Pages

Monday, September 2, 2013

ඉන්දීය ආර්ථික ඉලක්ක බිඳ වැටේ

ඉන්දියාව මුහුණ දී සිටින බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත හැකි සියලු පියවර ගන්නා බව අගමැති මන් මෝහන් සිං පවසයි.

ලෝක් සභාව අමතමින් එම ප්‍රකාශය කළ ඉන්දීය අගමැතිවරයා, රුපියලේ අගය පිරිහීම කනගාටුවට කරුණක් බවද සඳහන් කළේය.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ඉන්දීය රුපියලේ අගය පසුගිය මැයි මාසයේ පටන් 20% කට අධික මට්ටමකින් පහත වැටී ඇත.

අද සිකුරාදා,මින් ස්වල්ප වේලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුණ සංඛ්‍යා ලේඛනවලට අනුව, පසුගිය අප්‍රියෙල් සහ ජූනි මාසය අතර කාලයෙහි ඉන්දීය ආර්ථිකය වර්ධනය වී තිබෙන්නේ 4.4% කින් පමණි.

පසුගිය දශකයේ එම ආර්ථිකයේ වර්ධන වේගය 7% ක් තරම් ඉහළ මට්ටමක පැවති අතර පසුගිය වසරවල එහි නිරන්තර අවපාතයක්ද ප්‍රදර්ශනය කෙරුණි.

මේ අතර අලුතින් ප්‍රකාශිත ආර්ථික සංඛ්‍යා දත්ත බලාපොරොත්තු තැබූ තත්වයටත් වඩා පහළ මට්ටමක පවතින බව දිල්ලි අගනුවර වාර්තා පවසයි.

August 31, 2013 at 3:27 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/100280/

0 comments: