Pages

Saturday, November 16, 2013

සහයෝගයෙන් වැඩකර දියුණුව කරා යමු - පොදු රාජ්‍ය මණ්‌ඩලීය මහලේකම්

පොදු රාජ්‍ය මණ්‌ඩලය ප්‍රජාතන්ත්‍රවාදයට, විවිධත්වයට ගරු කරමින් එක්‌ එක්‌ ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කරගනිමින් දියුණුව කරා ගමන් කළ යුතු යෑයි පොදු රාජ්‍ය මණ්‌ඩලයීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා 22 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව අමතමින් ඊයේ (15 වැනිදා) පැවසීය.

එහිදී මහලේකම්වරයා මෙසේද කීවේය.

මතුවන අභියෝගවලට නොපැකිලව මුහුණ දෙමින් පොදු රාජ්‍ය මණ්‌ඩලයට දිගු ගමනක්‌ යැමට තිබෙන බව සඳහන් කළයුතුයි. දැනුම බෙදාහදා ගනිමින් ඒ ගමන එකාවන්ව යා යුතුයි. පොදු රාජ්‍ය මණ්‌ඩලයේ කාර්යභාරය විය යුත්තේ ලෝකයේ රටවල් සමීප කිරීමයි.

පොදු රාජ්‍ය මණ්‌ඩලයේ අරමුණ සියලුදෙනා එක පවුලක සාමාජිකයන් මෙන් කටයුතු කරමින් ඉදිරියට යැමයි. මෙහි සාමාජික රටවල් බෙදී වෙන්වී සිටිනවාට වඩා සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවය වැදගත් වෙනවා. පොදු රාජ්‍ය මණ්‌ඩලය ප්‍රජාතන්ත්‍රවාදයට, විවිධත්වයට ගරු කරමින් එක්‌ එක්‌ ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කරගනිමින් දියුණුව කරා යැම වැදගත්.

මෙය දේශපාලන අගනාකම් සංවර්ධනය කිරීම හෝ වෙනත් යමක්‌ වෙනුවෙන් පවතින්නක්‌ නොවේ. මේ සියල්ල අපේ ප්‍රඥප්තියේ සඳහන් කර තිබෙනවා. පොදු රාජ්‍ය මණ්‌ඩලය කළ යුතු ඉතාම වැදගත් පණිවුඩය වන්නේ අපි බෙදාවෙන් කිරීමක්‌ නොව එක්‌ව කිරීමයි. එකිනෙකාව ඉවත් කිරීමකින් නොව වෙනස්‌ අනන්‍යතාවක්‌ සමග ඔවුන්ට ගරු කිරීම කළ යුතු වෙනවා. එකාවන්ව සිට සත්කාරක රට සහ සියලු නායකයන් එක්‌ව කටයුතු කළයුතු වෙනවා. අපේ සමාජවල සිටින සියලු දෙනාම සෞභාග්‍ය බෙදාගත යුතු වෙනවා. කිසිවකු මගහැරිය යුතු නැහැ. අපි සියලුදෙනා සමගම කටයුතු කරනවා. ආසියාවේ වසර 24 කට පසුව මේ සමුළුව පවත්වනවා. 1971 දී මීට පෙර සිංගප්පූරුවේදී සමුළුවක්‌ පැවතියා. 1989 දී ක්‌වාලාලම්පූර්හිදී සමුළුවක්‌ පැවතියා. අපිට මේ අවස්‌ථාව ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ස්‌තූතිය පිරිනමනවා. පොදු රාජ්‍ය මණ්‌ඩලයීය ආරම්භක සාමාජිකයකු වශයෙන් ශ්‍රී ලංකාව විශාල කැපකිරීමක්‌ කර තිබෙනවා. එය තවදුරටත් සිදුවෙනවා.

කීර්ති වර්ණකුලසූරිය, චතුර පමුණුව, අනුර බාලසූරිය
http://www.divaina.com/2013/11/16/news11.html

0 comments: