Pages

Sunday, November 17, 2013

බොදුබලය, එජාපය සහ මංගල

එක්සත් ජාතික පක්ෂය යනු මෙරට පැවති දැවැන්ත පක්ෂයකි. මෙරටට නිදහස දිනාගැනීම සඳහා කටයුතු කළ, ගල්ඔය වැනි වාරි ව්‍යාපාර හරහා සිංහලයන් ජනාවාස කළ, දුරදක්නා නුවණින් කටයුතු කළ නයුවන් මෙහෙයවූ පක්ෂයකි.

නමුත් වත්මන එය මෙහෙයවන්නේ මොන්ගල පිරිසකි. බලය ලබාගැනීම විපක්ෂයේ පරම අභිලාශය වන අතර ඒ සඳහා මනා දේශපාලන දැක්මක්, රටේ ජනතා හඳ ගැස්ම ගැන පරිචයක් සහ සංස්කෘතිය, ඓතිහාසික උරුමය ආදිය පිලිබඳ මනා අවබෝධයක් විපක්ෂ නායකයන් අතර තිබීම අත්‍යාවශ්‍යය.

නමුත් එවැනි දේශපාලන පරිචයක් එජාපයේ පෙනෙන මානයක නැත. දැන් එජාපයේ සුක්කානම මෙහෙයවන්නේ මංගල සමරවීරය. ඔහුට උපදෙස් දෙන්නේ නිමල්කා ප්‍රනාන්දු සහ වික්‍රමබාහු කරුණාරත්නය. එදා ශ්‍රීලනිප ප්‍රමුඛ සංධාන ආණ්ඩුව පරාජයට වළ කැපුනේ මෙම කල්ලියේ බෞද්ධ විරෝධී, සිංහල විරෝධී ක්‍රියා පිළිවෙත නිසාය. චන්ද්‍රිකාද එවැනිම මතධාරිනියකි. නොබෙල් බලාපොරොත්තුවෙන්, 'සුනාමි සහන මණ්ඩල', 'පැකේජ' හරහා රට බෙදන්නට දත කෑ ෆෙඩරල්වාදිනියකි. ඈ මහජන පක්ෂ හිස, ශ්‍රීලනිප කවන්ධයට පුරුද්දුවාය. කල්ලිය තකට තක ගැලපුනි. සිංහල බෞද්ධ ඡන්ද පදනම වේගයෙන් ශ්‍රීලනිප ප්‍රමුඛ සංධානයෙන් හැලී ගියේය. මැතිවරණය පැරදිනි. මහින්ද ජනපති අපේක්ෂක, ජපති පුටුවට ගෙන ආ හෙළ උරුම ප්‍රමුඛ බෞද්ධ බලවේගය, බෞද්ධ ඡන්ද පදනම, අනේකවිද කෙනෙහිළි කම් මැද වුවද, තවමත් ආණ්ඩුව සමඟමය. එය දිනා ගැනීමේ කිසිඳු වැඩපිළිවෙලක් එජාපය සතුව නැත. නායකත්ව මණ්ඩලය යනු, හිසරුදාවට කොට්ටය මාරුකෙරුමකි. සත්‍ය අවබෝධ කරගත යුතුය. 

මෙරට රාජ්‍ය බලය තීරණය කරන ප්‍රධාන බලවේගය සිංහල, බෞද්ධ ඡන්ද පදනමයි. එයට ආමන්ත්‍රණය කර එය දිනාගනු වෙනුවට, එජාපය කරනුයේ, එන්ජීඕ නඩ සමඟ සිවුරු ත්‍රස්තවාදයක් ගැන ඡායාරූප ප්‍රදර්ශනය කිරීමයි. මෙරට සිංහල බෞද්ධයන්ට තරම් අසාධාරණයක් වූ ජාතියක් මෙරට නැත. සත්‍ය එයයි. (මහනුවර, බදුල්ල, කුරගල, දෙවනගල, පොතුවිලස, දීඝවාපිය, දඹුල්ල අදී බොහෝ තැන්හි බෞද්ධ පුදබිම්, ඒවායේ ඉඩකඩම් සහ වත්කම් අද භුක්ති විඳින්නේ අසිංහල, අබෞද්ධයන්ය. විශේෂයෙන්ම මුසලුවන්ය. ඒ ගැන පිටුගනන් ලිවිය හැක. මීට පෙරද ලියා තිබේ. නමුත් මෙය අවස්ථාව නොවේ)

එවැනි අසාධාරණකම් වලට එරෙහිව ජයග්‍රහණය සංවිධානයසිංහල රාවයද සහ පසුව බොදුබල සේනාද බොහෝ හඬ නගති. අහිමි කෙරෙන, වැනසෙන, ඩෝසර්වන බොදු උරුමය ගැන, මෙරට සිංහල බෞද්ධ ජනයා පසුවන්නේ විස්සෝපයෙනි. අන්තවාදී නොවන අසිංහලයන්ද පසුවන්නේ කණගාටුවකින් සහ බියකිනි. එදා සිටම කරුණාවෙන්, මෛත්‍රියෙන් සුලු ජනයා රැකුණේ සිහළ බොදු සෙවණේ බව ඔවුහු දනිති.

බොදුනුවන්ට සිඳුවන අසාධාරණයන් ගැන බෞද්ධ සංවිධාන හඬ නැඟීම සාධාරණය. නමුත් එම සංවිධාන ත්‍රස්තවාදී ක්‍රියාකර නැත. බොදු සමුළු පවත්වමින්, ජනයා දැනුවත් කිරීම ත්‍රස්තවාදයක් වන්නේ කෙසේදැයි අප එජාප මොන්ගල කල්ලියෙන් විමසිය යුතුය. ඔවුන් ඡායාරූප ප්‍රදර්ශන තබමින්, විදෙස් මාධ්‍ය සහ එන්ජීඕ නඩ ඉලක්කකරමින් මේ කරන්නට යන්නේ කුමක්ද? දුරාතීතයේ සිට මෙරට රැකගත් කහසිවුර, ජාතියේ මුරදෙවි බොදු භික්ෂුව ලොවක් ඉඳිරියේ ත්‍රස්තවාදීන් කෙරුමද? 

තමන් ත්‍රස්තයන් සේ හංවඩු ගැසූ ඡායාරූප දැකබලාගෙන තම නිවැරදිතාව පැවසීමට එතැනට වැඩි බෞද්ධ භික්ෂූන්ට පහර දීමට, බොදු විරෝධී බලවේගවලට අවස්ථාව දීමට තරම් සිරිකොත නඩය පහත් අඩියකට වැටුනේ ඇයි? (Link - https://www.youtube.com/watch?feature=player_embedded&v=3iVpFTMIp1Uකරු, සජිත්, තිස්ස, ගාමිණී, දයාගමගේ වැනි බෞද්ධ නයුවන් මේ පිළිබඳව දරන මතය කුමක්ද? (මින් කිහිපදෙනෙක් ඒ මොහොතේ සිරිකොත පක්ෂ මූලස්ථානයේද සිට ඇත.)

මෙවැනි මුග්ධ ක්‍රියාමාර්ග තුළින් තවදුරටත් සිඳුවන්නේ සිහල බොදු පදනම වේගයෙන් එජාපයෙන් ඈත්වීමයි. 20% සීමාවට වැටී ඇති එජාප ඡන්ද පදනම තවතවත් දියවී යාමයි. මංගලලා නතරවනු ඇතතේ විපක්ෂනායක පදවියත් එජාපය අහිමි කරබව අවසාන වශයෙන් කණගාටුවෙන් වුවද කිවයුතුය.

- බුද්ධික මල්ලවආරච්චි -

සබැඳි ලිපි -
[
ජාතිකත්වයට වින කරන (එක්සත්) ජාතික පක්ෂයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_7665.html
]

0 comments: