Pages

Saturday, November 16, 2013

සුන්නත් කිරීම තහනම් කරන්නට නෝර්වේ සූදානම්

මුස්ලිම් සහ යුදෙව් චාරිත‍්‍රයක් වන පිරිමි දරුවන්ගේ චර්මෙඡ්දනය කිරීම (සුන්නත් කිරීම) පිළිබඳ තීරණයක් ගැනීමට නෝර්වේ සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන බව වාර්තා වේ.

මින් දෙවසරකට පෙර චර්මෙඡ්දනය පිළිබඳ සොයාබැලීමට සහ එය නෝර්වේ රාජ්‍යය තුළ ක‍්‍රියාවට නැංවිය හැකි ආකාරය පිළිබඳ යෝජනා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීම් පැවරුණු අතර ඒ පිළිබඳ අවසන් තීරණය ලබන වසරේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය බෙන්ට් හොයී පවසයි.

නෝර්වේ හි ළමා ඔම්බුඞ්ස්මන් ධුරය හොබවන ඈන් ලින්ඞ්බෝ විසින් ඉදිරිපත්කළ යෝජනාවක් සමග මෙම සංවාදය කරළියට පැමිණි අතර ඇය පවසා ඇත්තේ සුළුතරයේ අයිතීන් හෝ ආගමික චාරිත‍්‍ර අර්ථයෙන් නොව දරුවන්ගේ කැමැත්තෙන් තොර, වේදනාත්මක සහ අනතුරුදායක ක‍්‍රියාවක් හේතුවෙන් එය තහනම් කළ යුතු බවයි.  විරුද්ධ පක්ෂයේ ආසන 55ක බලය හිිමි කම්කරු පක්ෂයේ ඇතැම් පුද්ගලයන් සහ මධ්‍ය පක්ෂයද මේ යෝජනාව සඳහා සහය පළ කර තිබේ.

අනෙක් පක්ෂ සිය නිල ස්ථාවරය මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නොමැති අතර පාලක කොන්සර්වේටිව් මතධාරී සෞඛ්‍ය අමාත්‍ය හොයී පවසන්නේ නිල වශයෙන් තහනම් කිරීම මගින් මෙය අතිශය අනතුරදායක ක‍්‍රම භාවිතයෙන් හොර රහසේ සිදුකරනු ඇති බවයි.  චර්මෙඡ්දනය සඳහා රජය වියදම් නොකර ඒ සඳහා දෙමව්පියන්ගෙන් අය කළ යුතු බව ඇතැම් පාර්ශ්වයන් වල අදහස වී තිබේ.

නොර්වේ රාජ්‍යය තුළ වසරකදී සාමාන්‍යයෙන් මුස්ලිම් දරුවන් 2000ක් සහ යුදෙව් දරුවන් 7 දෙනෙක් චර්මෙඡ්දනයට ලක්කරන බව පැවසේ.  ස්කැන්ඩිනේවියානු කලාපයේ අනෙකුත් රටවලද මීට සමාන විවාදයන් පැන නැගී ඇතැයි වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/104611/

0 comments: