Pages

Tuesday, November 26, 2013

මන්නාරම් ද්‍රෝණියේ හයිඩ්‍රෝකාබන් සම්පත් මගින් වාණිජ නිෂ්පාදන ඇරඹීමට කේන් ඉන්දියා සමාගම සැරසේ

ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණියෙන් හමු වූ හයිඩ්‍රෝකාබන් සම්පත් සම්බන්ධයෙන් ඇගයීම් සැලසුම් මේ වන විට සකස්‌ කරමින් සිටින බව කේන් ඉන්දියා සමාගම නිවේදනය කරයි.

එමෙන්ම දැනට සොයාගෙන ඇති හයිඩ්‍රෝකාබන් නිධි තුළින් වාණිජ නිෂ්පාදනය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා පවත්වන බවද එම සමාගම ප්‍රකාශ කරයි. එමෙන්ම මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ අදියර සඳහා කේන් සමාගමට ලබා දී ඇති කාලය 2014 අප්‍රේල් දක්‌වා දිගු කිරීමටද රජය පියවර ගෙන තිබේ.

කේන් ඉන්දියා සමාගම මේ බව අනාවරණය කර ඇත්තේ මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා වන ප්‍රතිඵල නිකුත් කරමිනි.

කේන් සමාගම ලෝකයේ විශාලතම ඛණිජ තෙල් ගවේෂණ සහ නිෂ්පාදන සමාගම් 20 න් එකක්‌ වන අතර එම සමාගම පවසන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 749 ක ආදායමක්‌ පසුගිය කාර්තුව තුළ සමාගම විසින් උපයාගෙන ඇති බවයි. එය සියයට 14 ක වර්ධනයක්‌ වන අතර එම කාර්තුව තුළ උපයාගෙන ඇති බදු ගෙවීමෙන් පසු ලාභය ඇමෙරිකානු ඩොලර් මිලියන 545 කි. එමෙන්ම ඉකුත් කාර්තුව තුළ පමණක්‌ සිය නිෂ්පාදනය තුළින් ඉන්දීය භාණ්‌ඩාගාරයට රුපියල් බිලියනයකට වැඩි දායකත්වයක්‌ ලබා දීමටද කේන් සමාගම සමත්ව තිබේ.

http://www.divaina.com/2013/11/26/velanda02.html

About CAIRN - http://en.wikipedia.org/wiki/Cairn_India

Pic From | https://www.google.lk/search?q=cairn+india+oil+production&source=lnms&tbm=isch&sa=X&ei=aXCUUuDYNubxiAeGxoCQAg&ved=0CAkQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=PyjoOT26IdjKcM%3A%3B3KqhnKeP_XomwM%3Bhttp%253A%252F%252Fimages.jagran.com%252Fcairn_b_09-12-2011.jpg%3Bhttp%253A%252F%252Fpost.jagran.com%252Fsakhi-cairns-rajasthan-oil-block-has-potential-to-produce-300000-barrels-per-day-1323438064%3B260%3B195

0 comments: