Pages

Saturday, November 16, 2013

විසිදෙවැනි පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළු සමාරම්භක උළෙල - හෙළ සංස්‌කෘතියේ අභිමානය විදහා දක්‌වයි

විසිදෙවැනි පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව ඊයේ (15 වැනිදා) අතිශයින් චමත්කාර ලෙස නෙළුම් පොකුණ රඟහලේදී ආරම්භ විණි. රඟහල භූමිය දේශීය සංස්‌කෘතිය ඔප් නංවමින් මනා ලෙස සරසා තිබිණි.

හෙළ සංස්‌කෘතියේ අභිමානය විදහා දක්‌වන සංගීත හා නර්තන අංග කිහිපයකින් යුක්‌තව පැවැත්වුණු පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සමාරම්භක උත්සවය බෙහෙවින් විචිත්‍රවත් එකක්‌ විණි.

වසර 2500 ක ඉතිහාසයත් එහි විශිෂ්ට අංගත් මේ නිර්මාණ තුළින් පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක කාරකාදීන්ට වඩා හොඳින් අවබෝධ කර දීමට සංගීත හා නර්තන ශිල්පීහු සමත් වූහ.

චන්න - උපුලි නර්තන ආයතනය විසින් මේ නිර්මාණ එළිදක්‌වනු ලැබීය.

සංගීත් නිපුන් අමරදේව, සනත් නන්දසිරි, රෝහණ බැද්දගේ, රෝහණ වීරසිංහ, නීලා වික්‍රමසිංහ ප්‍රමුඛ ගායක ගායිකාවෝ මෙම උළෙලේ මුල්ම ගීතය ඉදිරිපත් කළහ.

රඟහලේ පිවිසුම් දොරටුව අසලදී පෙරවරු 9.15 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් පිළිගනු ලැබූහ.

ආන්දොලනාත්මක චරිතයක්‌ වූ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පෙරවරු 9.50 ට නෙළුම් පොකුණ රඟහල වෙත පැමිණියේය. බ්‍රිතාන්‍ය අගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත කැඳවාගෙන යනු ලැබුවේ ජනාධිපති කාර්ය මණ්‌ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතායි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ ශිරන්ති රාජපක්‍ෂ මහත්මියට අතට අත දුන් ඩේවිඩ් කැමරන් මහතා ඔස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌ මහතා හමුවට ගොස්‌ වචන කීපයක්‌ කතා කළහ.

බෲනායි රාජ්‍යයේ සුල්තාන්වරයා පැමිණියේ යුරෝපීය ඇඳුමින් සැරසෙමිනි. අනතුරුව කොළ පැහැති සාරියකින් සැරසී බංග්ලාදේශ අගමැතිනි ෂීක්‌ හසීනා සිනාමුසු මුහුණින් පැමිණ ජනාධිපති රාජපක්‍ෂ මහතාට අතට අත දුන්නාය. බ්‍රිතාන්‍යයේ චාල්ස්‌ කුමරු පෙරවරු 10.15 ට රඟහල වෙත පැමිණ ජාතික ධජ රැගෙන සිටි බාලිකාවන්ට දේශීය ක්‍රමයට ආචාර කළේය.

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය සමුළුව ආරම්භ වූ නෙළුම් පොකුණ රඟහල පුරාණ මඟුල් මඩුවක අසිරිය ගන්වා තිබිණි. 

චාල්ස්‌ කුමරා පසුපසින් කැමිලා පාකර් මහත්මිය ද පැමිණියාය. සමුළුවේ සමාරම්භක උත්සවය සඳහා පෙරවරු 10.38 ට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ චාල්ස්‌ කුමරු සම්ප්‍රාප්ත වූහ.

අනතුරුව කහ පැහැති ඇඳුමින් සැරසී තරුණ තරුණියන් පිරිසක්‌ ජාතික ගීය ගායනා කළහ.

සමාරම්භක උළෙල ආරම්භ කරමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිතට එකඟව ක්‍රියාකිරීමේ අගය පැහැදිලි කළේය. මෙහිදී ජනාධිපතිවරයා ධම්මපදයේ එන ගාථාවක්‌ද උපුටා දැක්‌වීය.

වර්ණවත් ඇඳුමින් සැරීසී සිටි කාන්තාවන් පිරිසකගේ දේශීය රැඟුම් ද සමුළුවට පැමිණි රාජ්‍ය නායකයන්ගේ සිත්ගත් අංගයක්‌ විය.

චන්න විෙ-වර්ධන නැටුම් කණ්‌ඩායම විසින් මෙහිදී අස්‌වැන්න නෙළීමේ රංගනය ද, බෙර වාදන ඇතුළත් රංගනයද සමුළුවේ සමාරම්භක උත්සවය හමුවේ ඉදිරිපත් කළේය.

විශේෂයෙන් ශාන්තිකර කලාපයේ දූපත් වාසීන්ගේ ගැයුම්ද බටහිර නැටුම් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි. 1976 වසරේ පැවැති නොබැඳි සමුළුවෙන් පසු මෙරට පැවැත්වූ විචිත්‍රම රාජ්‍ය නායක හමුව පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවයි.

ඔස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌, නවසීලන්ත අගමැති ජෝන් කී, සිංගප්පූරු අගමැති ලී ෂියාන් ලුන්, පාකිස්‌ථාන අගමැති නවාස්‌ ෂරීµa, බෲනායි අගමැති සුල්තාන් මඩාබුල්ලා, දකුණු අප්‍රිකානු ජනාධිපති ජාකොබ් සුමා, මෝල්ටා අගමැති ජෝසප් මස්‌කට්‌, ලෙසතෝ අගමැති තෝමස්‌ තැබේන්, මලාවි උප ජනාධිපති තුම්බෝ කචාලි, රුවන්ඩා ජනාධිපති පෝල් කරන්ම්, ටූවාලු අගමැති එනිල් ස්‌පොගෝනා, උගන්ඩා උප ජනාධිපති එඩ්වඩ් සෙකන්ඩි, ගයනා ජනාධිපති මෙහාල් රමාටා, සීෂෙල්ස්‌ ජනාධිපති ෙ-ම්ස්‌ මිචෙල්, සයිප්‍රස්‌ ජනාධිපති නිකොස්‌ ඇන්ස්‌ටාසියා, නැමීබියා ජනාධිපති හිµsකේපුනේ පොම්බා, නාඋරු ජනාධිපති බාරන් වකා, ටැංසානියා ජනාධිපති ජකයා කික්‌aමිටේ, සැවොආ අගමැති සයිලෙල පෙසොලියා, මැලේසියා අගමැති නජීබ් රසාක්‌, බහමාස්‌ අගමැති පෙරි ක්‍රිස්‌ටි, ශාන්තකිට්‌ රාජ්‍යයේ අගමැති ඩෙන්සිල් ඩග්ලස්‌, ස්‌වාසිලන්ත අගමැති ඩෙලමිනි, මෝල්ටා අගමැති ජෝසප් මුස්‌කැට්‌, ජැමෙයිකා අගමැතිනි පෝටිසා මිලර්, බංගලාදේශ අගමැතිනි ෂීක්‌ හසීනා ඇතුළු රටවල් 53 ක්‌ නියෝජනය කරමින් රාජ්‍ය නායකයන්, විදේශ ඇමැතිවරු සහභාගි වූහ.

කීර්ති වර්ණකුලසූරිය, අනුර බාලසූරිය, චතුර පමුණුව
http://www.divaina.com/2013/11/16/news02.html

0 comments: