Pages

Thursday, November 7, 2013

අධිකරණයේදී බුර්කාව තහනම් කල යුතුයි – බි‍්‍රතාන්‍ය ඇමති

අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමේදී මුහුණු ආවරණ පැළඳීම මුස්ලිම් කාන්තාවන් සඳහා තහනම් කළ යුතු බව බි‍්‍රතාන්‍යයේ ඇමතිවරයකු වන කෙන් ක්ලාක් පවසා තිබේ.  පැහැදිලි නීතියක් අවශ්‍ය බවත් සාක්ෂිකරුවකු ආවරණයක් පසුපස සාක්ෂි ලබාදීමට ඉඩදිය නොහැකි බවත් ඔහුගේ අදහසයි.

කෙන් ක්ලාක් හට මේ වන විට අමාත්‍යවරයකු ලෙස කාර්යභාරයක් පවරා නොමැති වුවද ඔහු අතීතයේදී අපරාධ නීතිඥයකු මෙන්ම අධිකරණ අමාත්‍ය ධුරය සහ ස්වදේශ කටයුතු ලේකම් ධුරය හෙබවූවෙකි.

තමන්ට සම්පූර්ණයෙන්ම අදෘශ්‍යමාන පුද්ගලයකු සමග විධිමත් නඩු විභාගයක් සිදුකළ නොහැකි බව පවසන ක්ලාක් වැඩිදුරටක් පවසා ඇත්තේ මුස්ලිම් කාන්තා ඇඳුම බෑගයක් තුළ සිටීමකට සමාන බවයි.  මින් පෙර සැප්තැම්බර් මසදී බි‍්‍රතාන්‍ය පහළ අධිකරණයක විනිසුරුවරයෙකු මුහුණු ආවරණ පැළඳි මුස්ලිම් කාන්තාවකට තම නඩුවේ සාක්ෂි ලබාදීම තහනම් කරමින් නියෝගයක් පණවන ලදී.

පීටර් මර්ෆි විනිසුරුවරයා පවසා ඇත්තේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව හෝ ඉහළ අධිකරණයක් මේ ගැටළුව පිළිබඳ සලකා බැලිය යුතු බවයි. අධ්‍යාපන ආයතන තුළ මුහුණු ආවරණ පැළඳීම තහනම් කිරීම පිළිබඳ සංවාදයක් මින් මාස කිහිපයකට පෙර ඇවිළ ගියද එය බි‍්‍රතාන්‍ය රජයේ ඉහළ මට්ටමේ දේශපාලඥයන් කිහිපදෙනෙකුගේ මැදිහත්වීමෙන් අත්හැර දැමිණි.

නියෝජ්‍ය අගමැති ලිබරල් ඩිමොක‍්‍රටික් පක්ෂ නායක නික් ක්ලෙග් විසින් පවසන ලද්දේ යමෙක් තමන්ට කැමති ආකාරයට ඇඳුම් ඇඳිය හැකි බවයි.

මේ අතර තම ප‍්‍රකාශය අධිකරණ කටයුතු වල විධිමත් භාවය සලකමින් මිස ඉස්ලාම් භීතිකාව හේතුවෙන් ඉදිරිපත් නොකළ බව කෙන් ක්ලාක් ඇමතිවරයා පවසා ඇතැයි වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/104126/

සබැඳි ලිපි -
[

නිකාබය නිසා පිළිකෙව් කෙරෙන මුසලු කාන්තාවhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5546.html
බුර්කා තහනම් කළ යුත්තේ ඇයි?
http://denethharinna.blogspot.com/2013/08/blog-post_4384.html 
බ්‍රිතාන්‍ය රජය පර්දාව තහනම් කිරීමට සැරසේ
http://denethharinna.blogspot.com/2013/09/blog-post_7308.html
විවාද අනවශ්‍යයි. මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම් කල යුතුමයි! - බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී
http://denethharinna.blogspot.com/2013/09/blog-post_22.html
බුර්කාව ඇඳන් බැංකුවක් බිඳින්න හැදු කපිතාන් යුද අධිකරණයට

http://denethharinna.blogspot.com/2013/08/blog-post_27.html
]

0 comments: