Pages

Monday, September 2, 2013

සිරියාවට පහර දුන්නොත් සවුදි අරාබියට පහර දෙනවා – පුටින්

සිරියාවට එරෙහිව බටහිර ජාතීන් විසින් ප‍්‍රහාරයක් එල්ල කළහොත් සවුදි අරාබියට මහා පරිමාණයේ ප‍්‍රහාරයක් එල්ල කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් රුසියානු සන්නද්ධ හමුදාවන් වෙත නියෝගයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මස මුලදී සවුදි අරාබියානු බුද්ධි අංශ ප‍්‍රධානි බන්ඩාර් බින් සුල්තාන් කුමරු විසින් සිරියාවට රුසියාව විසින් ලබාදෙන සහය අත්හිටුවන්නේ නම් මැදපෙරදිග රුසියාවේ තෙල් වෙළඳපොළ සුරක්‍ෂිත කරන බවට කළ යෝජනාව රුසියානු ජනාධිපතිවරයා නොපිළිගත් බව වාර්තා විය.

සවුදි අරාබියානු පාර්ශ්වය විසින් 2014දී සෝචි නගරයේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙල වෙත තමන් විසින් මෙහෙයවන ලබන චෙච්නියානු ගරිල්ලන් විසින් ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල වනු ඇති බවට වක‍්‍ර තර්ජනයක් සිදුකිරීම පුටින්ගේ නියෝගයට හේතු වී ඇතැයි ක්‍රෙම්ලින ආරංචි මාර්ග පවසා තිබේ.

මේ වසර මුල් භාගයේදී බි‍්‍රතාන්‍යයේ සිට ක‍්‍රියාත්මක වන බිට්හැම් ආරක්‍ෂක සමාගමේ ප‍්‍රධානින් අතර සිදුවූ ඊ මේල් පණිවුඩ හුවමාරුවක් ප‍්‍රතිග‍්‍රහණය කළ රුසියානු චරපුරුෂ අංශ විසින් සිරියාවට පහරදීම සඳහා අවකාශ ලබාගැනීමට ව්‍යාජ රසායනික ප‍්‍රහාරයක් එල්ල කිරීමේ ඇමරිකානු සැලැස්මක් පිළිබඳව රුසියානු රජය දැනුවත් කර තිබූ බව කියවේ.

යුරෝපා සංගමයේ රටවල් වල රුසියානු තෙල් වෙළඳපොළ ආරක්‍ෂා කරගැනීම සඳහා සිරියාව හරහා තෙල් නළයක් ඉදිකිරීමේ රුසියානු සැලැස්ම මත මෙලෙස සිරියාවේ ස්වාධීනත්වය සඳහා රුසියාව මැදිහත්වන බව විචාරකයන් පවසති.

September 2, 2013 at 11:31 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/100407/

0 comments: