Pages

Friday, November 15, 2013

බලය වෙනුවෙන් රටට එරෙහි නොවිය යුතු විපක්ෂයේ යුතුකම් සහ වගකීම්

මැක්‌රේ සහ වික්‍රමබාහු මංගලගේ බොක්‌කේ!
අද ඇරඹෙන පොදුරාජ්‍ය මණ්‌ඩල සමුළුව නිමිත්තෙනි

කොටි ත්‍රස්‌තවාදීන් විසින් ඇති දැඩි කර චිත්‍රපට සැදීමට යොදවන ලද කැන්වස්‌ පෑදුණු කපටි වෘකයා වූ කැලම් මැක්‌රේ පිළිබඳ තොරතුරු දෙකක්‌ අප අභිමුව තිබේ. එයින් පළමුවැන්න, එක්‌සත් ජාතික පක්‌ෂයේ සිරිකොත කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට කැලම් මැක්‌රේ ඇතුළු ගෝල පිරිස සහභාගි වීමය. ගෝල පිරිස යනු කැලම් මැක්‌රේගේ ලයිට්‌ බෝයි, කැමරා බෝයි, කටට මයික්‍රෙµdaනය අල්ලන බෝයි යන කණ්‌ඩායමය.

මේ පුවත්පත් සාකච්ඡාවට සහභාගි වූ මංගල සමරවීරගේ පුළුටු මුහුණ, වික්‍රමබාහු කරුණාරත්නගේ බංකොලොත් මුහුණ, සහ තවත් දෙතුන් දෙනෙකුගේ මුඩුම මුහුණු අප වෙත ගෙනාවේ ඉතා කාලකන්නි හැඟීමකි. ජනාධිපති වෙන්නට ඡන්දය ඉල්ලූ වික්‍රමබාහු කරුණාරත්න අන්තිමේදී කොළඹ නාගරික මන්ත්‍රී කෙනෙක්‌ වී එක්‌සත් ජාතික පක්‌ෂයේ පරිහානිගත කණ්‌ඩායම සමග එකට හිඳගැනීම ඉරණම විසින් ඉතා නරකට 'සවුත්තුව' දමනු ලැබීමකි.

පරිහානිගත කණ්‌ඩායම යයි අප කියන්නේ එජාපය තුළ සමෘද්ධිමත් කණ්‌ඩායමක්‌ වෙනම සිටින නිසාය. රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, දයා ගමගේ, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරළ, කරු ජයසූරිය වැනි එකී සමෘද්ධිමත් මිනිස්‌සු මෙවැනි හිඟන වැඩවලදී මග හැර සිටීම කපටි කමක්‌ නොව මැක්‌කන් අතර ලැගීමෙන් වැළකී සිටීමකි. පොදු රාජ්‍ය මණ්‌ඩලය යනු එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හැරුණු විට මේ මොහොතේදී මිහිපිට ඇති දෙවන විශාලතම ජගත් සංවිධානයයි. විදේශික පුවත්පත් කලාවේදීන් දහසකට කිට්‌ටු සංඛ්‍යාවක්‌ මේ මොහොතේදී මෙහි පැමිණ සිටින්නේ මංගල සහ වික්‍රමබාහුගේ දේශපාලන විලාපය අසා සිටීමට නොව මේ ජගත් සැසි වාරය වාර්තා කිරීමටය. කොහොම වුවත් සිරිකොතේ පුවත්පත් සාකච්ඡාව අවසානයේදී කැලම් මැක්‌රේට අතට අත දීමට මංගල සමරවීරට හැකිවිය. ඒ බව අපි රූපවාහිනියෙන් දුටුවෙමු. කෙසේ වුවද 1977 න් පසු ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධනට එරෙහිව නගන ලද අවලාද, තියන ලද දෙස්‌ සහ ඉල්ලන ලද හෙණ සියල්ලම වික්‍රමබාහු කරුණාරත්න විසින් ඉල්ලා අස්‌කරගනු ලැබිය යුතුය. මන්ද ඔහු මේ වන විට හිඳගෙන සිටින්නේ ඡේ. ආර්. ගේ දේශපාලන මන්දිරයේ වැසිකිළි පඩිය මතය.

අප අභිමුව ඇති දෙවන කාරණය, වවුනියාව බලා යමින් සිටි කැලම් මැක්‌රේ ඇතුළු පිරිස අනුරාධපුරයේදී ආපසු හරවා කොළඹ එවීමට උතුරුමැද පළාතේ දේශප්‍රේමී ජනතාව පියවර ගැනීමය. මෙහිදී කැලම් මැක්‌රේ කියන ලද්දේ තමා ඇතුළු පිරිස ජනාධිපති තුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි බවත් ආණ්‌ඩුව කියන නිදහස්‌ මෙහි නැති බවත්ය. පළමුවෙන්ම කිවයුතු වන්නේ මැක්‌රේ මෙහි ආවේ ජනාධිපතිතුමාගේ හෝ ආණ්‌ඩුවේ ආරාධිතයකු ලෙස නොවන බවය. ඔහු මෙහි ඒමට අවසර ඉල්ලා, එම අවසරය ලැබීමෙන් පසු රටට ඇතුළු වූ කෙනෙකි. දෙවනුව කිවයුතුව ඇත්තේ ආණ්‌ඩුව කියන නිදහස මෙන් දෙගුණයක්‌ මෙහි ඇති බවය. එසේ නොතිබුණේ නම් මැක්‌රේට ආපසු එංගලන්තය බලා යැමට සිදු වන්නේ ගුවන් යානයේ මගී අංගනයෙහි ආසනයෙහි හිඳගෙන නොව වෙනත් ආකාරයක ලෑලි කන්ටේනරයක සැතපී කාගෝ බඩු අංගනයේ සිටය. මෙය ඉන්දියාවේ සිදු වුණි නම් මහ පාර දිගේ තල තලා එළවනු ලැබේ. දඹදිව වන්දනාවේ ගිය සිංහලයන් පිරිසක්‌ චෙන්නායි නගරයේදී පාරවල් දිගේ ගුටි කමින් දිව ගිය අයුරු ඔබට මතකද? මේ ජනයා ලංකා ආණ්‌ඩුවට සම්බන්ධ අය නොවේ. ඔවුන් ගුටි කෑවේ මේ රටේ වසර 26 ක්‌ තිස්‌සේ තිබී වසර 04 කට පෙර නිමාවට පත්වූ යුද්ධය නිසාය. ඉතින් මැක්‌රේ, ඔබේ පණ බේරීමම රටේ නිදහස කියා පාන්නක්‌ නොවේද?

http://www.divaina.com/2013/11/15/editor.html

0 comments: