Pages

Sunday, November 17, 2013

රටෙහි සියලු වරදාන විඳ, මහජාතියට තර්ජනය කරන සුලුජාතික දෙමළ අන්තවාදියෝ

පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙරට දී පැවැත්වීම වැළැක්‌වීම සඳහා දැරූ සියලු උත්සාහයන් පරාජයට පත් වූ පසු දෙමළ බෙදුම්වාදී වර්ගවාදීන් දැන් එම රාජ්‍ය නායක සමුළුව හෝ තම අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා යොදා ගැනීමට සූදානම් වේ. ඒ බව තහවුරු වන්නේ පසුගිය 12 වැනි දා යාපනය මාවිට්‌ටිපුරම් කන්දසාමි කෝවිල ඉදිරිපිට උදෑසන 8.00 ට ආරම්භ කරන ලද උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහ ව්‍යාපාරය මගිනි.

එම උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහ ව්‍යාපාරය පැවැත්වීම සඳහා පාදක කරගෙන ඇත්තේ ද පසුගිය කාලය පුරා මෙරට තුළ දී පොදු රාජ්‍ය මණ්‌ඩලීය සමුළුව නොපැවැත්විය යුතු බවට ඉදිරිපත් කරන ලද කරුණු කාරණාවන්මය. එම කරුණු කාරණා මේ දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් රජයට පවරා ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස්‌ නොකිරීම, අතුරුදන් වූවන් පිළිබඳව සොයා නොබැලීම සහ ජාතික ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබා නොදීමය.

එලෙස පොදු රාජ්‍ය මණ්‌ඩලීය සමුළුව මෙරට නොපැවැත්විය යුතු බවට බලපෑම් කිරීම සඳහා යොදා ගත් එම කරුණු කාරණාව පසුගිය 12 වැනි දා ආරම්භ කරන ලද උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහ ව්‍යාපාරය සඳහා යොදාගෙන ඇත්තේ මෙසේය. රජයට පවරාගෙන ඇති උතුරේ ජනතාවගේ පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීම දේශපාලන සිරකරුවන් නිදහස්‌ කිරීම, අතුරු දන් වූවන් පිළිබඳව නිසි පරිදි සොයා බැලීම සහ ජාතික ප්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබාදීමට බලකිරීම සඳහාය.

මෙම කරුණු කාරණාවලින් ප්‍රධානතම කරුණ, එසේත් නොමැති නම් තීරණාත්මක කරුණ ලෙස සැලකිය හැක්‌කේ කඩිනම් විසඳුමක්‌ අපේක්‍ෂා කරන ඊනියා ජාතික ප්‍රශ්නයයි. අනෙකුත් සියලු කරුණු කාරණා එම ඊනියා ප්‍රශ්නය පදනම් කරගෙන ඇති වූ ප්‍රශ්න බව පැහැදිලිය. එනම් එම ඊනියා ප්‍රශ්නය අවි ආයුධ මාර්ගයෙන් විසඳා ගැනීමට ගොස්‌ ඇති වූ ප්‍රශ්න බව පැහැදිලිව සඳහන් කළ හැක. ඒ අනුව දේශපාලන සිරකරුවන් ඇතිවීම, පුද්ගලයන් අතුරුදන් වීම, ආණ්‌ඩුවට ඉඩම් පවරා, ගැනීමට සිදු වීම ඊනියා ජාතික ප්‍රශ්නය හේතුවෙන් ඇති වූ අතුරු ප්‍රශ්න බව පැහැදිලිව සඳහන් කළ හැක. තවත් විධියකට සඳහන් කරනවා නම් සටනට ඇවිත් පරාජයට පත් වී " ඌ මට ගැහුවා" යනුවෙන් කරනු ලබන අභූත චෝදනා ලෙස සඳහන් කළ හැක.

එසේ වුවත් පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුව ඉලක්‌ක කර මෙම උද්ඝෝෂණය සහ සත්‍යග්‍රහ ව්‍යාපාරය පවත් වන බැවින්, විශේෂයෙන්ම එංගලන්තයේ අග්‍රාමාත්‍යවරයා, ඉලක්‌ක කර පවත්වන බැවින් මෙම ඊනියා ජාතික ප්‍රශ්නය පිළිබඳව එම රාජ්‍ය නායකයන්ට නිසි අවබෝධයක්‌ ලබාදීමට ආණ්‌ඩුව විසින් කටයුතු කළ යුතුය.

මොකක්‌ද මේ නොවිසඳී ඇති ජාතික ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය කුමක්‌ ද යන්න විසඳා ගැනීම සඳහා අපට එන්. ජී. ඕ. කාරයන්ගේ හෝ නිර්ධන පංතික විඤ්ඤාණය පහළ වී ඇති හාමුලාගේ මෙන්ම රුපියල් ලක්‍ෂයකට වඩා වැටුප් ගන්නා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හෝ මොළේ උඩ වාඩි වී ලියන විකල්ප පත්තරකාරයන්ගේ හෝ උපදෙස්‌ අවශ්‍ය වන්නේ නැත.

ඒ සඳහා කොතෙකුත් සාධක ඇතත් ඉතා පහසුවෙන් යොමු විය හැකි සාධකය වන්නේ පසුගිය සැප්තැම්බර් 21 වැනි දින පැවැති උතුරු පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයයි. 

එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතා පැහැදිලිව ඊනියා ජාතික ප්‍රශ්නය පිළිබඳව සඳහන් කර ඇත. එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති ආකාරයට උතුර හා නැගෙනහිර වෙසෙන දෙමළ බස වහරන ජනතාවගේ ප්‍රත්‍යසන්න පොදු සාධකයේ ප්‍රබල ලකුණ වන්නේ දෙමළ බස වහරන ජනයාගේ ඓතිහාසික වාසභූමිය වන බවයි. (එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පරිවර්තනයේ සඳහන් කර ඇති ආකාරය)

එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඊනියා ජාතික ප්‍රශ්නය යනු උතුර සහ නැගෙනහිර යන ප්‍රදේශ දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභූමිය ලෙස වෙන් කර ගෙන අවම වශයෙන් පෙඩරල් රාජ්‍යයක්‌ තුළ හෝ දෙමළ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කර ගැනීමට සූදානම් වන බව පැහැදිලි විය යුතුය. මෙබඳු ස්‌ථාවරයක පසුවන දෙමළ වර්ගවාදී බෙදුම්වාදී නායකයන්ට එංගලන්ත අග්‍රාමාත්‍යවරයා වෙත අදහස්‌ ප්‍රකාශ කිරීමට අවස්‌ථාවක්‌ උදා වුවහොත්, අග්‍රාමාත්‍යවරයා හමුවේ මොවුන් ප්‍රකාශ කරන්නේ කුමක්‌ද යන්න පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය.

යාපනයේ මාවිට්‌ටපුරම් කන්දසාමි කෝවිල ඉදිරිපිට උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහ ව්‍යාපාර පවත්වන මෙම දෙමළ වර්ගවාදී බෙදුම්වාදී නායකයන්ට එංගලන්ත අග්‍රාමාත්‍යවරයා සමග අදහස්‌ ප්‍රකාශ කිරීමට අවස්‌ථාව උදාවුවහොත් පැහැදිලිවම ප්‍රකාශ කරනු ඇත්තේ, තම ඓතිහාසික නිජභූමිය සිංහල අධිරාජ්‍යයකට යටත් වී ඇති බවත්, ඒ සඳහා එංගලන්තය පවා වගකිවයුතු බැවින් තම මව්බිමට නිදහස ලබාගැනීම සඳහා උදව් උපකාර කරන ලෙසය.

එබඳු ප්‍රකාශයක්‌ එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් මහතා සමග ප්‍රකාශ කළ විට ඔහු ඊට සංවේදී වීම මෙන්ම අපහසුතාවට ලක්‌වීම ද නොවැළැක්‌විය හැක. ඒ ඩේවිඩ් කැමරන් මහතා එංගලන්තයේ යටත් විජිතයක්‌ වන ස්‌කොට්‌ලන්තයේ ජනතාවට වෙන්වීමට අවශ්‍ය ද නැද්ද යන්න ගැන ජනමත විචාරණයක්‌ පවා පැවැත්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති පසුබිමක්‌ තුළ, දෙමළ වර්ගවාදී බෙදුම්වාදී නායකයන් මෙරට උතුර සහ නැගෙනහිර, ස්‌කොට්‌ලන්තයට සමාන කර අදහස්‌ දක්‌වන පසුබිමක්‌ තුළ එබඳු පසුබිමක්‌ නිර්මාණය වීම නොවැළැක්‌විය හැක.

එබැවින් ආණ්‌ඩුව මෙම අවස්‌ථාවේදී, දෙමළ වර්ගවාදී නායකයන්, ඩේවිඩ් කැමරන් අගමැතිතුමාට කරනු ලබන ප්‍රකාශයන් සත්‍ය නොවන බව අවබෝධකර දීමට කටයුතු කළ යුතුය.

ආණ්‌ඩුව, ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායකයන්ට ප්‍රකාශ කළ යුත්තේ ඓතිහාසිකව තබා නිමේෂයකටවත් උතුර සහ නැගෙනහිර දෙමළ රාජ්‍යයන් නොපැවති බවයි. එහිදී දෙමළ වර්ගවාදී නායකයන් ප්‍රකාශ කරන ආකාරයට ක්‍රි. ව 1619 දී පෘතුගිසීන් දෙමළ නිජභූමියක්‌ ආක්‍රමණය කර නොමැති බවත්, ඉන් අනතුරුව එම දෙමළ නිජභූමිය ලන්දේසීන් සහ ඉංග්‍රීසි පාලකයන්ගෙන් අනතුරුව 1948 දී සිංහල අධිරාජ්‍යයකට යටත් නොවූ බවත් පෙන්වා දිය යුතුය. ඒ සඳහා මහාවංශය නොව ඉංග්‍රීසි ජාතිකයන් විසින්ම ලියන ලද කෘතීන්ම යොදා ගැනීමේ අවස්‌ථාව ඇත. මෙරට යටත් කර ගැනීමට පුරෝගාමීව කටයුතු කළ ඉංග්‍රීසි ආණ්‌ඩුකාර, සේනාධිපති රොබට්‌ බ්‍රවුන්රිග්ගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ ජෝන් ඩේව් 1821 දී රචනා කරන ලද ෂබඑeරසදර දෙ Ceහකදබ (ඩේව් දුටු ලංකාව) නම් කෘතිය ඒ සඳහා විසින් යොදා ගත හැකි එක්‌ කෘතියක්‌ පමණි. එම කෘතියේ ඉතා පැහැදිලි ලෙසම ඒ වන විට උතුරේ ජීවත් වූ ජනතාව හඳුන්වා දී ඇත්තේ මලබාර් වැසියන් යනුවෙනි. එමෙන්ම එම ජනතාව විදේශිකයන් බව ඩේව් ඉතා පැහැදිලිවම සිය කෘතියේ සඳහන් කර ඇත. 1821 වන විටත් උතුරේ සිටියේ මලබාර් වැසියන් නම් ඓතිහාසික දෙමළ නිජභූමියක්‌ පැවතියේ කවදාද, කොහේද?

එබැවින් දෙමළ වර්ගවාදී බෙදුම්වාදී නායකයන් උද්ඝෝෂණ සහ සත්‍යග්‍රහ ව්‍යාපාර ඔස්‌සේ පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුවට එන රාජ්‍ය නායකයන්ගේ අවධානය තමා වෙත යොමු කර ගෙන ඔවුන්ගේ සහයෝගයෙන් දෙමළ ඊළම වෙත පිය නැගීමට සූදානම් වන මේ මොහොතේ ආණ්‌ඩුව කළ යුත්තේ එම සැබෑ ඉතිහාසය ඔවුන් හමුවේ තබා එම ගමන පරාජය කිරීමට කටයුතු කිරීමය.

එසේ කටයුතු නොකළහොත් ඩේවිඩ් කැමරන් ඇතුළු පොදු රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන නායකයන්ට උතුර සහ නැගෙනහිරත් ස්‌කොට්‌ලන්තය සේ පෙනීම නොවැළැක්‌විය හැක. එබඳු තත්ත්වයක්‌ ඇති වුවහොත් උතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස්‌ බලතල ලබාදෙන ලෙසට මෙන්ම උතුර සහ නැගෙනහිර එකතු කරන ලෙසට ආණ්‌ඩුව වෙත ඉල්ලීම් ඉදිරිපත් වීම නොවැළැක්‌විය හැක. එමෙන්ම අවිබලයෙන් ඊලම ලබා ගැනීමට ගොස්‌ පරාජයට පත්වී සිටින දෙමළ වර්ගවාදී බෙදුම්වාදීන් යළිත් ඊලම දිනා ගැනීම ස`දහා චෙල්මනායගම් යුගයේදීමෙන් දිගින් දිගටම සත්‍යග්‍රහ ව්‍යාපාර පැවැත්වීමට ඉඩ ඇත.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය
http://www.divaina.com/2013/11/17/politics04.html

0 comments: