Pages

Friday, November 15, 2013

න්‍යාය පත්‍රයට පිටින් චෝදනා එපා - රජය

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේ න්‍යාය පත්‍රයට පිටින් ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා රජය බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත.

මෙම සමුළුවේදී යුද අපරාධ චෝදනා ගැන ප්‍රශ්න කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ලන්ඩන් නුවරදී කොටි ඩයස්‌පෝරා කණ්‌ඩායමට ප්‍රතිඥ දී තිබේ.

ශ්‍රී ලංකාව තවදුරටත් බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්‌ නොවන බවද ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත.

යුද අපරාධ චෝදනා ගැන සාකච්ඡා කිරීමට පෞද්ගලික සාකච්ඡාවක්‌ පැවැත්වීමට බ්‍රිතාන්‍ය අගමැති කැමරන් කළ ඉල්ලීම ද ශ්‍රී ලංකා රජය ඊයේ (14 දා) ප්‍රතික්‍ෂේප කළේය.

බ්‍රිතාන්‍ය හමුදා ඉරානයේ යුද අපරාධ කර තිබෙනවා. එම තත්ත්වය මත බ්‍රිතාන්‍යයට අපෙන් ඒ ගැන විමසීමට හිමිකමක්‌ නැහැ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/15/news05.html

0 comments: