය මන්ත්‍රීවරුන් ලෙස පත්වූ පසු අපේ ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කරයිද කියලා අපිට සැකයක්‌ මතුකරලා තියෙනවා.

චමින්ද සිල්වා
http://www.divaina.com/2013/09/10/news44.html

සබැඳි ලිපි -
[
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_11.htmlකොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.html
ඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.html
දෙමළ ඊළාම් බෙදුම්වාදයේ දෙවැනි ඉනිම පරාජය කිරීමට රටම පෙළගැසිය යුතුයි - චම්පිකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9181.html
ටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments: