Pages

Saturday, November 16, 2013

ලැබූ ජයග්‍රහණ ගැන ශ්‍රී ලංකාවට ආශීර්වාද කළ යුතුයි - ඔස්‌ට්‍රේලියානු අගමැති

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව කොළඹදී පැවැත්වීම තුළින්ම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඔවුනගේ ඇති නැඹුරුව වඩාත් හොඳින් ප්‍රකට වන බව ඔස්‌ට්‍රේලියානු අගමැති ටෝනි ඇබර්ට්‌ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව බොහෝ අර්බුදවලට මුහුණදුන් රටක්‌ වන නමුත් ඔවුන්ගේ අද දවස යහපත්වී ඇති බවත් එනිසාම හෙට දවස වඩා යහපත් වනු ඇතැයි තම බලාපොරොත්තුව බවත් ඔස්‌ට්‍රේලියානු අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාව පසුගිය කාලයේ ලබා ඇති ජයග්‍රහණ පිළිබඳ සෙසු රටවල් ඔවුන්ට ආශීර්වාද කළ යුතු බවත් ඔස්‌ට්‍රේලියානු අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ඔස්‌ට්‍රේලියානු අගමැතිවරයා මේ කරුණු ප්‍රකාශ කළේ 22 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලයීය මහ සමුළුව අමතමිනි.

චතුර පමුණුව - අනුර බාලසූරිය - ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2013/11/16/news09.html

0 comments: