Pages

Monday, November 25, 2013

දක්ෂ සෞඛ්‍ය වෘතිකයන් ඇගයීමට

රටට අභිමානයක් ගෙන දෙන දක්ෂ වෛද්‍යවරුන් ඇගයීමට ලක් කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දස්කම් දක්වන වෛද්‍යවරුන් හෙද නිලධාරීන් ඇතුළු සියලූ දෙනාට ජනාධිපති සම්මාන ලබාදීමේ වැඩසටහනක් ලබන වසරේ සිට අරඹන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පසුගිය කාලයේදී විස්කම් සැත්කම් සිදුකළ වෛද්‍යවරුන් පිළිබදව මාධ්‍ය මගින් වාර්තා වූ බව පෙන්වා දුන් සිරිසේන මහතා මෙම රාජ්‍ය සම්මාන ලබාදීමේ වැඩසටහන ලබන වසරේ සිට වාර්ෂිකව කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ වසරේදීම මේ රාජ්‍ය සම්මාන දීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී එවකට අමාත්‍යංශයේ සිටි ඉහළම නිලධාරීන් කිහිපදෙනෙකු මෙසේ සම්මාන ලබාදීම අමාරු වැඩක් යැයි පවසමින් එය ප‍්‍රතික්ෂේප කළ බවද අමාත්‍යවරයා පැවසීය.

වාර්ෂිකව දක්ෂ වෛද්‍යවරුන් දස දෙනෙකු තෝරා ජනාධිපති සම්මාන ලබාදීම සදහා නිර්දේශ කිරීමට එම නිලධාරීන් පිරිසට නොහැකි වීම කණගාටුවට කරුණක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

http://lankacnews.com/sinhala/news/105127/

0 comments: