Pages

Monday, November 25, 2013

චැනල් 4 නිරුත්තර කර කැමරන්ට මුරලි දැමූ දුස්‌රාව

දශක තුනකට අධික ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ මෙතෙක්‌ ක්‍රීඩකයන් බොහෝමයක්‌ බිහිව තිබේ. ඒ අතුරින් සුවිශේෂී වූ ක්‍රීඩකයන්ද ලෝකයට දායාද කිරීමට ශ්‍රී ලංකාවට හැකිව ඇත. අදාළ ක්‍රීඩකයන් අතරින් ලෝක ක්‍රිකට්‌ වංශ කථාවට නව පරිච්ෙ-දයක්‌ එක්‌ කිරීමට සමත් ක්‍රීඩකයකුද ඒ අතර සිටියි. මුත්තයියා මුරලිදරන් නාමය සකල ලෝකයම හැඳින ගන්නේ ඒ හරහාය.

ලොව වැඩිම කඩුලු සංඛ්‍යාවක්‌ දවා ගනිමින් පහසුවෙන් බිඳ නොහැකි ලෝක වාර්තාවක්‌ පිහිටුවීමට මුරලිදරන් සමත්ව සිටීම මත ඔහු ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝක ක්‍රිකට්‌ ක්‍රීඩාවේම සංකේතයක්‌ බවට පත්ව සිටියි. ලොව නම් දැරූ පිතිකරුවන් සිය පිට ද`ග පන්දුවෙන් අල්ලා මෙල්ල කිරීමට සමත්වූ මුරලි ටෙස්‌ට්‌ කඩුලු 800 ක්‌ සහ එක්‌දින කඩුලු 534 ක්‌ දවා ලෝකයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක්‌ දවා ගැනීමට සමත්වූ පන්දු යවන්නා බවට පත්ව සිටියි. 

මුරලිදරන් දමිල ජාතිකයෙකි. එහෙත් ඔහු දෙස මෙරට කිසිවකුත් ජාති වාදය, ආගම් වාදය ඉදිරියට දමා නොබැලුවහ. සෑම දෙනාම ඔහුව වැළඳ ගත්තේ 'අපේ මුරලි' කියාය.

මුරලිදරන් යන නම ඇසූ සැනින් පිතිකරුවන් භීතියට පත් කිරීමට තරම් මුරලිගේ පිට දඟ පන්දුවේ ද`ග කැවීම තියුණු විය. එම පන්දු ක්‍රමයෙන්ද ඔබ්බට ගිය මුරලි පසු ඔහු විසින්ම හඳුන්වා දෙන ලද 'දුස්‌රා' පන්දුවද පිට ද`ග පන්දුවට නොදෙවැනි විය. ශ්‍රී ලංකාව සමග තර`ග කිරීමට පැමිනෙණ කණ්‌ඩායම් සංචාරය සඳහා සැලසුම යොදන දිනයේ පටන් මූලිකවම සිදු කරනු ලබන්නේ මුරලිගේ පන්දුවලට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීමය. එහිදී මුරලිගේ පන්දු යෑවීමේ වීඩියෝ පට නැරඹීමකින් තොරව ශ්‍රී ලංකාව සමග තරග වැදීමට පැමිණි ලොව කිසිදු පිතිකරුවකු නොමැත. කන්ද උඩරටට වී එදා යහලුවන් සමගින් සෙල්ලමට ක්‍රිකට්‌ සෙල්ලම් කළ ඒ කොලු ගැටයා පසු කලෙක පෑ වික්‍රමය ඒ තරමටම විශාල විය.

මුරලි නිසා ශ්‍රී ලංකාවට අත්වූ කීර්තිය මෙපමණය යන්න කිව නොහැකි. ඔහු ඒ තරමටම ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබාදීමට සමත්වූවෙකි. ඔහුගේ පන්දු යෑවීම හරහා බිහිවී තිබෙන වාර්තාවන් සංඛ්‍යාවද සුලුපටු නොවේ. දමිල ජාතිකයකු වීම හේතුවෙන් ජාතිවාදය ඉදිරියට දමා මුරලිගෙන් වාසි ලබා ගැනීමට ශ්‍රී ලංකාව වැනසීමට කුමන්ත්‍රණකාරී ඇතැම් පිරිස්‌ මාන බැලුහ. ලෝකයේ කඩුලු ලාභියාගේ වාර්තාවට කිසිම පන්දු යවන්නකුට ළඟා වීමට ඉඩ නොතැබූ පරිදිම ශ්‍රී ලංකාවට හානි කිරීමට මාන බලන සැමටම, පළමුව තමා ශ්‍රී ලාංකිකයකු බවත් දමිල ජාතිකයකු වන්නේ දෙවැනුවට බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා නාමය ඉහළින් තැබීමට මුරලි සැම විටම වග බලා ගත්තේය.

තම ද`ග පන්දුවෙන් සියලු ගෞරව ශ්‍රී ලංකාවට අත්කර දුන් 'අපේ මුරලි' ඉකුත්දා රට වෙනුවෙන් යළිත් මහ`ගු යුතුකමක්‌ ඉටු කළේය. ලේ පිපාසිතයකු ලෙසින් සිය ජීවිතය ගෙවන ලද වේලුපිල්ලේ ප්‍රභාකරන්ට ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවීමට ආ වැඩූ බ්‍රිතාන්‍ය චැනල් 4 නාළිකාවට මුරලිදරන් දක්‌වන ලද අදහස්‌ කනේ පහරක්‌ බඳු විය.

චැනල් 4 නාළිකාවේ ඉදිරිපත් කරන්නකු වන ජොනතන් මිලර් හා මුරලි අතර පැවැති සාකච්ඡාවේදී ඔහු සඳහන් කර සිටියේ උපන්දා පටන් මේ දක්‌වා තමා ශ්‍රී ලංකාවේ ජීවත් වන බවත්, මේ සම්බන්ධව දැන් චැනල් 4 නාළිකාව ඇතුළු ඇතැම් විදෙස්‌ මාධ්‍ය ශ්‍රී ලංකාව පිළිබඳ පතුරවන ප්‍රචාර අසත්‍ය බවත්ය.

වීදුරු මතු පිටක වුවද පන්දුවට තියුණුවට ද`ග කැවීමට සමත් මුරලි එම අදහස්‌ දැක්‌වීමේදී මිලර්ව දමනය කර දැමුවේ තම තියුණුවට ද`ග කැවෙන පිට ද`ග පන්දුව හමුවේ ලොව නම් දැරූ පිතිකරුවන් ඇඹරී යන්නාක්‌ මෙනි.

මෙහිදී පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සැසියට සහභාගිවීම සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී තිබෙන බවට නිකුත් කරන ලද ප්‍රකාශය සම්බන්ධවද නොබියව අදහස්‌ පළ කළ මුරලි, ඔහුගේ අදහස්‌ පළ කිරීම නිවැරදි නොවන බවත් සඳහන් කර සිටියේය. බ්‍රිතාන්‍ය අගමැතිවරයා ප්‍රකාශයට විරුද්ධව අදහස්‌ දැක්‌වීමට වත්මන් ආණ්‌ඩුවේ ප්‍රධානීන්ද මැළිකමක්‌ දක්‌වද්දී මුරලි විසින් එවැනි අදහසක්‌ පළ කිරීම අගය කළ යුත්තකි.

පන්දු යෑවීමේදී හැරෙන්නට මන බඳිනා සිනහව නිරන්තරයෙන්ම සිය මුවග රඳවාගෙන සිටීම මත බොහෝ දෙනා මුරලිව හඳුන්වනු ලැබුවේ 'සිනාසෙන දඩයක්‌කාරයා' යනුවෙනි. එපරිදිම වැඩ සටහන පුරාම තම සිනහව රඳවා තබා ගත් මුරලි, වැඩසටහන මෙහෙයවනු ලැබූ මාධ්‍යවේදී මිලර්ව නරඹන්නකු බවට පත්කරමින් සියලු අණසක තමන් සතු කර ගැනීමට සමත්වූවේය.

'ඩේවිඩ් කැමරන්ව සම්පූර්ණයෙන්ම මුලාවේ දාලා. මම දන්නේ නැහැ තරුණ කාලෙ හරි ඔහු මීට පෙර ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා. ඒත් පළමු වරට තමයි ඔහු උතුරට ගියේ. දෙමව්පියෝ 25 ක්‌ 30 ක්‌ ඇවිල්ලා පෝස්‌ටර් පෙන්නුවට ඒ කතා විශ්වාස කරන්න පුලුවන්ද...? මෙයාලාට ජාත්‍යන්තර නායකයින්ව නොමග යවන්න පුලුවන්. එහෙම වුණාම ඇත්ත හොයා ගන්න අමාරුයි' යනුවෙන් මෙහිදී මුරලි සඳහන් කර තිබේ.

මෙම වැඩසටහනට පෙර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සමග සී. සී. සී. පිටියේදී ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදුණු අතර එහිදී ඔහු හා කතා කළේ කුමක්‌ද යන්න වැඩසටහන මෙහෙයවූ මිලර් විසින් මුරලිගෙන් අහන ලදුව ඉහත අදහස්‌ හෙතෙම පළ කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මුරලි, 'අසූ ගණන්වල මගේ ගේත් ගිනි තිබ්බා. ඒත් මට ඒක ප්‍රශ්නයක්‌ නොවෙයි. ජාතීන් දෙක අතර සංහ`දියාවක්‌ පැවතුණොත් විතරයි රටක්‌ වශයෙන් ඉදිරියට යන්න පුලුවන්. ඇයි මේ කිසිම වැඩකට නැති කවුරුත් දන්නෙත් නැති යට ගියාවක්‌ හාරන්නේ. යුද්ධයකදී දෙපැත්තක්‌ තියෙනවා. ඕන දෙයක්‌ වෙන්න පුලුවන්. දෙපැත්තෙම වැරදි තියෙන්න පුලුවන්. ඒත් යට ගියාව අවුස්‌සලා මේවට විසඳුම් දෙන්න බෑ. ඒ දේ මේකට සුදුසු දේ නොවෙයි. අතීතයේ දේවල් කාටවත් වැඩක්‌ නෑ. අනාගතය සාර්ථක වෙන්න නම් පරණ දේවල් අමතක කළ යුතුයි කියලා ෙ-සුස්‌ වහන්සේ පවා කියලා තියෙනවා නේද...? යනුවෙන් මුරලිගෙන් ප්‍රශ්න ඇසීමට පැමිණ සිටි මිලර්ගෙන් මුරලි පෙරළා ප්‍රශ්න කරන ලදී.

මුරලිගේ අදහස්‌ හමුවේ චැනල් 4 මාධ්‍යවේදී මිලර් නිරුත්තර වීය. ජාතිවාදය ඉදිරියට දමමින් මුරලිගෙන් ලබාගැනීමට බලා පොරොත්තු වන කිසිවක්‌ මුරලිගෙන් ලබා ගැනීමට කැලම් මැක්‌රේ ප්‍රමුඛ ශ්‍රී ලංකාවට පැමිණ සිටින චැනල් 4 කණ්‌ඩායමට නොහැකි විය. මුරලිගේ පන්දු හමුවේ පිතිකරුවන් කඩුල්ල බිඳී යන පරිද්දෙන්ම වැඩසටහන මෙහෙයවූ මිලර් දැවී ගිය සේයාවක්‌ එම සාකච්ඡාවේදී දිස්‌ විය.

චමිල කරවිට
http://www.divaina.com/2013/11/24/feature10.html

0 comments: