Pages

Wednesday, September 11, 2013

කෝටියකට අධික මුදල් ගැරූ මුසලු වරෙන්තුකරු දැලේ

සිංහල, දෙමළ, මුස්‌ලිම් නම්වලින් පෙනී සිටිමින් අඩු මිලට රෙදි දෙන්නම් කියලා...

ඇඟලුම් කම්හල්වලින් ඉතා අඩුමිලට රෙදි ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටියකට අධික මුදලක්‌ ලබාගෙන වංචා කළ වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරු ලිපිනයන් පහක්‌ භාවිතා කරමින් සිංහල නමකින්, දෙමළ නමකින් හා මුස්‌ලිම් නම් තුනකින් පෙනී සිටිමින් ව්‍යාජ රංගනයක යෙදී ඇතැයිද එම ඒකකය පවසයි.

මෙම සැකකරු රුපියල් ලක්‍ෂ දෙකහමාර තුන ආදී වශයෙන් විවිධ පුද්ගලයන්ගෙන් ලබාගෙන මෙම වංචාවේ යෙදී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය විය.

මොහු සෑම පළාතකම ඇඟලුම් කම්හල්වල බලධාරීන් හඳුනන බවත් ඔවුන්ගෙන් ඉතා අඩුමිලට රෙදි ලබා දිය හැකි බවත් පවසා එම පුද්ගලයන්ට සැකකරු අදාළ කර්මාන්තශාලා ඉදිරිපිටට රැගෙන යති. එහිදී අදාළ පුද්ගලයාගෙන් රුපියල් ලක්‍ෂ දෙකක්‌ හෝ තුනක්‌ ලබාගෙන ඇඟලුම් කම්හලේ හිමිකරු හමුවී පැමිණෙන බව පවසා හීන් සීරුවේ මාරුවී ගොස්‌ ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාරවණය විය.

මොහුගේ මෙම වංචාවට අනුරාධපුර, පොලොන්නරුව, කුරුණෑගල පෑලියගොඩ, රාගම, බියගම, මීගමුව ඇතුළු ප්‍රදේශ රැසකම පදිංචිකරුවන් හසුවී ඇතැයි හෙළිවූ බවද පොලිසිය පවසයි.

36 හැවිරිදි සැකකරු මුස්‌ලිම් ජාතිකයකු බවද පොලිසිය කියයි.

මේ පිළිබඳව බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, බස්‌නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්‌පති එල්. ජී. කුලරත්න, කැලණිය කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සී. ඊ. විදිසිංහ, යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ කැලණිය කොට්‌ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක කේ. කේ. මහින්ද මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන්වරුන් වන ප්‍රේමසිරි (25140), ධර්මසිරි (33507), පොලිස්‌ කොස්‌තාපල් වරුන් වන අබේනායක (23310), වනිගසේකර (41211), නාමල් (69408), සම්පත් (71670), ඔබේසේකර, (89120) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

0 comments: