ඉකුත් සතියේ සිදුවූ ප්‍රධාන සිදුවීම් දෙකක් වූයේ අයවැය ඉදිරිපත් කිරීම හා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලංකාව පිළිබඳ විවාදයයි. මේ දිනවල අයවැය ගැන කවුරුත් කතා කරන නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ලංකාව පිළිබඳ සිදුවූ විවාදය ගැන යමක් කිවයුතු යෑයි සිතුවෙමි. ඩේවිඩ් කැමරන් ලංකාවේදී කළ ප්‍රකාශයේ පරිමාව දැන ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතා වූයේ කුමක්‌ද යන්න ලංකාවේ ජනතාව දැන ගැනීම වටී. යුද්ධයේ අවසන් දිනවලදී සිදුවූවා යෑයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ස්‌වාධීන පරීක්‍ෂණයක් ලංකාව පවත්වන්නේ නැතිනම් තමන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටින බව ජනමාධ්‍යවේදීන් අමතමින් කැමරන් කළ ප්‍රකාශය නිසා ඔහු එක්‌වරම මුළු චෝගම් සමුළුවෙන්ම වැඩියෙන්ම අවධානයට යොමුවූ ආණ්‌ඩු ප්‍රධානියා බවට පත්විය.
නොවැම්බර් 16 වැනිදා එම කතාව කිරීමෙන් පසු කැමරන් මහතා බ්‍රිතාන්‍යයට ගියේ ලෝකවාසී දෙමළ ජනතාවගේ වීරයකු හැටියටය. ඔහුගේ එම ප්‍රකාශය තමිල්නාඩුවේ හිටපු මහ ඇමැති මුතුවේල් කරුණානිධිද ප්‍රසංශාවට ලක් කළේය. ඒ වාතාවරණය තුළ සිදුවිය යුතුව තිබුණේ බ්‍රිතාන්‍යයේ වාසය කරන දෙමළ ඩයස්‌පෝරාවද ලේබර් පක්‍ෂය අතහැර රොත්ත පිටින් කොන්සවේටිව් පක්‍ෂය වටා රොක් වීමය. නමුත් ඔහු බ්‍රිතාන්‍යයට නැවත පැමිණ පැය 24 ක් ගතවීමට කලින් දෙමළ ජනතාව අතර කැමරන් ලැබූ කීර්තිය සම්පූර්ණයෙන්ම පාහේ බොඳ කර දැමීමට ලේබර් පක්‍ෂය සමත්විය. කැමරන් පසුගිය සඳුදා, එනම් නොවැම්බර් 18 වනදා එම රාජ්‍ය නායක සමුළුව පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. එම ප්‍රකාශයේදී ඔහු කියා සිටියේ තමා ලංකාවට ගොස් ජනමාධ්‍යවේදීන්ද රැගෙන යාපනයේ සංචාරය කිරීම නිසා උතුරේ දෙමළ ජනතාවට තමාගේ ප්‍රශ්න ජාත්‍යන්තරයට කීමට අවස්‌ථාවක් ලැබුණු බවයි. චෝගම් 2013 සමුළුව වර්ජනය කළ යුතුය යන ස්‌ථාවරයේ ලේබර් පක්‍ෂය සිටියත් තමා එම සමුළුවට සහභාගිවී ලංකාවේ ප්‍රශ්නය ගැන ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට හැකිවූ බව කැමරන් ප්‍රකාශකර සිටියේය. බ්‍රිතාන්‍යයේ වාසය කරන දෙමළ ඩයස්‌පෝරාවේ සිත දිනා ගැනීමේ අටියෙන් තමා උතුරේ සංචාරය කළ අවස්‌ථාවේදී චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරන ලද "නෝ ෆයර් සෝන්" වාර්තා චිත්‍රපටයේ බියකරුම දර්ශන සිදුවූ ස්‌ථානවල සංචාරය කළ බවද ඔහු කියා සිටියේය.
බ්‍රිතාන්‍යයේ ලේබර් පක්‍ෂයට වැදගත් ඡන්ද කොට්‌ඨාස ගණනාවකම දෙමළ ජනතාව බහුල වශයෙන් වාසය කරයි. බ්‍රිතාන්‍යයේ මුළු ජනගහණයේ හැටියට දෙමළ මිනිසුන් සිටින්නේ ඉතා සුලුතරයක් වුවත් ඔවුන්ගේ ඡන්ද රොත්ත පිටින් එක පැත්තකට හෝ අනෙක් පැත්තට යැමෙන් ඇතැම් ආසන වල ජය පරාජය තීන්දු වනු ඇත. සුද්දන් ඡන්ද පොලට නොයන නිසා බ්‍රිතාන්‍යයේ වාසය කරන සුළු ජාතික ඡන්ද දායකයන්ට තමන්ගේ ජනගහන ප්‍රතිශතයට වඩා ඡන්ද ප්‍රතිඵලවලට බලපෑම් කළ හැකි තත්ත්වයක් බ්‍රිතාන්‍යයේ පවතී. ඇත්ත වශයෙන්ම සියලුම දියුණු බටහිර රටවල සුද්දන් ඡන්දපොළවලට නොයන නිසා ඒ රටවල ජීවත් වන සුළු ජාතික ජන කොටස්‌වලට අසාමාන්‍ය දේශපාලන බලයක් හිමිවී ඇත.
එම නිසා ඒ රටවල ජීවත් වන දෙමළ ඩයස්‌පෝරාව පමණක් නොව වෙනත් සියලුම සුළු ජාතික කොටස්‌ද සංවිධානාත්මකව ප්‍රධාන දේශපාලන පක්‍ෂ වලට සහයෝගය දීම හෝ නොදීම "ඇමක්" හැටියට පාවිච්චි කොට මුළු දේශපාලන ක්‍රමයම අල්ලේ නටවන තත්ත්වයක් මතුවී ඇත. හැම බටහිර රටකම පවතින්නේ සුළු ජාතික ඡන්ද ලබාගැනීමේ මහා සටනකි. ලංකාවේ දෙමළ ප්‍රශ්නය ගැන කතා කළා යෑයි කියා ඩේවිඩ් කැමරන්ට ලකුණු දමා ගැනීමට ඉඩදී නිකන් බලා සිටියා නම් ලේබර් පක්‍ෂයට සිදුවන්නේ ඊළඟ මැතිවරණයේදී මහත් පසුබෑමකි. වත්මන් ලේබර් පක්‍ෂ නායක එඩ්වඩ් මිලිබෑන්ඩ්ගේ සොහොයුරු ඩේවිඩ් මිලිබෑන්ඩ්ගේ ආසනයේ පවා ලේබර් පක්‍ෂය දිනන්නේ ඉතා සුලු ඡන්ද ප්‍රමාණයකිනි. එම ආසනයේද තීරක ඡන්දය පවතින්නේ එහි ජීවත් වන දෙමළ සුළුතරය අතේය.
මේ හේතුව නිසා පසුගිය සඳුදා සිදුවූයේ කැමරන් චෝගම් 2013 සමුළුවේදී තමා කළ වික්‍රමයන් පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විගස මුළු ලේබර් පක්‍ෂයම ඔහු වටකර ප්‍රශ්න පිට ප්‍රශ්න අසා කැමරන් ලැබූ සියලු වාසි එකින් එක බිඳ දැමීමයි. ඒ විවාදය අවසානයේදී කැමරන්ට ඇත්ත වශයෙන්ම සිදුවූයේ ලංකාවේ හොඳ හිතත්, දෙමළ ඩයස්‌පෝරාවේ හොඳ හිතත් යන දෙකම නැතිවීමය. ප්‍රහාරය මුලින්ම පටන් ගත්තේ ලේබර් පක්‍ෂ නායක එඩ්වඩ් මිලිබෑන්ඩ්ය. ඔහු කියා සිටියේ 2009 යුද්ධයේ අවසන් මාස වලදී සිවිල් ජනතාව දසදහස් ගණන් මරා දැමීම පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සාරධර්මවලට නොගැලපෙන නිසා 2009 දී චෝගම් 2011 සමුළුව ලංකාවේ පැවැත්වීමට තීන්දු වූ අවස්‌ථාවේදී එවක පැවැති ලේබර් පක්‍ෂ ආණ්‌ඩුව එයට එරෙහි වූ බවයි. එවක ලේබර් පක්‍ෂ ආණ්‌ඩුවේ බලපෑම නිසා ලංකාවේ චෝගම් සමුළුව පැවැත්වීම 2013 දක්‌වා කල්දමනු ලැබුවේ යුද අපරාධ විමර්ශනයක් කිරීමට කල්දීමක් වශයෙන් බව මිලිබෑන්ඩ් පෙන්වා දුන්නේය.
නමුත් 2011 දී ඊළඟ චෝගම් සමුළුව ලංකාවේ පැවැත්වීමට තීන්දු කළ විට කොන්සවේටිව් ආණ්‌ඩුව එයට විරුද්ධ නොවූ බව මිලිබෑන්ඩ් චෝදනා කර සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාව යුද අපරාධ පිළිබඳ විමර්ශනයක් පැවැත්වූයේ නැතිනම් ලංකාවට "ආනිශංස" විඳීමට සිදුවේ යෑයි කැමරන් කීවත් මේ "ආනිශංස" මොනවා දැයි විස්‌තර කරන මෙන් ඔහු අගමැති වරයාට අභියෝග කර සිටියේය. කොළඹ සමුළුවට සහභාගී වී කැමරන් යුද අපරාධ පරීක්‍ෂණයක් පැවැත්විය යුතු යෑයි ප්‍රකාශ කර සිටියත් රාජපක්‍ෂ ජනාධිපතිවරයා එය එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. එම නිසා කැමරන් ලංකාවට යැමෙන් දෙමළ ජනතාවට කිසිවක් ලැබුණේ නැති බවත් ඔහු කළ යුතුව තිබුණේ කැනඩාවේ හා ඉන්දියාවේ අගමැතිවරුන් මෙන් චෝගම් සමුළුවට නොයා සිටීම බව මිලිබෑන්ඩ් පවසා සිටියේය.
මේ අවස්‌ථාවේදී කොන්සවේටිව් පක්‍ෂය උත්සාහ කරමින් සිටියේ යුද අපරාධ විමර්ශනයක් ඉල්ලා සිටියාය යන කාරණය මත දෙමළ ඩයස්‌පෝරාවේ ලකුණු ලබාගැනීමටය. ලී ස්‌කොට් නැමති කොන්සවේටිව් පාක්‍ෂික මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙහිදී ප්‍රශ්නය වන්නේ චෝගම් සමුළුවට සහභාගි වීම හෝ නොවීම නොව යුද්ධයේ අවසන් කාලයේදී අහිංසක මිනිසුන් 40,000 ක් පමණ මියයැම බවයි. එම නිසා කොළඹට ගොස් සැරට යුද අපරාධ පරීක්‍ෂණයක් ඉල්ලා සිටීමෙන් ඒ මියගිය මිනිසුන් වෙනුවෙන් යුක්‌තියක් බලාපොරොත්තු විය හැකි බවට ඔහු යෝජනා කර සිටියේය. මේ අවස්‌ථාවේදී නැඟී සිටියේ කීත් වාස් නමැති ලේබර් පාක්‍ෂික මන්ත්‍රීවරයාය. මොහු ලංකාවේ දෙමළ ප්‍රශ්නය ගැන නිතරම දෙමළ ඩයස්‌පෝරාවේ පැත්තට කතා කරන අයෙක් හැටියට ප්‍රසිද්ධ පුද්ගලයෙකි. ඔහු කීවේ ලංකාවට ගොස් උතුරේද සංචාරය කිරීමෙන් පසු කැමරන් මහතා රාජපක්‍ෂ ජනාධිපතිවරයා දෙමළ ජනතාවට දී ඇති දුක සියෑසින්ම දැකගත් බවයි. නමුත් එසේ තිබියදීත් බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණය පතන දෙමළ සරණාගතයින් තවමත් බලහත්කාරයෙන්ම ලංකාවට නැවත පිටත් කරමින් තිබෙන බවයි. එම නිසා අගමැතිවරයා මේ ප්‍රතිපත්තිය වෙනස් කොට බ්‍රිතාන්‍යය දේශපාලන රැකවරණය ඉල්ලන දෙමළ මිනිසුන්ට රැකවරණය ලබාදිය යුතු බව පවසා සිටියේය.
ලේබර් පක්‍ෂය දිගටම අනුගමනය කළ ප්‍රතිපත්තිය වූයේ රැකවරණ ඉල්ලා සිටින දෙමළ පුද්ගලයන්ට දේශපාලන රැකවරණ ලබා දිය යුතු බවයි. නමුත් කොන්සවේටිව් ආණ්‌ඩුව බලයට පැමිණියේ බ්‍රිතාන්‍යයට පිටරටවලින් මිනිසුන් සංක්‍රමණය වීම ඊළඟ මැතිවරණයට කලින් 90% කින් අඩු කරනවාය යන ඡන්ද පොරොන්දුව මතයි. මෙය කොන්සවේටිව් ආණ්‌ඩුවේ ප්‍රධාන ප්‍රතිපත්තියක් වූ නිසා ඔවුන් දෙමළ සරණාගතයින් ද බුරුතු පිටින් ආපසු ලංකාවට පටවා එව්වේය. ලේබර් පක්‍ෂය දිගටම මේ ක්‍රියාදාමයට විරුද්ධ වූ අතර ඔවුන් පවසා සිටියේ මෙසේ ආපසු යවන දෙමළ මිනිසුන් කොළඹ ආණ්‌ඩුව විසින් සිර භාරයට ගෙන වදබන්ධනයට පමුණුවන බවයි. නමුත් කොන්සවේටිව් ආණ්‌ඩුව කියා සිටියේ මෙලෙස ආපසු පටවා යවන පුද්ගලයන්ට වධ බන්ධන පමුණුවනවාය යන චෝදනා කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් විමර්ශනය කර තිබෙන බවත් එය බොරු චෝදනාවක් බවත්ය.
මේ ප්‍රශ්නය කීත් වාස් පමණක් නොව හෙයිදි ඇලෙක්‌සැන්ඩර් හා ක්‍රිස් බ්‍රයන්ට් යන ලේබර් පාක්‍ෂික මන්ත්‍රීවරුන් දෙදෙනාද වෙනස් ආකාරයට කැමරන්ගෙන් ප්‍රශ්න කොට සිටියේය. ඔවුන් දෙදෙනාට දැන ගැනීමට අවශ්‍යව තිබුණේ අගමැතිවරයා ලංකාවට ගොස් දැනගත් අලුත් තොරතුරු නිසාවත් දෙමළ මිනිසුන් ලංකාවට ආපසු පටවා යෑවීමේ මේ ප්‍රතිපත්තිය අත්හිටුවනවාද යන්නයි. මෙයින් කැමරන් මහත් සේ අපහසුතාවයට පත්විය. ලංකාවේ මානව අයිතීන් උල්ලංඝනය වන නිසා දෙමළ මිනිසුන් ආපසු පටවා යෑවීම නතර කරනවා යෑයි ඔහු කීවේ නම් දෙමළ මිනිසුන්ගෙන් ලැබෙන ඡන්ද සුළු ප්‍රමාණයට වඩා බෙහෙවින්ම වැඩි සුදු ජාතික ඡන්ද ප්‍රමාණයක් කොන්සවේටිව් පක්‍ෂයට අහිමි වනු ඇත. එම නිසා ඔහු මෙහිදී පවසා සිටියේ කොළඹට ආපසු පටවා යවන හැම දෙමළ පුද්ගලයකුටම අඩන්තේට්‌ටම් පැමිණෙන්නේ නැති බවත් ඒ ඒ අවස්‌ථාවලදී කටයුතු කළ යුත්තේ එවැනි දෙයක් ඇති වූ බවට සාක්‍ෂි තිබේ නම් පමණක් බවත්ය. එමෙන්ම දැන් ලංකාවේ යුද්ධයක් නැති නිසා ප්‍රචණ්‌ඩත්වයක් නැති බවත් කැමරන් කියා සිටියේය. ලේබර් පාක්‍ෂික මන්ත්‍රීවරුන් ඔහුව වටකරගෙන කොතරම් බලපෑම් කළත් දෙමළ මිනිසුන් ආපසු පටවා යවන ප්‍රතිපත්තිය නවත්වන බව කැමරන් කීවේම නැත. ඔහු කී සියලු දෙයින්ම නැවත නැවතත් තහවුරු වූයේ ඔහු දිගටම දෙමළ මිනිසුන් ලංකාවට ආපසු යවන බවත්, ඒ දෙමළ අයට ලංකාවේදී කිසිදු ප්‍රශ්නයක් ඇති වන්නේ නැති බවත්ය. එංගලන්තයේ ජීවත්වන දෙමළ පුද්ගලයන්ට ලංකාව සම්බන්ධයෙන් පවත්වන යුද අපරාධ විමර්ශනයකට වඩා වැදගත් වන්නේ ඔවුන්ට එංගලන්තයේ තවදුරටත් ජීවත් වීමට හැකියාව තිබෙනවාද, තමන්ගේ නෑදැයන් හා මිතුරන් සරණාගතයින් හැටියට එංගලන්තයට ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවාද යන්නයි. ඒ කාරණය සම්බන්ධයෙන් කැමරන්ගෙන් කිසිදු සහනයක් ඔවුන්ට ලැබුණේ නැත. කැමරන් පෙනී සිටින්නේ යුද අපරාධ විමර්ශනයක් සඳහා පමණි. නමුත් ලේබර් පක්‍ෂය යුද අපරාධ පරීක්‍ෂණයක් වෙනුවෙන් පෙනී සිටින ගමන්ම දෙමළ සරණාගතයින් බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීමටද සූදානමින් සිටී. එම නිසා ලේබර් පක්‍ෂය අතහැර කොන්සවේටිව් පක්‍ෂයට ඡන්දය දීමට බ්‍රිතාන්‍යයේ දෙමළ ඩයස්‌පෝරාවට කිසිදු හේතුවක් නැත. මේ අනුව ලංකාවේ මානව අයිතීන් ගැන කතා කරන අතරතුර දෙමළ සරණාගතයින් ආපසු ලංකාවට පටවා යෑවීමේ පරස්‌පර විරෝධී ප්‍රතිපත්තිය නිසා කැමරන්ට සිදුවූයේ ලංකාවේ හොඳ හිතත් බ්‍රිතාන්‍යයේ ජීවත් වන දෙමළ ඩයස්‌පෝරාවේ හොඳ හිතත් යන දෙකම අහිමි වීමය.
මේ විවාදයට එක් වූ තවත් ලේබර් පාක්‍ෂික මන්ත්‍රීවරියක් වන ශෝබේන් මැක්‌ඩොනා පවසා සිටියේ කැමරන් ලංකාවට ගොස් අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් හා වෙනත් දෙමළ පුද්ගලයන් හමුවීමෙන් සිදුකර ඇත්තේ ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙළීම පමණක් බවයි. ඇය පවසා සිටියේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා හමු වූ නිසා කොළඹ ආණ්‌ඩුව මේ මිනිසුන්ට අඩන්තේට්‌ටම් කිරීමට ඉඩ ඇති බවත් ඒ ගැන අගමැතිවරයා හා කොළඹ මහ කොමසාරිස් කාර්යාලය කරන්නේ කුමක්‌ද යන්නයි. මෙහිදී ද තමන් හමු වූ මිනිසුන් දැන් "අවදානම් තත්ත්වයක" සිටින බව කැමරන් පිළිගත්තද ඔවුන්ට එංගලන්තයේ දේශපාලන රැකවරණ ලබාදෙන බව නම් කීවේ නැත. අවසානයේදී කැමරන්ට ඉතිරි වූයේ තමා ලංකාවේ යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණක් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියාය යන කාරණය පමණි. මෙයද ලේබර් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ඔහුගෙන් උදුරා ගත්තේය. මයික් ගේප්ස්, නික් ස්‌මිත්, ඇන්ඩෲ ලව් නමැති ලේබර් පාක්‍ෂික මන්ත්‍රීවරුන් තිදෙනා කැමරන් වටකර ප්‍රශ්න කර සිටියේ ඔහු ලංකාවට ගොස් මොන ප්‍රකාශය කරත් රාජපක්‍ෂ ජනාධිපතිවරයා නම්මවා ගැනීමට නොහැකි වූ බවත් ලබන මාර්තු මාසයේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය තුළ මේ කාරණය මතු වුවත් ඒ කවුන්සිලය තුළ රාජපක්‍ෂට හිතවත් ආණ්‌ඩු බොහෝ ගණනක් සිටින නිසා ඉන් ඇතිවන ප්‍රතිඵලය කුමක්‌ද යන්නයි. මෙහිදී කැමරන්ට දීමට තිබූ පිළිතුර වූයේ යුද අපරාධ විමර්ශනයක් ඉල්ලා කරන මේ සටන "ඉතා දීර්ඝ කාලයක්" පැවතීමට ඉඩ ඇති බවයි.
මේ අනුව කැමරන්ට ඔහු කියන ආකාරයේ යුද අපරාධ පරීක්‍ෂණයක් සිදුවනවාය යන සහතිකය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට හෝ දෙමළ ඩයස්‌පෝරාවට දීමට නොහැකි විය. අප ඉකුත් සතියේ විස්‌තර කළ පරිදි එවැනි විමර්ශනයක් කිරීමට එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් නැති අතර ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය නොදරන නිසා එය තුළින්ද විමර්ශනයක් ආරම්භ කළ නොහැක. ඒ අනුව කැමරන් ලංකාවේ නටපු නැටුමකුත් නැත. බෙරයේ පලුවකුත් නැත. අවසානයේදී කොන්සවේටිව් පාක්‍ෂික මන්ත්‍රී ටෝනි බැල්ඩි්‍ර ඉතා අසරණව පවසා සිටියේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලයට සැබෑ වුවමනාවක් තිබේ නම් ලංකාවට එරෙහිව එවැනි විමර්ශනයක් ආරම්භ කළ හැකි බවයි. නමුත් චීනය හා රුසියාව එහි සිටින තුරු ඔවුන් එවැන්නකට ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැක.
වම් ඉවුර - සී. ඒ. චන්ද්‍රප්‍රේම
http://www.divaina.com/2013/11/25/feature01.html

0 comments:
Post a Comment