Pages

Saturday, November 30, 2013

එල්ටීටීඊ ම්ලේච්චත්වය කියන චිත්‍රපටයක්‌ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ | The Last Phase


එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්චත්වය පෙන්නුම් කරමින් හිටපු එල්ටීටීඊ ප්‍රබල ක්‍රියාකාරිනියක කරන පාපොච්ඡාරණයක්‌ අලලා සැකසුණු කෙටි චිත්‍රපටයක්‌ බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රදර්ශනය කිරීමට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ඉකුත් 28 වැනිදා අවස්‌ථාව හිමි විය.

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නිසා තමා හා තම දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ ජීවිත ඛේදනීය ඉරණමකට ගොදුරු වූ අයුරු එම එල්ටීටීඊ ක්‍රියාකාරිණිය ඉතා සංවේදී ලෙස ලෝකයට කියන අන්දම අන්තර්ගත වන අයුරින් මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය වී ඇත. මෙම ප්‍රදර්ශනය සඳහා පැය දෙකක කාලයක්‌ ශ්‍රී ලංකාවට ලබා දීමටද යුරෝපා පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම චිත්‍රපටය යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ විකාශය කෙරුණු අවස්‌ථාවේ එහි රැස්‌ව සිටි යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විදේශ තානාපති නිලධාරීන් ඇතුළු සියලු ආරාධිතයන් දැඩි වික්‍ෂිප්තභාවයකට පත්වූ බව බ්‍රසල්ස්‌හි දූතමණ්‌ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 

ජීවන් චන්දිමාල් නමැති ශ්‍රී ලාංකිකයකු "අවසාන පියවර" (The Last Phase) යන තේමාව යටතේ දැනට යාපනය වඩුක්‌කෝඩෙයි ප්‍රදේශයේ ජීවත් වන කොටි ක්‍රියාකාරිණියක වූ ජයවදනී නමැති තිදරු මවක වටා ගෙතුනු සත්‍ය සිදුවීම් මාලාවක්‌ යොදා ගනිමින් මෙය නිර්මාණය කර ඇත.

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියාකාරිත්වය හමුවේ යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ජෙෆ්රි මැන් හෝඩ්න් මහතාගේ පූර්ණ සහාය ලබා ගනිමින් එය බ්‍රසල්ස්‌හි ප්‍රදර්ශනය කිරීමට අවස්‌ථාව හිමි හිමි කරගෙන තිබෙන අතර මෙම ප්‍රදර්ශනයෙන් අනතුරුව එය නැරඹූ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු තානාපතිවරුන් මෙම සත්‍යය ලෝකයට ගෙන යැමට ශ්‍රී ලංකාව කටයුතු නොකරන්නේ ඇයිදැයි යනුවෙන් ප්‍රශ්න කිරීමක්‌ සිදු කර ඇත.

සමන් ගමගේ
http://www.divaina.com/2013/11/30/news36.html

YouTube Trailers |
සබැඳි තොරතුරු -
ත්‍රස්තවාදයේ සැගවුන තැන් සොයා ගිය “The Last Phase” එළිදැක්වේ

එල් ටි ටි ඊ කාන්තා සෙබලියකු මානුෂීය මෙහෙයුමේ අවසන් අධියරේදී මුහුන පැ අද්දැකිමි ඇතුලත් සත්‍ය කතාව විදහා දක්වන ‘The Last Phase’ නැමති වාර්තාමය චිත්‍රපටය එළිදැක්වීම ඊයේ (මැයි 20) දින කොළඹ ලේක්සයිඩ් හෝටලයේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

විනාඩි 45 ක කාලයක් පුරා දිවෙන මෙම වාර්තාමය චිත්‍රපටය දේශිය චිත්‍රපට කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන ජීවන් චන්දිමාල් විසින් අධ්‍යක්ෂණය කර ඇත.

එල් ටී ටී ඊ සංවිධානය විසින් අනාථ ළමුන් සදහා ඇති කරන ලද සෙන්චෝලෙයි නැමති අනාථ නිවාසයක හැදි වැඩෙන මෙම දමිළ ජාතික ලදැරිය ජයවඩනි එල් ටි ටි ඊ කාන්තා සෙබලියකු දක්වා හැදී වැඩෙනුයේ ත්‍රස්ත සංවිධානය විසින් සිංහල ජාතිය සම්පූර්ණයෙන්ම පිලිකුල් සහගත ලෙස හෙලා දකිනු ලැබිම සදහා පොළබවන ලද පරිසරයකදීය. ඇයද අනෙක් ළමුන් මෙන් හැදී වැඩෙනුයේ ආයුධවලින් සන්නද්ධ පරිසරයකය. ඇය දක්ෂ ශිෂ්‍යාවක් වුවද ඇයට තම බලාපොරොත්තුව වූ උසස් අධ්‍යාපනයේ දොරටු විවරකරගැනිමට ත්‍රස්ත සංවිධානය විසින් ඉඩ ලබාදෙනු නොලැබේ. ඒ වෙනුවට ඇය ත්‍රස්ත සංවිධානයේ හෙද සාමාජිකාවක ලෙස බදවා ගනු ලැබිණ.

යුද්ධයේදී හා යුද්ධයේ අවසන් අධියරේදී ඇය දුටු දසුන්වලින් හා ඒ කාලය තුලදී අත්විදි දේවල් අද වන විට ඇගේ ජීවිතයේ කිසිදා නොමැකෙන කැලැල් බවට පත්ව ඇත. එල් ටී ටී ඊ ත්‍රස්ත සංවිධානය විසින් සිවිල් වැසියන්ට හා ඔවුන්ගේම සාමාජිකයිනට යුද කාලය තුලදී කරන ලද විවිධ අසාධාරණකම් හා දරුණු වධ හිංසා පිලිබඳව ඇය හා ඇගේ පවුලේ සාමාජිකයින් සාක්ෂි දරණු ලැබේ.

ජයවඩනි ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයින් යුද්ධයේ අවසන් අධියරේදී සිය ජීවිත බේරාගෙන යුද හමුදා පාලන ප්‍රදේශ කරා ගමන් කරන විට එල් ටී ටි ඊ සංවිධානය විසින් කරන ලද ප්‍රහාරයක ප්‍රථිපලයක් වශයෙන් පවුලේ සාමාජිකයින් වෙන්වන අතර ඔවුන් නැවත මුණ ගැසෙනුයේ මාසයකට පමණ පසුව ආරක්ෂක හමුදාවල සහායෙනි.

මෙම වාර්ථාමය චිත්‍රපටයෙන් මෙම සාමාජිකාවගේ සත්‍ය ජීවිත කතාව හා සෙන්චෝලෙයි නැමති අනාථ නිවාසවල සැබෑ තත්වය මැනෙවින් විස්තර කර ඇති අතර එය ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිලිබඳව හා යුද්ධයේදී ආරක්ෂක හමුදා විසින් මානුෂීය අයිතීන් කඩකරන ලදැයි මොරනගන උදවියට කදිම පිළිතුරකි.

මෙම උත්සවයේ විශේෂ දේශණය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්තා සෙනවිරත්න මහත්මිය විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාව පසුගිය දශක 3 ක පමණ කාලයක් තිස්සේ ලෝකයට මරාගෙන මැරෙන ත්‍රස්තවාදය හදුන්වා දුන්, කුඩා ළමුන් අතට තුවක්කුදී යුද පෙරමුණට යැවූ හා අහිංසක සිවිල් ජනතාව හා තමන්ගේම කණ්ඩායමේ සිට ආබාධිත තත්වයට පත්වූ සාමාජිකයින් අමු අමුවේ මරා දැමූ බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායමට එරෙහිව සටන් කර එය ජයග්‍රහණය කලේය. එසේම මෙම ත්‍රස්තයින්ගේ බිහිසුණු ක්‍රියාවන් මෙරටට පමණක් සීමා නොවුන අතර ඔවුන්ගේ ක්‍රියා කලාපයට විරුද්ධ වූ අසල්වැසි රටවල් කරාද ව්‍යාප්ත විය.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කලාපය විශිෂ්ඨ එකක් විය. ලෝකයේ කිසිදු රටක මේ වන තෙක් එම රටට එරෙහිව ආ එවැනි ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයන් සාර්ථකව පුනරුත්ථාපනය කර ඔවුනට නිවාස තනාදී, වෘතීය පුහුණුව තුලින් රැකියා ලබාදී ඔවුන් රැකබලා ගනිමින් නැවත පෙර සිටි තත්වයට ගෙන විත් නොමැති අතර අප රටට මෙතරම් කෙටි කලක් තුලදී එම කාර්යය කිරීමට හැකිවිය. යුද්ධය නිමාවීමෙන් පසුව අප රට විසින් මුලු ලෝකයටම ලබා දුන් හොදම ආදර්ශය වූයේද එයයි.

එසේම මෙම වාර්ථාමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ජයවඩනි නැමති හිටපු එල් ටී ටී ඊ සාමාජිකාවද රජය විසින් කරගෙන යනු ලබන මෙම වැඩපිලිවෙලට සහාය දෙමින් මෙතෙක් කල් ලොවට වසන් වී තිබූ එහි නියම සත්‍යය හෙළි කිරීමට දායකවීම පිළිඹදව පැසසිය යුතුය.

චිත්‍රපටය පෙන්විමෙන් අනතුරුව ඒ පිළිබඳව විද්වත් සාකච්ඡාවක්ද පවත්වන ලද අතර ඒ සදහා කොළඔ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ෂර්යා ස්කාන්ගිවල්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රෝස් විජේසේකර මහත්මිය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය සහභාගී වූහ.

ඊයේ පැවති මෙම වාර්ථාමය චිත්‍රපටය එළි දැක්වීමේ අවස්ථාව සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදේශීය රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින්, අධ්‍යාපනඥයින් ඇතුළුව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

http://www.gossiplankahotnews.com/2013/05/last-phase.html

0 comments: