
ඔහු පෙන්වා දෙන්නේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව පත්කිරීම තුළින් රජය ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර ඇති බවයි.
බී.බී.සී. ලෝක සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සල්මන් කුර්ෂිඩ් මහතා මෙම අදහස් පළ කර ඇත.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ගැටලු වලට ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි බවයි.
උතුරු, නැගෙනහිර අවතැන් ජනතාව යළි පදිංචි කරවීමේ වැඩසටහන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති අතර ඊට ඉන්දීය රජයේ ද සහයෝගය ලබාදී ඇති බව සල්මන් කුර්ෂිඩ් පවසා තිබේ.
ශ්‍රී ලංකාව සමඟ සෑම අවස්ථාවකම සහයෝගයෙන් කටයුතු කරන බවත් පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී නොවීම දෙරට අතර ද්විපාර්ශවික සබඳතාවලට බාධාවක් නොවන බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
http://sinhala.adaderana.lk/news.php?nid=38912
0 comments:
Post a Comment