පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අයවැය ලේඛනයේ හොඳ නරක ගැන මේ දිනවල විවිධ අය විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටිති. මෙවර අයවැයේ වඩාත් කතාබහට ලක්‌වෙමින් තිබෙන කරුණක් වන්නේ ආනයනික භාණ්‌ඩ රැසක් මත රජය විසින් පනවනු ලැබූ ආනයන සෙස් බදු සහ විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදු පිළිබඳවයි. මෙහිදී ආනයනික යන්න අප අමතක නොකළ යුතුය. එනම් මේ බදු පනවා ඇත්තේ විදේශීය භාණ්‌ඩ සම්බන්ධයෙන් මිස දේශීය භාණ්‌ඩ සම්බන්ධයෙන් නොවන බවයි. උදාහරණයක් වශයෙන් කරවල, ටින් මාළු සහ මුං ඇටවලට මෙවර අයවැයෙන් විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදු ඉහළ නංවා ඇත. එහෙත් මේ බද්ද, දේශීය වශයෙන් නිපදවන කරවල, ටින් මාළු හෝ මුං ඇට සඳහා අදාළ වන්නේ නැත. එහෙත් කරවල පිටරටින් ආනයනය කිරීමට ගියහොත් රේගුවේදී අදාළ බදු අය කරනු ලබන බව සත්‍යයකි. ඒ නිසා අපේ ජනතාව ආහාරයට ගන්නා කරවල කෑල්ලට, ටින් මාළුවලට සහ මුං ඇට සඳහා රජය බදු පනවා ඇතැයි කීම පූර්ණ වශයෙන් නිවැරැදි නොවේ.
රජය මෙවර අයවැයෙන් බදු පනවා ඇති භාණ්‌ඩ බොහොමයක් දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ඒවාය. එසේත් නැතහොත් අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්‌ඩය ඒ නිසා ලංකාවේ නිෂ්පාදනය කරන කරවල කෑල්ලට රජය බදු පනවා නැත. එහෙත් මේ බව නොකියා ජනතා විමුක්‌ති පෙරමුණේ මෙන්ම, එක්‌සත් ජාතික පක්‍ෂයේ අයද කියන්නේ පාරිභෝගික භාණ්‌ඩ රැසක් මත රජය බදු පනවා ඇති බවත්, ඒ නිසා බඩු මිල මෙන්ම ජනතාවගේ බදු බර ද ඉහළ යන බවයි. මෙහි දෙපැත්තක් තිබේ. එනම්, ලංකාවේ නිෂ්පාදනය කළ හැකි සහ ලංකාවේ නිෂ්පාදනය කළ නොහැකි වුවත් අත්‍යවශ්‍ය නොවන පාරිභෝගික භාණ්‌ඩ අඩු මිලට අසීමිතව මේ රටට ආවොත් ඉන් හානිය වන්නේ කාටද? දේශීය නිෂ්පාදකයාටය. දේශීය කර්මාන්තකරුවාටය. ඒ නිසා දේශීය නිෂ්පාදන ආර්ථිකයන් වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටින්නේ නම් ඒ අය විදේශීය ආනයනික භාණ්‌ඩ මත රජය විසින් බදු පැනවීම විශාල ප්‍රශ්නයක් කරගත යුතු නොවේ. එහෙත් එය ඔවුන් විසින් විශාල ප්‍රශ්නයක් කර ගැනීම තුළින් ඔවුන්ගේ මතවාදය සහ ක්‍රියාකාරීත්වය අතර ඇති පරස්‌පරය පෙන්වනු ලබයි.
ආනයන සෙස් බදු පනවා ඇති භාණ්‌ඩ ලැයිස්‌තුව දැනටමත් මාධ්‍ය තුළින් ප්‍රසිද්ධියට පත් වී ඇත. ඒ තුළ මීකිරි, කැපූ මල්, කොළ අතු, එළවළු වර්ග, හතු වර්ග, මඤ්ඤොක්‌කා, බතල හා ඒ සමාන අල වර්ග, අන්නාසි අලිගැටපේර, පේර, අඹ, මැංගුස් කොමඩු, ගස්‌ලබු, පෙයාර්ස්, එµs්‍රකැට් වර්ග, චෙරි, පීච් වැනි පළතුරු වර්ග, සීනි ආශ්‍රිත රස කැවිලි, චොකලට්, පැස්‌ටා හා සමාන නිෂ්පාදන, අයිස්‌ක්‍රීම්, ජලය, කොසු හා බුරුසු, හඳුන්කූරු සහ ඉටිපන්දම් වැනි නිෂ්පාදන ද තිබේ. එම භාණ්‌ඩ ලැයිස්‌තුව තුළ තවත් බොහෝ දේවල් තිබේ. මේවාට බදු අය වන්නේ පිටරටින් ගෙන්වන විට රේගුවේදීය. ඒ නිසා මේ බදු පනවා ඇත්තේ විදේශීය භාණ්‌ඩවලටය.
දේශීය වශයෙන් නිෂ්පාදනය කර ගත හැකි මේ භාණ්‌ඩ බොහොමයක් අඩු මිලට ආනයනය කිරීමට අප ඉඩ දිය යුතුද? දේශීය නිෂ්පාදන සහ පරිභෝජන රටාවක් කරා ගමන් කිරීමේදී මෙවැනි පියවර ගැනීම වැදගත් බව අපේ හැඟීමයි. මහජනතාව ද හැකිතාක් දුරට දේශීය ආහාර හා නිෂ්පාදන පාරිභෝජන රටාවකට යොමු වන්නේ නම් ඒ අයට මේ සෙස් බදු පැනවීම විශාල ප්‍රශ්නයක් නොවේ. එහෙත් විදේශීය භාණ්‌ඩ පරිභෝජනය කරන්නේ නම් එහිදී එම භාණ්‌ඩ සම්බන්ධයෙන් ඉදිරියෙදී වැඩි මිලක් ගෙවන්නට පාරිභෝගිකයාට සිදුවන බව නම් සත්‍යයකි. රජය අදාළ ආනයන සෙස් බදු පැනවීම සම්බන්ධයෙන් අයවැය ලේඛනයේ සඳහන් කර ඇත්තේ ද දේශීය වශයෙන් කරනු ලබන එකතු කළ අගය සහිත නිෂ්පාදන වැඩි කිරීම දිරිගැන්වීම සහ දේශීය නිෂ්පාදන දිරිගැන්වීම සඳහා අදාළ අයිතමයන්ගේ (භාණ්‌ඩවල) සෙස් අනුපාත සංශෝධනය කරනු ලබන බවයි.
එහෙත් මෙහිදී පාරිභෝගිකයින්ගේ පැත්තෙන් රජයට සිහිපත් කළ යුතු තවත් කරුණක් තිබේ. ආනයන බදු පැනවූ ඇතැම් පාරිභෝගික භාණ්‌ඩ සම්බන්ධයෙන් දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නැත්නම් ඇති වන තත්ත්වය කුමක්‌ද? සීනි සහ ටින් මාළු වැනි නිෂ්පාදන ගත්විට ඒ සඳහා දේශීය පරිභෝජන අවශ්‍යතා සපුරාලීමට තරම් ප්‍රමාණවත් නිෂ්පාදනයක් තවමත් රට තුළ සිදු නොවේ. එවිට එවැනි භාණ්‌ඩවල දේශීය පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීමට නම් ඒවා අනිවාර්යයෙන්ම විදේශයන්ගෙන් ආනයනය කිරීමට සිදුවීම වැළැක්‌විය නොහැකිය. එවිට මෙවර අයවැයෙන් පැනවූ නව බදු හරහා සීනි, ටින් මාළු පමණක් නොව තවත් එවැනි ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් ඉහළ යැමෙන් පාරිභෝගික ජනයා අසීරුවට පත්වීමද සිදුවේ. මේ සඳහා රජයට විසඳුමක් තිබේද? දේශීය නිෂ්පාදනය වැඩි කිරීම ඉතා හොඳය. එහෙත් එය කෙටි කාලයක් තුළ වහාම කළ හැකි දෙයක් නොවේ. එතෙක් කලක් පාරිභෝගික ජනයා කරන්නේ කුමක්‌ද? 2012 වසරේ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ ද සීනි, මාළු, ධාන්‍ය හා වෙනත් නිෂ්පාදනයන්ගේ වාර්ෂික ආනයන මගින් නිෂ්පාදන නොගැලපීම්වල ප්‍රමාණය පෙන්නුම් කෙරෙන බවයි. එම වාර්තාවම පෙන්වා දෙන්නේ 2012 වසරේ භාණ්‌ඩ හා සේවාවල දේශීය පරිභෝජන අවශ්‍යතාවයෙන්, දේශීය නිෂ්පාදන දායකත්වය සැපයී ඇත්තේ සියයට 73.3 ක් දක්‌වා පමණක් වන බවයි. ඒ නිසා දේශීය නිෂ්පාදනය වැඩි කිරීම සඳහා විවිධ ක්‌ෂේත්‍රවල අවස්‌ථා රැසක් තිබුණත්, එම ක්‌ෂේත්‍රවල භාණ්‌ඩ සඳහා සෙස් බදු හෝ විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බදු පැනවූ පමණින් දේශීය නිෂ්පාදනය ඉහළ යැමක් සිදු නොවන නිසා පාරිභෝගිකයාගේ පැත්තෙන් තම පරිභෝජන අවශතා සපුරා ගැනීමේදී භාණ්‌ඩ මිල ගණන් ඉහළ යැමකට මුහුණ දීමට ඔවුන්ට අනිවාර්යයෙන්ම සිදුවේ.
රටේ වාර්ෂික ආනයන වියදම අපනයන ආදායම මෙන් දෙගුණයක් වන අතර, ඒ තුළින් මතුව ඇති වෙළෙඳ හිඟය (ආනයන වියදම සහ අපනයන ආදායම අතර පරතරය) රටේ ආර්ථික කළමනාකරණයේ ප්‍රධාන අභියෝගයක් බවටද පත්ව ඇත. මේ නිසා අපනයන ආදායම හැකිතාක් වැඩි කර ගැනීමට සහ (අනවශ්‍ය) ආනයන වියදම් හැකිතාක් සීමා කර ගැනීමටද අප විසින් පියවර ගත යුතු වේ. වාර්ෂිකව ආනයනික ආහාර ද්‍රව්‍ය මත අපි විශාල වියදමක් දරමින් සිටිමු. මෙලෙස විශාල වශයෙන් ආනයන මත යෑපෙන තත්ත්වය වෙනස් කර ගත යුතුව තිබේ. ඒ නිසා රජය අදාළ සෙස් බදු පනවා ඇත්තේ එම භාණ්‌ඩ මත බදු පනවා රජයට ආදායමක් උපයා ගැනීමට වඩා එම ආනයන අධෛර්යමත් කිරීමට සහ දේශීය නිෂ්පාදනය දිරි ගැන්වීමට බව අපට පෙනෙන්නට තිබේ. එහෙත් මේ මතවාදය තුළ සිට බැලීමේදී මෙවර අයවැයෙන් ඉහළ තත්ත්වයෙන් යුතු පෑන්, ටයිපටි සහ බෝ ටයිපටි වැනි දේට පැවති සෙස් බදු ඉවත් කිරීම නම් ගැටලු සහගතය.
බදු ආදායමේ අඩුවෙමින් පවතින ප්‍රවණතාව මෙන්ම, දැනට රජයට එකතු වන බදු ආදායමෙන් වැඩි බරක් පැටවී ඇත්තේ වක්‍ර බදු හරහා අති මහත් බහුතර සාමාන්‍ය ජනයා මත වීම නම් අහිතකර තත්ත්වයකි. වක්‍ර බදු (Indirect Tax)) යනු භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීම හරහා දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියලු ජනයා රජයට ගෙවන බදු මුදල් ය. වක්‍ර බදු භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීම හරහා අයවන බැවින් ආදායම් මට්‌ටමේ වෙනසකින් තොරව සියලු දෙනා මත පැටවෙනුයේ සමාන බදු බරකි. රජයේ මුළු ආදායම දෙස බැලූ විට සියයට 80 ක් ම ඇත්තේ වක්‍ර බදුය. පුද්ගලයන් හෝ ආයතන උපයන ආදායම මත අය කරගන්නා සෘජු බදු (direct Tax) ප්‍රමාණය ඇත්තේ රජයේ මුළු බදු ආදායමෙන් සියයට 20 ක් පමණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2012 වාර්ෂික වාර්තාවේ මෙසේ සඳහන්ය. (පි. 160)
"වක්‍ර බදු ආදායම ප්‍රධානතම ආදායම් ප්‍රභවය වූ අතර 2011 දී මුළු බදු ආදායමෙන් සියයට 80.6 ක් වූ එය 2012 දී මුළු බදු ආදායමෙන් සියයට 79.6 ක් විය. මුළු බදු ආදායමෙන් ආදායම් බදු ප්‍රතිශතය 2011 වසරේ පැවැති සියයට 19.4 සිට 2012 වසරේදී සියයට 20.4 දක්‌වා ඉහළ ගියේය."
මුළු බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස ආදායම් බදු ආදායම සුළු වශයෙන් ඉහළ ගොස් තිබුණත් රජයේ මුළු බදු ආදායමෙන් සියයට 80 ක් ම වක්‍ර බදු වීමෙන් අපට පැහැදිලි වන්නේ, රජයේ බදු ආදායමෙන් සාපේක්‍ෂව වැඩි බරක් පැටවී ඇත්තේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මත බවයි. මේ අතරම ආදායම් බදු ගෙවීමට හැකියාව තිබෙන බොහෝ පිරිසක් නිසි පරිදි බදු ගෙවීමෙන් වැළකී සිටින බවද පෙනේ. ඇතැම්හු තම ධනය හා බලය හමුවේ බදු ගෙවීමෙන් වැළකී සිටිති. මේ සියල්ලේ කරුමය පැට වී ඇත්තේ සාමාන්‍ය ජනයා මතය. ඒ නිසා මහාමාර්ග, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළ, වරාය ඇතුළු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට බදු ගෙවිම හරහා සාපේක්‍ෂව වැඩියෙන් දායක වී සිටින්නේ අඩු ආදායම් ලබන අති මහත් බහුතර ජනතාවයි. එහෙත් මේ යටිතල පහසුකම් වැඩි වශයෙන් භුක්‌ති විඳින්නේ කවුද? ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන් හා ඉහළ ආදායම් ලබන්නන්ය. ඒ නිසා රජයේ යටිතල පහසුකම් සංවර්ධනයේ වැඩි බරක් පැටවී ඇත්තේ සාපේක්‍ෂව ඒවා අඩුවෙන් භූක්‌ති විඳින බහුතර සාමාන්‍ය ජනතාව මත බව පෙනේ. කාලාත්තරයක් තිස්‌සේම පවතින මේ විෂමතාවට, අසාධාරණයට අයවැය ලේඛනය තුළ පිළිතුරක් ඇති බවක් ද පෙනෙන්නට නැත. ඒ නිසා රජයේ මුළු බදු ආදායමෙන් සියයට 80 ක් වක්‍ර බදු හරහා අයකර ගැනීමේ තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් කර, ආදායම් බදු ආදායම ඉහළ නංවා ගැනීමට ප්‍රායෝගික ක්‍රමවේද දියත් කළ යුතු වේ. මේ සඳහා මුදල් අමාත්‍යාංශය ඇතුළු ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍යය. අයවැය ලේඛනයක අන්තර්ගත දේ තුළින් පමණක්‌ම එහි සඳහන් දේ එලෙසින්ම ඉටු වන බවට සහතිකයක් නැත. එනම් අයවැය ලේඛනයක සඳහන් දේ තුළින් පමණක් අපට අනාගතය පිළිබඳ ඉතා යහපත් චිත්‍රයක් ඇති කර ගත නොහැකිය.
එහි සඳහන් දේ එලෙසින් ඉටු වීමට මෙන්ම නොවීමටද ඉඩ තිබේ. ඒ සඳහා නොයෙකුත් හේතු තිබෙන්නට පුළුවන. මේ වසරේ (2013) ජනවාරි සිට සැප්තැම්බර් දක්‌වා අයවැය තත්ත්වය පරීක්‍ෂා කිරීමෙන් මේ බව අපට පැහැදිලි වේ. (වගුව බලන්න) ඒ අනුව මේ වසරේ(2013) පළමු මාස 9 දී රු. බිලියන 925.6 ක (රු. කෝටි 92560 ක) මුළු ආදායමක් උපයාගැනීමට අප ඉලක්‌ක කළ ද, අදාළ කාලය තුළ අපට උපයා ගතහැකි වී තිබෙන්නේ රු. බිලියන 780.2 ක් (රු. කෝටි 78020 ක්) පමණි. මේ කාලය තුළ ඇස්‌තමේන්තුගත ආදායම රු. බිලියන 145.4 කින් (රු. කෝටි 14540 කින්) පහත වැටී තිබේ. අදාළ කාලය තුළ මුළු ආදායම සමන්විත වන බදු ආදායම රු. කෝටි 13420 කින් සහ බදු නොවන ආදායම රු. කෝටි 1110 කින් ද අඩු වී තිබේ. මේ අතරම රජයේ ඇස්‌තමේන්තුගත වියදම ද රු. කෝටි 9570 කින් අඩු වී තිබේ. ඇත්ත වශයෙන්ම රජයේ ආදායම් අඩු වුවද අයවැය හිඟය ඉලක්‌ක කළ මට්‌ටමේ පවත්වා ගැනීමට හැකිව තිබෙන්නේ රජයේ වියදම අඩු කර ගැනීම තුළිනි. ඒ නිසා අයවැය ලේඛනයක අන්තර්ගතය පිළිබඳ හරි තක්‌සේරුවක් ඇති කරගත හැක්‌කේ, එම වසර අගදී එහි සඳහන් දේ කෙතරම් ඉටු වී අපේක්‍ෂා කළ පරිදි අයවැය අරමුණු ඉටු කර ගැනීමට අප සමත් වී තිබේද යන කරුණ මතය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී අනපේක්‍ෂිත තත්ත්වයන්ට මුහුණ දීමට ඕනෑම රජයකට සිදුවිය හැකි වුවත්, අප හැකිතාක් උත්සාහ කළ යුත්තේ අදාළ අයවැය රාමුව තුළ ගමන් කරමින් අයවැය ලේඛනයකින් අපේක්‍ෂිත දිගුකාලීන ආර්ථික සංවර්ධන අභිමතාර්ථ ඉටු කර ගැනීමටය. එනම් අයවැයක් යනු කිසියම් වසරක රජයේ ආදායම් වියදම් තත්ත්වය කළමනාකරණය කිරීමට වඩා එහා ගිය, රටක අනාගත ගමන්මගේ දිශානතිය තීන්දු කරන දිගුකාලීන දැක්‌මක් සහ වැඩපිළිවෙළක් සහිත ලේඛනයක් විය යුතු බවයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/11/28/feature01.html

0 comments:
Post a Comment