Pages

Saturday, November 16, 2013

ඇමරිකාවට හා බි‍්‍රතාන්‍යට පහර දීමට සිරියානු කරුලිකරුවන් සැරසේ

සිරියානු අර්බුදය තුළ සටන් වදින අල් කයිඩා සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් සහ ඒ හා එක්වෙන විදේශික සටන්කාමීන් මෙම යුද්ධය ඇමරිකාවට හා බි‍්‍රතාන්‍යයට ව්‍යාප්ත කරන බවට අනතුරු අගවා තිබේ.

අන්තර්ජාලයේ වීඩියෝවක් පළ කරමින් ඔවුන් පවසා ඇත්තේ එම රාජ්‍යයන් තමන්ගේ මීළග ඉලක්කය වනු ඇති බවයි.

බි‍්‍රතාන්‍ය ජාතිකයන් 100ක් පමණ කැරලි කණ්ඩායම් හා එක්ව ඇති අතර ඇමරිකාව, කැනඩාව, ප‍්‍රංශය, රුසියාව සහ නෙදර්ලන්තය යන රටවල පුරවැසියන්ද සිරියාව තුළ සටන් වදිමින් සිටින බව පැවසේ.

ජර්මානු බුද්ධි අංශ විසින් පසුගියදා අනතුරු අගවා ඇත්තේ තම පුරවැසියන්ද සිරියාව බලා යාමේ ප‍්‍රවණතාවයක් වර්ධනය වෙමින් පවතින බවයි.

විවිධ රාජ්‍යයන් 29ක පුද්ගලයන් සිරියානු කැරලිකරුවන් හා එක්ව සටන් වදින බව මැයි 18දා ජනාධිපති බෂාර් අසාද් විසින්ද පවසනු ලැබිණි.

සවුදි අරාබිය, කටාර් රාජ්‍යය සහ තුර්කිය යන කලාපීය රටවල් වලින් සහ බටහිර ජාතීන්ගෙන් සිරියානු කැරලිකරුවන්ට යුධෝපකරණ සහ මූල්‍යමය සහයෝගය හිමි වන බව විශ්වාස කෙරේ.

http://lankacnews.com/sinhala/foreign-news/104739/

0 comments: