Pages

Saturday, November 16, 2013

රුසියාව, චීනය, වියට්‌නාමය, ඇල්ජීරියාව සහ කියුබාව - ශ්‍රී ලංකාවට මිත්‍ර රටවල් මානව හිමිකම් කවුන්සිලයට පත්වේ

කොටි ඩයස්‌පෝරාවේ සහ මෙරට රාජ්‍ය නොවන සංවිධානවල බලාපොරොත්තු සුන්කරමින් 2014 මානව හිමිකම් කවුන්සිලය සඳහා රුසියාව, චීනය, වියට්‌නාමය, ඇල්ජීරියාව සහ කියුබාව යන රටවල් පත්වී ඇත.

එක්‌සත් ජාතීන්ගේ මහා සභාව විසින් මෙම කවුන්සිලයට ඉහත කී රටවල් ඇතුළු අලුත් රටවල් 14 ක්‌ පත්කර තිබේ.

මෙම රටවල නිල කාලය 2017 තෙක්‌ බල පැවැත්වෙයි. මෙකී සියලුම රටවල් ශ්‍රී ලංකාවට පූර්ණ සහාය දෙන බවට ප්‍රතිඥ දී ඇත.

ශ්‍රී ලංකාවට මිත්‍ර මෙම රටවල් මානව හිමිකම් කවුන්සිලයට පත්වීම ගැන කිසිදු රටක්‌ විරෝධය දක්‌වා නැත.

එහෙත් ඇම්නෙස්‌ටි ඉන්ටනැෂනල් සහ හියුමන් රයිට්‌ස්‌ වොච් ඇතුළු විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන දැඩි ලෙස කෝපයට පත්වී එම රටවල් කවුන්සිලයට පත්වීම ගැන බටහිර රටවල් විරෝධයක්‌ නොනැගීම ගැන චෝදනා කර ඇත.

ශ්‍රී ලංකාවට පක්‍ෂපාතී රටවල් මානව හිමිකම් කවුන්සිලයට පත්වීම ගැන මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේද සලිතවී ඇතැයි ජිනීවා කොටි ජාලය කියා සිටියි.

මානව හිමිකම් කවුන්සිලය සාමාජිකයන් 47 දෙනකුගෙන් සමන්විත වේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/16/news29.html

0 comments: