උතුරු පළාත් සභාව යළිත් වරක් දෙදරුම් කෑවේය. ඒ උතුරු පළාත් ආණ්‌ඩුකාර මේජර් ජෙනරාල් ජී. ඒ. චද්‍රසිරි උතුරු පළාත් සභාවේ දෙවැනි සැසිවාරය ඇමතූ අවස්‌ථාවේදීය. ආණ්‌ඩුකාරවරයා සිය කතාව ආරම්භ කිරීමත් සමඟම උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරියන් තුන්දෙනකු සභා ගර්භයෙන් පිටව ගොස් ආණ්‌ඩුකාරවරයාට විරෝධය පළ කළහ.
පළාත් සභා සම්ප්‍රදාය අනුව උතුරු පළාත් සභාවේ දෙවැනි සැසිවාරයට සහභාගි වන ලෙස ආණ්‌ඩුකාරවරයාට ආරාධනා කළේ උතුරු පළාත් සභාවේ සභාපතිවරයා වන සී. වී. කේ. ශිවඥානම් මහතා ය. ඔහුගේ ආරාධනයෙන් පැමිණි ආණ්‌ඩුකාරවරයා පිළිගැනීම සඳහා සියල්ල සූදානම් කළ සභාපතිවරයා පොලිස් උත්තමාචාර උළෙලක් ද ඒ වෙනුවෙන් සංවිධානය කළේය.
මේ සියල්ල පිළිගෙන සභාවාරය ඇමතූ අවස්‌ථාවේදී උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයාට නොසිතූ අන්දමේ අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිණි. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු තිස්‌දෙනාගෙන් තුන්දෙනකු විරෝධය පළකොට නැඟිට ගියත් ඉතිරි මන්ත්‍රීවරු විසිහත්දෙනා ආණ්‌ඩුකාරවරයාගේ කතාවට සවන් දුන්හ. එහෙත් ආණ්‌ඩුකාරවරයා උතුරු පළාත් සභාවේ දෙවැනි සැසිවාරය අමතා පිටව ගිය පසුව පළාත් සභා රැස්‌වීමේදී ඒකමතික යෝජනාවක් සභා සම්මත කළ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන කට්‌ටුව එම තීරණය ජනාධිපතිවරයා වෙත යෑවීමට ද ක්‍රියා කළේය. මෙහිදී සම්මත වූ යෝජනාව වූයේ උතුර පළාත් ආණ්‌ඩුකාරවරයා ඉවත් කොට වෙනත් ආණ්‌ඩුකාරවරයකු පත් කළ යුතු බවයි.
උතුරු පළාත් සභාවේදී ආණ්‌ඩුකාරවරයාට විරෝධය පළ කරමින් නැඟිට ගිය මන්ත්‍රීවරු අතර එම්. කේ. ශිවාජිලිංගම් හා පී. සුහීර්දන් යන මන්ත්‍රීවරු දෙදෙනා වූහ. මන්ත්‍රිනී ආනන්දි සසිහරන් මන්ත්‍රීවරිය ද වූවාය. ආනන්දි සසිහරන් යනු එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන අංශයේ වවුනියාව හා ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කවල හිටපු නායක එස්. එලිලන්ගේ බිරිඳයි. දැනට එලිලන් සිටින්නේ අතුරුදන් වූවන්ගේ ලේඛනයේ ය. දෙමළ ජාතික සන්ධානය ඇය දේශපාලනයට කැඳවා ගෙන එන ලද්දේ ඇයට තිබූ ඇල්ම නිසා නොව අතුරුදන් වූ පුද්ගලයන්ගේ හා එල්.ටී.ටී.ඊ.ට සහසම්බන්ධව සිටි පිරිස්‌වල ඡන්දය ලබා ගැනීමේ අරමුණිනි. එය එසේම සාර්ථක විය. මනාප 86000 ක් පමණ ලබාගත් ආනන්දි සසිහරන් දෙවැනි වූයේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන්ගේ මනාප සංඛ්‍යාවට පමණි.
ආණ්‌ඩුකාරවරයාට විරෝධය පළ කරමින් පළාත් සභා සභා ගර්භයෙන් එම්. කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පිටව ගොස් විනාඩි කිsහිපයකින් මම ඔහුට දුරකථන ඇමතුමක් ලබා ගතිමි. ඉතා කෝපාවිශ්ටව සිටි ඔහු වේගයෙන් කතා කළේය. ඒ සියල්ලම මට අනවශ්‍ය බැවින් මා ඔහුගෙන් විමසා සිටියේ ආණ්‌ඩුකාරවරයාට විරුද්ධ වීමට හේතුවයි.
'උතුර පළාතේ ආණ්‌ඩුකාරවරයා කියන්නේ යුද හමුදා නිලධාරියෙක්. එයාට හමුදාපතිකම දෙන්න බැරි වුණු හින්දා ජනාධිපතිවරයා ඔහුව ආණ්‌ඩුකාරවරයා කළා. හමුදා නිලධාරියෙක් උතුරේ ආණ්‌ඩුකාරවරයා කිරීම අපි පිළිගන්නෙ නෑ. ඒකට හේතු ගොඩක් තියෙනවා.
හමුදාව දෙමළ මිනිස්‌සු ගොඩක් මැරුවා. හැත්තෑපන්දාහක් විතර මැරුවා. තවත් විශාල පිරිසක් අතුරුදන් කළා. සාමාන්‍ය මිනිස්‌සුන්ගෙ ඉඩම් අත්පත් කර ගත්තා. දැනුත් අත්පත් කර ගන්නවා. වලිකාමම් උතුර පළාතෙ විතරක් ග්‍රාමසේවා වසම් විසිහතරක අක්‌කර හයදාස් තුන්සිය ගණනක් හමුදාව බලෙන් අත්පත් කර ගත්තා. දැන් ඒ ඉඩම්වල තිබුණු ගෙවල් ඩෝසර්දාලා කඩනවා. හමුදාවෙ පවුල් පදිංචි කරන්න ගෙවල් හදන්න යනවා. හමුදාවට ක්‍රිකට් පිටි ගොල්ෆ් පිටි හදන්න යන්නෙ මේ ඉඩම්වල. මේ වගේ පරිසරයක් තියෙද්දි තමයි ජනාධිපතිතුමා චොගම් සමුළුව පවත්වන්නෙ. යුද අපරාධවලට සම්බන්ධ වුණු ජනාධිපතිවරයාට එහෙම සමුළුවක් පවත්වන්න අයිතියක් නෑ. ඒ ජනාධිපතිවරයාගෙ නියෝජිතයා තමයි ආණ්‌ඩුකාරවරයා. අපි ඔහුට විරුද්ධ වෙන්නෙ ඒ හින්දයි. අපි දිගින් දිගටම ඉල්ලනවා මේ හමුදාවේ කෙනෙක් නැතුව වෙනත් කෙනෙක් ආණ්‌ඩුකාරවරයා කරන්න කියලා.
හමුදා නිලධාරියෙකු නොවෙන සිංහල ජාතිකයෙකු උතුරේ ආණ්‌ඩුකාරවරයා වශයෙන් පත්කළ හොත් ඔහුව පිළිගැනීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් දැයි මා ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාගෙන් විමසුවේ ඔහු බාබර් සාප්පුවේ කතුර මෙන් තොරතෝංචියක් නොමැතිව මා සමඟ දුරකථනයෙන් කතා කරන අතරතුරයි.
"ඇයි නැත්තේ. අපි කැමතියි. අපි කියන්නෙ හමුදා නිලධාරියෙක් එපා කියන එක විතරයි. මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණෙ තමයි ලයනල් ප්‍රනාන්දු මහත්තයා. එයා යාපනේ දිසාපති වෙලා හිටියා. දෙමළ මිනිස්‌සුත් එක්‌ක බොහොම හොඳින් හිටියා. එක දෙමළ මිනිහෙක්‌වත් එදා ජාතිවාදෙ ගැන කතා කරපු එක දෙමළ දේශපාලනඥයෙක්‌වත් එයාට විරුද්ධ වුණේ නෑ. එයා පවුල පිටින්ම යාපනේ පදිංචි වෙලා හිටියෙ. ඕනෙම කෙනෙක්‌ට එයාව හම්බ වෙන්න පුළුවන්කම තිබුණා. මේ ආණ්‌ඩුකාරවරයා හම්බ වෙන්න කාටවත් බෑ. කවුරු හරි ගියාම ඉස්‌සෙල්ලාම හම්බ වෙන්න ඕනෙ එයාගේ ලේකම්වරයා. එයත් හමුදා නිලධාරියෙක්. එයා ඉඩ දෙන්නෙ නෑ කාටවත් ආණ්‌ඩුකාරවරයාව හම්බ වෙන්න. ඒත් ලයනල් ප්‍රනාන්දු මහත්තයා එහෙම කළේ නෑ. ඕනෑම මිනිසෙකුට කතා කළා. එයාගෙ කෙනෙක් මැරුණ යාපනේදී. ඒ මිනිය කොළඹට ගෙනියන්න යාපනේ දෙමළ මිනිස්‌සු ඉඩ දුන්නේ නෑ. අවසානෙදි ලයනල් ප්‍රනාන්දු මහත්තයා කිව්වෙ මට කොළඹ මිනිස්‌සු ගොඩක් යාපනයට ගෙන්නන්න බැරි හින්දා මේ මිනිය මට කොහොම හරි කොළඹ ගෙනියන්න ඕනෙ කියලයි. අවසානෙදි මිනිය වෙනුවෙන් යාපනේදි දෙමළ මිනිස්‌සු හින්දු ක්‍රමයට ආගමික වතාවත් කරලා ලයනල් මහත්තයට මිනිය බාර දුන්නා. දෙමළ මිනිස්‌සු විශාල පිරිසක් මිනියක් එක්‌ක එදා කොළඹත් ගියා. අපිට ඕනෙ උතුරේ දෙමළ මිනිස්‌සු එක්‌ක එකට වැඩ කරන්න පුළුවන් ආණ්‌ඩුකාරවරයෙක්. හැබැයි හමුදා නිලධාරීන් නම් එපා.'
එම්. කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා තනිවම මේ අදහස් පළ කළත් ඔහු සැබවින් ම ප්‍රකාශ කරනු ලබන්නේ ඔහුගේ පෞද්ගලික අදහස් නොවන බව ඉතා පැහැදිලිය. ඊට අපට ඉදිරිපත් කළ හැකි ප්‍රධානතම සාධකය වන්නේ ආණ්‌ඩුකාරවරයා පළාත් සභාවේ දෙවැනි සැසිවාරයට පැමිණෙන ලෙස ආරාධනා කොට ඔහු පිළිගෙන ඔහු සභා ගැබෙන් පිටව යැමත් සමඟ ආණ්‌ඩුකාරවරයා ඉවත් කරන ලෙසට දෙමළ ජාතික සන්ධානය යෝජනාවක් සම්මත කර ගැනීමයි. ඉතා කෙටියෙන් ම ප්‍රකාශ කළහොත් දෙමළ ජාතික සන්ධානයේ දෙබිඩි පිළිවෙත මේ කාරණය තුළින් ඉතාම මැනවින් ප්‍රකාශ වන්නකි. ආණ්‌ඩුකාරවරයාගේ දේශනයට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 27 දෙනකු ඉතා සාවධානව සවන් දෙන විට ආණ්‌ඩුකාරවරයා සිතන්නට ඇත්තේ ද ඔවුන් තමා සමඟ සිටින පිරිසක් ලෙසටය. මේ නිසාමදොa ආණ්‌ඩුකාරවරයා සිය දේශනයේදී ජනාධිපතිවරයාත්, ආරක්‍ෂක අංශත් කැපවීමෙන් යුතුව යුද්ධ කළ නිසා අද උතුරට පළාත් සභාවක් පිහිටුවීමට නිදහස් අවකාශයක් ලැබී ඇති බව ප්‍රකාශ කළේය.
එතැනින් නොනැවතුණු ආණ්‌ඩුකාරවරයා උතුරේ ජනතාවගෙන් බලය ලබාගෙන පළාත් සභාවේ මන්ත්‍රීවරුන් බවට පත්වුණු මන්ත්‍රීවරු උතුරේ ජනතාවට කැප වී සේවය කළ යුතු බව ද පැවසීය. එපමණක් නොව මේ පළාත් සංවර්ධනය කිරීමට නම් මධ්‍යම රජය සමඟ ඉතා සුහදව කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ගරු කරමින් උතුර පළාත් සභාවේ මන්ත්‍රීවරු සේවය කළ යුතු බව ද ආණ්‌ඩුකාරවරයා පැවැසීය.
අඟේ ඉඳන් කණ කන පිරිසක් අමතා තමන් මේ දේශනය කරන බව ආණ්‌ඩුකාරවරයාට මොහොතකටවත් සිතෙන්නට ඇතුවාට කිසිදු සැකයක් නොමැත. ඔහු දේශනය හමාර කොට යාපනයේ නිල නිවසට ගොස් කබාය ගැලවීමටත් පෙර ඔහුව ඉවත් කළ යුතු බවට යෝජනාවක් සම්මත කළේ තමන් හරසරින් පිළිගත් දෙමළ ජාතික සන්ධානයේ කණ්‌ඩායමම බව අමුතුවෙන් කිව යුතු නොවේ.
බොහෝ දෙනකු ප්‍රකාශ කරන්නේ දෙමළ ජාතික සන්ධානය කොටස් කීපයකට බෙදී ඇති බව ය. ඇතමුන් එම කොටස් ගණන දෙකක් බවට ද, තවත් සමහරකු තුනක් හා හතරක් බැගින් ද වර්ග කොට දක්‌වති. මෙසේ වර්ග කරන පිරිස්‌ම කියා සිටින්නේ මහ ඇමැති විග්නේශ්aවරන්ට පවා පාලනය කර ගැනීමට නොහැකි ලෙස උතුර පළාත් සභාවේ මන්ත්‍රීවරු කල්ලි ගැසී සිටින බවකි. එහෙත් ඔවුනට අවශ්‍ය යමක් ඉටුකර ගැනීමට යැමේදී ඔවුහු සියලු දෙනාම එකට එක්‌වෙති.
මේ අනුව දෙමළ ජාතික සන්ධානයේ බලය හිමිකර ගත් උතුර පළාත් සභාවේ මන්ත්‍රීවරු අද රූකඩ මඩුවක් යාපනයේ කයිතඩි ප්‍රදේශයේ අටවාගෙන තිබේ. ඔවුන් වරින් වර රඟ දක්‌වන රූකඩ සන්දර්ශනවල රජවරුන් ද ගහලයෝ ද, වධකයෝ ද චෝරයෝ ද විවිධ රංගන ඉදිරිපත් කරති. ඒ ඒ බනිස් ගෙඩියට ඒ ඒ කෙසෙල් වර්ග කීවා සේ මහ ඇමැති විග්නේශ්වරන් ද තමන්ගේ ජවනිකාවට අවශ්‍ය රූකඩය තෝරා සන්දර්ශනයට ඉදිරිපත් කරයි. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා රඟ දැක්‌වූයේ ද මහ ඇමැති විග්නේශ්වරන්ට අවශ්‍ය රූකඩ සංදර්ශනය මිස වෙනත් සංදර්ශනයක් නොවේ. රූකඩ මඩුවේ රූකඩ නටවන නූල් හසුරුවන්නාට රූකඩ සංදර්ශනයේ ඉදිරිපස නොපෙනේ. නමුත් ඔහු තම නූල් සූත්තරයේ ආධාරයෙන් නියමෙටම රූකඩය නටවයි. අද උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ද අති දක්‍ෂ නූල් සූත්තරකාරයකු බවට පත් වී තිබේ. වරෙක ඔහු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙයි. තවත් වරෙක ඒ ජනාධිපතිවරයා නිර්දය ලෙස විවේචනයට ලක් කරයි. ඉන්දීය අගමැතිවරයා මෙන්ම මහ ඇමැති විග්නේශ්වරන් ද 'චොගම්' සමුළුව වර්ජනය කරයි. මන් මෝහන් සිං මහතා ජනාධිපතිවරයාට සමුළුවට සහභාගි වීමට නොහැකි බව දන්වා විවිධ හේතූන් ඉදිරිපත් කොට ලිපියක් එවූ පරිද්දෙන් විග්නේශ්වරන්ද ජනාධිපතිවරයාට ලිපියක් නොයවා සිටියහොත් එය පුදුමයකි. ජනාධිපතිවරයා පත් කළ ආණ්‌ඩුකාරවරයාට විරුද්ධව කැරලි ගසන මහ ඇමැති විග්නේශ්වරන් කරළියට එවනු ලබන්නේ සිය ගෝල බාලයන් ය. අවශ්‍ය ගෝලයා එවමින් ඔහු දෙමළ ජාතික සන්ධානයේ පොදු මතය ඉෂ්ට කර ගැනීමට මේ ගත වූ කාලයේම උත්සාහ කොට තිබේ. මේ කිසිවක් නොදත්තෙකු මෙන් ඉතා නිසොල්මනේ සිටින මහ ඇමැතිවරයා අවසානයේදී ජනාධිපතිවරයාටත් හොඳය. දෙමළ ජාතික සන්ධානයට ඊටත් වඩා හොඳය. මේ රූකඩ නාඩගම හමුවේ රැවටෙන්නේ උතුරේ දෙමළ ජනතාවට වඩා දකුණේ බහුතර ජනතාවය. මෙහිදී පුදුම විය යුතු කාරණයක් ද නොමැත. ඒ මන්ද කිවහොත් අපි එදා සිටම කාට හෝ රැවටී මහා විනාශ සාදාගෙන මංමුළා වූ පිරිසක් නිසාය. එහෙයින් අපි තවදුරටත් රැවටිය යුතුද යන්න ප්‍රශ්නයකි.
දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/11/17/feature03.html

0 comments:
Post a Comment