Pages

Tuesday, September 3, 2013

කුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌

ආසියාවෙන් සොයාගනු ලැබූ විශාලතම මත්කුඩු තොගය සේ සැලකෙන පසුගියදා රේගුව මගින් අත්අඩංගුවට ගනුලැබූ කුඩු තොගය පිළිබඳව පාකිස්‌තානු ජාතික සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) උපදෙස්‌ පරිදි පාකිස්‌තානු පොලිස්‌ කණ්‌ඩායමක්‌ ළඟදීම මෙහි පැමිණීමට නියමිතව ඇත.

ඉන්පසුව ඔවුන්, ශ්‍රී ලංකා පොලිසියත්, ශ්‍රී ලංකා රේගුවත් සමඟ ඒකාබද්ධ වී දීර්ඝ වශයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට අදහස්‌ කර සිටී.

කුඩු තොගය සම්බන්ධව පාකිස්‌තානු ජාතික සැකකරු සමඟ ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

කිලෝ 200 කට ආසන්න මෙම අතිවිශාල මත්කුඩු තොගය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සම්පූර්ණ සහාය ලැබී ඇති අතර මෙම සැකකරුවන්ගෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශ තවදුරටත් ප්‍රශ්න කරගෙන යයි.

පාකිස්‌තාන් ජාතික සැකකරු ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා බව ද කියති. මෙම මත්කුඩු තොගය සොයාගැනීමෙන් පසු ඊයේ කොළඹ නගරය තුළ මත්කුඩු ජාවාරම් බොහෝදුරට පාලනය වී ඇති බව දැනගැනීමට ලැබී තිබෙනවා යෑයි මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/09/03/news01.html

සබැඳි ලිපි -
[
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
පකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතුයි - JHUhttp://denethharinna.blogspot.com/2013/09/jhu.html
]

0 comments: