පොදුරද මඬුලු සමුළුවට ප්‍රථම දේශීය විදේශීය බලවේග නොයෙකුත් කුමන්ත්‍රණ දියත් කරමින් මේ වැඩපිළිවෙළ අවුල් කිරීමට උත්සාහ කළ ද ඒ සියල්ලම ගඟට කැපූ ඉනි මෙන් විය. දෙමළ ඩයස්‌පෝරාව සිදු කළ කුමන්ත්‍රණ ද සාර්ථක වූයේ නැත. එනිසාම දේශීයව මෙන්ම ජාත්‍යන්තරයේ ද ශ්‍රී ලංකාව ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ද බැබළීමට ලක් විය.
දෙමළ ඩයස්‌පෝරාවේ ඉල්ලීම් සිතේ දරාගෙන පැමිණි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා බලාපොරොත්තු වූ පරිදිම ලංකාවට යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළේය. කැමරන් අගමැතිවරයා ලංකා රජය අපහසුතාවට පත් කිරීම සඳහා පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූයේ ඉකුත් 16 වැනිදාය. ඊට පෙර දින එනම් 15 වැනිදා සවස පැය 3 ක් යාපනයේ සංචාරයක නිරත වී කොළඹ පැමිණි බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ සිත තුළ දෙමළ සන්ධානයේ කේලාම් මෙන්ම දුක්‌ගැනවිලි ද කැකෑරෙමින් තිබූ බවට සැක නැත. 2003 දී ඇමරිකාව සමග එක්‌ව ඉරාකය ආක්‍රමණය කළ බ්‍රිතාන්‍යය එම යුද්ධය නිසා මියගිය හයලක්‍ෂයක් ඉරාක වැසියන්ගේ මානව හිමිකම් ගැන කතා නොකරමින් මුල්ලෙවයික්‌කාල්හි සිදු වූයේ කුමක්‌දැයි සොයන්නට උත්සාහ කරන්නේ වීදුරු ගෙයක් තුළ සිටිමින් ගල් ගසන්නකුගේ අමන ක්‍රියා කලාපය සිහිපත් කරමිනි.
1948 න් පසු යාපනයේ සංචාරයක යෙදුණු පළමු විදේශීය රාජ්‍ය නායකයා වූයේ ඩේවිඩ් කැමරන්ය. ඩේවිඩ් කැමරන් යාපනයේ සංචාරයක යෙදීමට පෙර තම රටේ අගමැති එනම් මන්මෝහන් සිං ලංකාවේ උතුරු පළාතේ සංචාරයේ යෙදුණා නම් කොපමණ අගේදැයි ඉන්දීය විදේශ ඇමැති සල්මාන් කුර්ෂිඩ් කනගාටුවෙන් යුතුව පවසා තිබිණි. උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් යාපනයේ සංචාරයක යෙදෙන්නැයි සිං අගමැතිවරයාට ආරාධනා කර තිබුණ ද තමිල්නාඩුවේ දෙමළ පීඩනය නිසා ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ අගමැතිවරයාගේ දෙකකුල්වලට විලංගු වැටී තිබිණි. ලංකා ගමන අත්හැරීම ඉන්දියාවට අවාසියක් වූවා මිස ලංකාවට විශේෂ අවාසියක් වූයේ නැත.
පලාලි ගුවන්තොටුපළෙන් යාපනයට ගොඩබට බ්‍රිතාන්‍ය අගමැතිවරයා චුන්නාකම්හි අවතැන් කඳවුරකට ගොස් එහි වෙසෙන දෙමළ වැසියන්ගේ දුක සැප සොයා බලා උදයන් පුවත්පත් කාර්යාලයට ද යැමට අමතක නොකළේය. එම පුවත්පත් කාර්යාලයට ගිය අගමැතිවරයාට මෙම පුවත්පතේ අයිතිකරු වන දෙමළ සන්ධාන මන්ත්‍රී ඊ. සරවනබවාන් විසින් සිය කාර්යාලයේ බිත්ති වෙඩි පහරවල් නිසා හිල්වී ඇති ආකාරය ද පෙන්වන ලදී. බ්‍රිතාන්‍ය අගමැතිවරයා සිය ට්‌විටර් වෙබ් අඩවියේ ද උදයන් පත්‍රයේ මාධ්‍යවේදීන් හමුවීම ගැන සටහනක් එක්‌කර තිබිණි.
උතුරු මහ ඇමැතිවරයා හා බ්‍රිතාන්‍ය අගමැතිවරයා අතර හමුව සිදු වූයේ යාපනය පුස්‌තකාලයේදීය. එහිදී විග්නේශ්වරන් මහ ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේ තමන්ට ඇති ලොකුම හිසරදය වන්නේ උතුරු පළාතට පත්කර ඇති හමුදා ආණ්‌ඩුකාරවරයා වන බවයි. ඩේවිඩ් කැමරන් යාපනය පුස්‌තකාලයට පැමිණෙද්දී විශේෂිත පිරිසක් උද්ඝෝෂණයේ යෙදී සිටියහ. ඒ අන් කවරකුවත් නොව යාපනය බෞද්ධ සංගමයේ නියෝජිත පිරිසකි. ඔවුහු කැමරන්ගේ යාපන ගමනට එරෙහිව උද්ඝෝෂණ පුවරු ඔසවාගෙන සිටියහ. "අපි ලාංකිකයෝ", "අපේ රටේ ප්‍රශ්නවලට අතදාන්න එපා", "දේශපාලන වාසි ගන්න අපේ රට අර්බුදයට දාන්න එපා" යනුවෙන් ලියූ විවිධ වැකි එහිදී ප්‍රදර්ශනය කෙරිණි. කැමරන් යාපනයට ගියේ එංගලන්තයේ දෙමළ ඡන්දදායකයන් සතුටු කිරීමට, විශේෂයෙන් දෙමළ ඩයස්‌පෝරාව සතුටු කිරීමට බව සැක නැත. කැනඩාවේ දෙමළ ඩයස්‌පෝරාව සතුටු කළ යුතු නිසා එරට අගමැති ස්‌ටීවන් හාර්පර් කොළඹට පැමිණීම ද ප්‍රතික්‍ෂේප කළේය. එහෙත් ඒ වර්ජනය සමුළුවට බාධාවක් වූයේ නැත. කැමරන් අගමැතිවරයා ලංකාව යුද අපරාධ උගුලක සිර කිරීමට උත්සාහ කරද්දී ඒ බටහිර කුහකකමට නියම පිළිතුරක් ලබාදුන්නේ ඔස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබොට් මහතාය. ඔහු පැවසුවේ අතීතයේදී ශ්‍රී ලංකාව බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණදී ඇතත් වර්තමානයේ ලාංකිකයන්ට ජීවත්වීමේ අයිතිය ආරක්‍ෂා වී ඇති බවයි. ලංකාවට චෝදනා කිරීමෙන් වැළකී ඔවුනගේ ජයග්‍රහණයන් අගය කළ යුතු බව ටෝනි ඇබොට් මහතා ප්‍රකාශ කර සිටියේය. ඔහු ලංකාවට සිය සුහදතාවයේ හස්‌තය දිගු කරමින් නාවික හමුදාවට මුර යාත්‍රා දෙකක් ලබාදීමටත් පොරොන්දු විය. 1796 දී ඩේවිඩ් කැමරන්ගේ මුතුන් මිත්තෝ ශ්‍රී ලංකාවට ගොඩ බැස මෙරට ආධිපත්‍යය පතුරුවා සිදු කළේ ද ජාතීන් එකිනෙකා කෙරෙහි බිඳුවා ඒ අර්බුද ඔස්‌සේ තම පාලනය ඉදිරියට ගෙන යැමය. ලංකා හමුදාව යුද අපරාධ කරන ලදැයි චෝදනා කරන සුදු මහත්වරු මෙරට සිංහල, දෙමළ අර්බුදය ඔවුන් විසින්ම අවුලන ලද්දක් බව පිළිගැනීමට අකැමැතිය. නමුත් කටුක සත්‍යය නම් මේ ජාතිවාදී අවුල ඇති කරනු ලැබුවේ ඉංගී්‍රසීන්ම විසින් බවයි. වෙල්ලමුල්ල වයික්‌කාල්හි සිදුවූ ඝාතන ගැන සොයන්නේ නම් 1818 කැරැල්ලේ දී ඝාතනය වූ සිංහල බෞද්ධයන් ගැන ද සෙවිය යුතුය. 1818 කැරැල්ලේ දී ලක්‍ෂයක් සිංහලයෝ ඝාතනය විය. මානව හිමිකම් ගැන කතා කිරීමේදී දෙමළාගේ මානව හිමිකම ගැනත් සිංහලයාගේ මානව හිමිකම ගැනත් කතා කළ යුතු බව කැමරන් මහතා හොඳින්ම දැනගත යුතුය.
කැමරන් උත්සාහ කරන්නේ මහින්ද රාජපක්‍ෂ යුද අපරාධකරුවකු කිරීමටය. නමුත් 1818 කැරැල්ලේ දී මෙන් වෙල්ලමුල්ලවයික්‌කාල්හි ලක්‍ෂයක් ඝාතනය වූයේ නැත. යුද අපරාධ කරනු ලැබුවේ රොබට් බ්‍රවුරින්ග් විසින් බව නම් සැක නැත. ලෙයින් සහ යකඩින් සිංහල කැරැල්ල මර්දනය කළ ඉංගී්‍රසීහු ඌවේ අවුරුදු 18 ට වැඩි සියලුම පිරිමින් ඝාතනය කළ බව ඉතිහාසයේ සඳහන් වේ. අතීතය ගැන සොයන්නේ නම් 2009 යුද අපරාධ ගැන පමණක් සෙවීමෙන් ඵලක් නැත. කැමරන් පැමිණෙන්නේ යහපතක් උදා කිරීමට නොවන බව හොඳින් දැනගත් යාපන බෞද්ධයෝ මේ සුදු මහත්මයාට එරෙහිව උද්ඝෝෂණය කළහ. එය සැබැවින්ම අගය කළ යුත්තකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් එදත් අදත් හෙටත් බෞද්ධයන්ට යහපතක් සාධාරණයක් ඉටු වන්නේ නැත. බ්‍රිතාන්‍යයේ දෙමළ ඩයස්‌පෝරාව පිටුපස ද අන්‍යාගමික කුමන්ත්‍රණකරුවන් සිටින බව රහසක් නොවේ. කලක් රජිව් ගාන්ධි මෙරට දෙමළ ජනයාගේ ගැලවුම්කරුවා ලෙස ක්‍රියා කළේය. දෛවයේ සරදමට මේ ඉන්දියානු අගමැතිවරයාට කොටි බෝම්බකාරියකටම බිලිවන්නට සිදු විය. දැන් මෙරට දෙමළ ප්‍රජාවගේ ගැලවුම්කරුවා වී ඇත්තේ කවුරුද? ඩේවිඩ් කැමරන්ය. කැමරන්ගේ මේ ක්‍රියා කලාපයෙන් දෙමළ ජනයාට යහපතක් වන්නේද? සිදු වන්නේ නැති අර්බුද මතු වීම පමණකි. 2009 න් පසු රටේ යළිත් සංහිඳියාවක් ඇතිව තිබේ. එහෙත් කැමරන්ගේ ක්‍රියා කලාපයෙන් සිදු වන්නේ සිංහල, දෙමළ සංහිඳියාව අනතුරකට ලක්‌වීමයි. එම නිසාම යාපනය දෙමළ බෞද්ධයෝ කැමරන්ට එරෙහිව පාරට බැස්‌සහ.
චතුර පමුණුව
http://www.divaina.com/2013/11/24/feature13.html

0 comments:
Post a Comment