ඉබි ගමනින් ගමන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යෝධ බල යෝධ ශක්‌තිය ලබාදීමට සමත් වූ ඔහුගේ චින්තනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයේම අංක එකට ඔසවා තැබීමට සමත් විය. සිහිනයක් බඳුව තිබූ ලෝක ක්‍රිකට් කිරුළ 1996 දී ශ්‍රී ලංකාවට ගෙන ඒමට ඇප කැපවූ වූ මේ දැවැන්තයා එදා කණ්‌ඩායමේ ලොකු අයියා විය. වර්තමානයේද ක්‍රිකට් ක්‍රීඩාවේ උස් පහත් තැන් තදින් විවේචනය කිරීමට නොපැකිළිව ඉදිරිපත් වන මේ නිහතමානී වීරයා අර්ජුන රණතුංගය.
තමා ගැන නොසිතා අනාගතය ගැන සැලසුම් සකස් කරමින් 1996 ලෝක ක්‍රිකට් කුසලාන ඩැහැ ගැනීමේ සටන අර්ජුන ආරම්භ කරන ලද්දේ 1994 සිටය. ක්‍රිකට් ලෝක වාර්තාවලට වඩා සාමූහික ප්‍රයත්නයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රාහී මාවතට රැගෙන යැමට සෑම විටම නිර්භීතව මුලසුන හෙබවූ අර්ජුන රණතුංග ලෝකයේ වැඩිම එක්‌දින ජාත්‍යන්තර තරග සංඛ්‍යාවක් මෙහෙයවූ නායකයන් අතර තෙවැනි ස්‌ථානයේ පසුවේ. ඔහු එක්‌දින ජාත්‍යන්තර තරග 193 කට නායකත්වය ලබාදී ඉන් තරග 89 ක් ජයග්‍රහණ කරා මෙහෙයවමින් 48.37% ක ජයග්‍රාහි ප්‍රතිශතයක් වාර්තා කර තිබේ. ක්‍රිකට් ලොවේ විටෙක කෙණහිලිකම්ද තවත් විටෙක අඩු සැප සම්පත්ද ඇති කාල වකවානුවක අර්ජුන දැක්‌වූ එම දක්‍ෂතාව ලොව වෙනත් කිසිදු ක්‍රිකට් නායකයකු කර තිබේද යන්නත් සැක සහිතය.
සනත්-කළු සුසංයෝග ආරම්භක පිතිකරුවන් ලෙස යෙදවීමත් මුරලිදරන්ගේ ක්‍රිකට් දිවිය සුරැකීමටත් යෝධ සෙවණැල්ලක් වූ අර්ජුන සිය කණ්‌ඩායමට සහෝදරයකු විය. ලොකු අයියා කෙනෙකු විය. වැනෙන තීරණ වෙනුවට දෙපයින් සිටගෙන ජයග්‍රහණය ඉලක්‌ක කොට ඔහු කණ්‌ඩායම මෙහෙය වීය. "අර්ජුන අයියාට හැම තරගයක්‌ම දිනන්නම ඕනා. අර්ජුන අයියා අපේ කණ්‌ඩායමේ ලොකු අයියා වගේ. අර්ජුන අයියා නැත්තම් අපිට 96 දිනන්න වෙන්නේ නැහැ." යනුවෙන් ඔහුගේ සගයන් තවමත් කියන්නේ එදා අර්ජුන ක්‍රිකට් පිටියේදී ගොඩ නගා ගත් චරිතයට තවමත් ගරු කරමිනි.
අර්ජුන රණතුංග නම් වූ අතීත ක්‍රිකට් විරුවාගේ ක්‍රිකට් දිවියේ අපි නොදත් බොහෝ දේ තවමත් සැඟවී තිබේ. ඔහු ක්‍රිකට් පිටියේ වාර්තා පසු පස කිසි විටෙකත් ලුහු බැඳ නොගියේය. එහෙත් ඇතැම් ලෝක වාර්තා පොදි බැඳගත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා අර්ජුන රණතුංගට අදත් ජනතාව ආදරය කරති. ඒ ඔහු ගොඩනගා ගත් චරිතයටය. අර්ජුන රණතුංග නැමැති චරිතය ලොවක් හමුවට පැමිණියේ කෙසේද? ඔහුගේ ක්‍රිකට් දිවියේ උස් පහත් තැන් මොනවාද? හුදෙක් ඔහු ක්‍රිකට් වෙනුවෙන් කළේ මොනවාද? අපි නොදන්න ක්‍රිකට් ලිපි මාලාවට අර්ජුන සිය අතීතය නැවත සිහිපත් කළේ මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ක්‍රිකට් රසිකයන් නොදත් බොහෝ දේ සිහිපත් කරමිනි.
කොළඹ ආනන්ද විදුහලෙන් ක්‍රිකට් පිටියට පය තැබූ අර්ජුන රණතුංග ශ්‍රී ලංකාවේ පළමු ටෙස්‌ට් ක්‍රිකට් අර්ධ ශතකයේ හිමිකරුවාය. 1982 දී ශ්‍රී ලංකාවේ මංගල ටෙස්‌ට් තරගයට සහභාගි වීමට පසුබිම සැලසුන ආකාරයත් සිහිපත් කරමින් අර්ජුන සිය හඬ අවදි කළේය.
"මම අවුරුදු 14 වෙන කොට කොළඹ ආනන්ද විදුහලේ දෙවැනි පෙළ කණ්‌ඩායමට සෙල්ලම් කළා. අවුරුදු 15 වෙන කොට පළමු පෙළ කණ්‌ඩායමට සෙල්ලම් කළා. ආනන්දයේ පළමු පෙළ ක්‍රීඩා කරමින් සිටියදී 1980 ඉන්දියාවේ වයස අවුරුදු 19 න් පහළ කණ්‌ඩායම ලංකාවට ආවා. ඒ කණ්‌ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ රවී ශාස්‌ත්‍රි. ඒ තරගාවලියේදී ටෙස්‌ට් තරග දෙකක් තිබුණා. මහනුවර තිබුණ තරගයකදි මම ශතකයක් ගැහුවා. පාසල් කාලයේ කොතරම් ලකුණු ගහල තිබ්බත් ඒ තරගයේදී ක්‍රීඩා කරපු ආකාරය දැකල තමයි තේරීම් කමිටු නිලධාරීන්ට මම ගැන අදහසක් ආවෙ. ඊට පස්‌සෙ 1980-81 කාලයෙදි අපි එංගලන්තයට ගියා වයස අවුරුදු 19 න් පහළ තරගාවලියකට. මම ගොඩක් වාසනාවන්ත වුණා හොඳ පුහුණුකරුවන් යටතේ පොඩි කාලයේ ඉඳලම ක්‍රිකට් ඉගෙන ගන්න. විශේෂයෙන් සඳහන් කරන්න ඕන ලයනල් මෙන්ඩිස්, පී.ඩබ්ලිව්. පෙරේරා, පොළොන්නෝවිට කියන මහත්වරු අපිව නිසි මාර්ගයේ යවපු නිසා ඒ කාලයේ ආනන්දයෙන් ගොඩක් කට්‌ටිය ජාතික තලයකට ආවා. නාලන්දයෙත් හොඳ ගුරුවරු හිටියා. ඒ හින්ද තමයි ගොඩක් වෙලාවට ඒ පාසල් දෙකෙන් බහුතරයක් ජාතික කණ්‌ඩායම නියෝජනය කළේ."
"1982 දී ජාතික කණ්‌ඩායමට එන්න කලින් මට පුහුණු තරගයක් හම්බ වුණා. ඒකෙදි මම ලකුණු එකසිය තිස් ගාණක් ගැහුවා. දෙවැනි මැච් එකේදි 49 ක් ගහල ඉන්නකොට දුවද්දී දැවී ගියා. ඊට පස්‌සෙ සභාපතිගේ කණ්‌ඩායමට නම් කරල තිබුණ තරගවලදිත් හොඳට කරපු නිසා තේරීම් කමිටුව මාව පළමු ටෙස්‌ට් තරගයට නම් කළා. එතනදි මට තිබුණ වාසිය තමයි මැද පෙළ බැට් කරන්න එක වමත් පිතිකරුවෙක්‌වත් හිටපු නැති එක. පළමු තරගයේදී කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨයන් මගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ ගොල්ලන් කිව්වෙ මම පොඩි ළමයෙක් ඔයාගෙ සාමාන්‍ය ක්‍රීඩා විලාශයෙන් ක්‍රීඩා කරන්න කියල. කොහොම හරි පනහක් ගැහුවා. පළමු ටෙස්‌ට් තරගය ඉවර වෙලා ඉස්‌කොලෙට ගියාම ප්‍රධාන රැස්‌වීම් ශාලාවෙදි මම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරල තිබුණ. ගාමිණි දිසානායක මහත්තයත් ඒකට ආවා."
"පළමු ටෙස්‌ට් තරගය ගහනකොට එංගලන්ත කණ්‌ඩායම හිටියෙ කොළඹ තියෙන සුපිරිම හෝටලයක. අපිව දාල තිබුණෙ පොඩි හොස්‌ටල් එකක. මාවයි රවී රත්නායකවයි දාල තිබුණෙ එක කාමරයක. ඒ කාමර හරි පොඩියි. එක්‌කෙනෙක් කාමරයෙ ඇවිදින කොට අනික් එක්‌කෙනා ඇඳට වෙලා ඉන්න ඕන. නුවර මැච් වලට ගියත් අපි හිටියෙ සාමාන්‍ය හෝටල්වල. ඒ වගේ ඉතිහාසයක ඉඳල තමයි අපි ආවෙ. හැබැයි අපි ඒ සැප පහසුකම් ගැනවත් අපිට හම්බවෙන රුපියල් දෙසීය පනහ ගැනවත් ඒ කාලෙ හිතුවෙ නැහැ."
පළමු ටෙස්‌ට් තරගයේදි පනහක් ගහපු අර්ජුන රණතුංගට කෙටි කාලයකින් කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව ගියේය. නැවත ඔහු කණ්‌ඩායමට පැමිණියේ සර් ගාෆිල්ඩ් සෝබර්ස් හරහාය.
"83 දී මාව කණ්‌ඩායමෙන් අයින් කරල තිබුණෙ. ඒ කාලයෙදි සර් ගාෆිල්ඩ් සෝබර්ස් ලංකාවේ පුහුණුකරු වෙලා ආවා. සර් ගාෆිර්ල්ඩ් සෝබර්ස් අහල තිබුණ අර්ජුන රණතුංග කණ්‌ඩායමේ නැත්තෙ මොකද කියල. ඊට පස්‌සෙ මාව පුහුණු සංචිතයකට කැඳෙව්වා. එතනදි පුහුණු තරග දෙකක් තිබ්බා. පළමු පුහුණු තරගයෙදි මම අංක හත පිතිකරු විදිහට ක්‍රීඩා කළේ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හැටියට. දෙවැනි මැච් එකේදි මම පන්දු තිහකට පනහක් ගැහුවා. ඊට පස්‌සෙ මොරටුවෙ තිබුණ තුන්දින තරගයකට මාව නම් කළා. මම ගම්පහ ඉඳල බස් එකේ මැච් එකට ගියාම සර් ගාෆිල්ඩ් සෝබර්ස් කිව්ව ඔයා අද මැච් එක ගහන්නෙ නැහැ කියල. මම හිතන්නෙ මට තේරීම් කමිටුවෙ ඒ කාලෙ තිබුණ ප්‍රශ්න නිසා තුන් දින තරගය ගහලා ටෙස්‌ට් කණ්‌ඩායමට ගේනවට වැඩිය කෙළින්ම ටෙස්‌ට් තරගයකට ගේන්න හිතාගෙන තමයි මට එදා ගෙදර යන්න කිව්වෙ. පස්‌සෙ මාව ටෙස්‌ට් මැච් එකට නම් කළා. ඒ මැච් එකෙදි විකට් හතරක් ඉක්‌මනට ගිහිල්ල තිබුණ වෙලාවෙ මම ලකුණු 90 ක් ගැහුවා. ඊට පස්‌සෙ සර් ගාෆිල්ඩ් සෝබර්ස් ඇවිල්ල මට කිව්ව, මම මගේ යුතුකම් ඉටු කළා. දැන් ඉතින් ඔයාගෙ ක්‍රිකට් ජීවිතයේ ඉස්‌සරහ හදාගන්න කියලා. එතන තමයි මගේ දෙවැනි ක්‍රිකට් ගමනේ හරි අත්තිවාරම වැටුනෙ."
තහනම් දකුණු අප්‍රිකානු සංචාරය යැම සඳහා අර්ජුන රණතුංගට ලොකු ඉල්ලුමක් එදා තිබිණි. නමුත් බන්දුල වර්ණපුර සහ රෝයි ඩයස් වැන්නන් එදා අර්ජුනගේ ඒ ගමන නවතා දැමුවේය. අර්ජුනගේ දෙමව්පියන් ඒ සංචාරයේ ආදීනව පැහැදිලි කර දුන්නේය. පාසල් ක්‍රීඩකයකුව සිටි අර්ජුනට එදා එම සංචාරය පිළිබඳ වැඩි අවබෝධයක් නොතිබුණ බැවින් ඉහත සඳහන් පිරිස නොවන්නට අර්ජුන රණතුංගද ක්‍රිකට් තහනමට ලක්‌වූ පිරිස අතර තවත් ක්‍රීඩකයකු වීමට ඉඩ තිබිණි.
"මට අවුරුදු 23 දී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ උප නායකත්වය ලැබුණා. එතකොට නායකයා වූයේ දුලිප් මෙන්ඩිස්. දුලිප් නායකත්වයෙන් සමුගන්න කොට තේරීම් කමිටුව මට කතා කරල කිව්ව ඊළඟට නායකත්වය රන්ජන් මඩුගල්ලට දෙනව කියල. මම ඒකට ගොඩක් කැමැති වුණා. මොකද මට තව කල් තියෙන නිසා. රන්ජන් වැනි නායකයෙක් එක්‌ක වැඩ කිරීමට ලැබීම ලොකු භාග්‍යක්. මම එතනදි නායකයකු ලෙස වැඩ කළ යුතු ආකාරය ඔහුගෙන් ඉගෙන ගත්තා. රන්ජන් මට ඒ කාලෙ හුඟක් වගකීම් භාර දුන්නා. මම හිතන විදිහට අපේ රටේ බිහිවුන ක්‍රිකට් නායකයන්ගෙන් හොඳම මොළය තිබුණෙ රන්ජන් මඩුගල්ලට"
එදා අර්ජුනලාට ක්‍රිකට් වලින් මුදල් ලැබුණේ සොච්චමකි. 92 වසර වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් ගලා ඒම ආරම්භ විය. එතනදි අර්ජුනලා ඩොලර් පනහක් හෝ සියයක් තමන්ට වැඩි කරන දෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම් සර්ව සාධාරණ ඉල්ලීම් විය.
1995 දී අර්ජුන රණතුංගගේ කණ්‌ඩායමට එරෙහිව කුමන්ත්‍රයක් දියත් විය. එම කුමන්ත්‍රණයට මුහුණ දුන් අර්ජුන, අරවින්ද, ප්‍රමෝදය, සමරවීර සාජා සංචාරයෙන්ද ඉවත් විය.
"95 දී සැලසුම් සහගතව අරවින්දව ඉවත් කරන්න හැදුවා. ඔහුට ශාරීරික යෝග්‍යතාවක් නැහැ කියල. එක පාරටම ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් වෙලා ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයක් පවත්වන්න තීරණය කළා. හැබැයි ඒ පරීක්‍ෂණ කොතරම් තිබුණත් ක්‍රීඩකයන්ව එළියට දාන ක්‍රමයක් එදා තිබුණෙ නැහැ. ක්‍රිකට් ෆිට්‌නස්‌ට් ගැන නොදන්න ඇමැතිවරු, පරිපාලකවරු සහ උපදේශකවරු තමයි එදා ඒ පරීක්‍ෂණය මෙහෙයවූයේ. කොහොම හරි එදා අපි ක්‍රිකට් ආයතනයට පාඩමක් උගවන්න කණ්‌ඩායමෙන් ඉවත් වුණ එක අපේ කණ්‌ඩායමේ එකමුතුභාවය දියුණු කරගන්න ලොකු පිටිවහලක් වුණා.
මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් නවතා ගෙදර යන්න හදන අවස්‌ථාවේදී අර්ජුන නවතා ගත් හැටිත්, සනත් - කළු සුසංයෝගය ආදේශ කළ ආකාරය සහ 96 ලෝක ශූරතාවේ සිදුවූ විශේෂ අවස්‌ථා ලබන සතියේ දැන ගනිමු.
අසේල විතාන
http://www.divaina.com/2013/11/24/sports01.html

0 comments:
Post a Comment