මෙවර මහඑළිය කල්තියාම වසන්තය උදාවී ඇත. නිකම්ම නොව මල්වරුසාවක් ද සමඟය. හීන්පොද වැස්‌සෙන් තෙමීගියද, දුහුල් මිහිදුම් වළාවෙන් බොඳවුනද නෙක වර්ණයෙන් දිදුලන නෙලූ මලේ සුන්දරත්වය ඒ කිසිවකටද වසා දැමිය නොහැකිය. බැලූ බැලූ අත විකසිතව පෙනෙන්නේ නෙලූ මලේ සුන්දරතවය, විවිධත්වය මෙන්ම අද්විතීයත්වයම පමණකි.
ලෝකයේ පියස්‌ස මෙයම වන බවට මේ නෙලූ සුන්දරත්වය කදිම සාක්‍ෂියකි. තොටුපළ කන්ද නැඟ පිණි කඳුලු මැද සපුෂ්පිත නෙලූ ගාල් අතරින් පියමං කරන කල මේ අප සිටින්නේ සිහින පාරාදීසයේ නොවේදැයි අපට නිතැතින්ම හැඟේ. ඒ තරමටම මේ දිනවල තොටුපළ කන්දද විචිත්‍රවත්ය. ශ්වේත වර්ණ, ළාරත්, රෝස, මෙන්ම නීල පැහැයෙන් ඔප් නැංවුණු නෙලූ විවිධත්වය අතරේ බිඟුන්ගේ රූං රූං නද මන්මත් කරවයි. මෙවන් අපූර්වත්වය විඳ විඳ කිරිගල්පොත්ත, සමනොලගිර, පමණක් නොව දේශයේ සාඩම්බරය පිදුරුතලාගලද නෙත ගැටෙන කල මේ මිහිමත අප සැබෑ වාසනාවන්තයෝ යෑයි නොකියා වෙන කුමක් නම් කියන්නේද?
සැබෑය, මෙවර මහඑළිය නොහොත් හෝටර්ටන්තැන්නට වසන්තය කල්තියාම උදාවී ඇත. බිනරමල්, මහරත්මල්, නගා මැරූ අල, කොක්‌මොට පිපෙන, බිඟුන්, සියොතුන් රඟන, බක්‌මහේ වසන්තය නොව, මෙවර අප අත්විඳින්නේ එහි ඉල්මහේ වසන්තයකි. මුළුමහත් හෝර්ටන්තැන්නම ආශ්චර්යකම ගිල්වා වසර 12 කට පසු මේ ගෙවී යන 2013 වසරේ නෙලූ මලින් හෝර්ටන්තැන්න විකසිතව පවතින කාලයයි. මෙවන් ආශ්චර්යයක් සාමාන්‍යයෙන් උදාවන්නේ වසර 12 කට පසුව බව පෙර වාර්තා පෙන්වා දෙයි. මෙවන් සංසිද්ධියක් මීට පෙර වාර්තා වන්නේ 2001 වසරේ ඔක්‌තෝබරයේදීය. එනම්, සාමාන්‍යයෙන් වසර 4-5 කට වරක් ඉඳහිට පුෂ්ප විකසිතවන නෙලූ නම් පඳුරු ශාකවල එකවර පුෂ්ප හටගැනීම මේ ආශ්චර්යයි. කෙතරම් විචිත්‍රවත්ද යත් ශ්‍රී ලංකාවේ පමණක් දක්‌නට ඇති නෙලූ ශාක 7 ක්‌ද ඇතුළුව නෙලූ විශේෂ අටකම එකවර මල්හට ගැනෙන අවස්‌ථා ඉතා දුලභය. එය හොඳටද නරකටද යන්න අපි නොදනිතත් මෙවර මහඑළිය නම් මේ සුන්දර බිම්කඩ ඒකාලෝක වී ඇත්තේ එවන් ශාක විශේෂ අටක මල්හට ගැනීම නිසාය. මෙම මල්හට ගැනීමෙන් අනතුරුව මෙම නෙලූ පඳුරු බීජ නිපදවා මැරීයාම සාමාන්‍ය සංසිද්ධියකි. යළිත් ළදරු වයසේ සිට වැඩෙන මෙම ශාක විශේෂ තවත් මෙවන් ආශ්චර්යවත් කතාන්දරයක් ලෝකයට හඬගා කියන්නේ තවත් වසර 12 කින් බව උද්භිද විද්‍යාඥයින්ගේ මෙන්ම පළපුරුදු පරිසරවේදීන්ගේද මතය වේ. එබැවින් 2013 දී එනම් මෙවර දක්‌නට ලැබෙන විචිත්‍රත්වය යළිත් හෝර්ටන් තැන්නේදී දකින්නට ලැබෙන්නේ වසර 2025 දී බව පිළිගැනීමයි.
නෙලූ නම් පඳුරු ශාකය තෙත්, කඳුකර කලාපීය වනාන්තරවලට අවේණිකව වැඩෙන ශාකයකි. විශේෂයෙන්ම හෝර්ටන්තැන්න, තංගමලේ, හග්ගල, පිදුරුතලාගල ආශ්‍රිත ප්‍රදේශ, සමනොළකන්ද හා ශ්‍රීපාදය ආශ්‍රිත ප්‍රදේශ, දුම්බර වනාන්තරය, යනාදී කඳුකර ප්‍රදේශවල වැවෙන මෙම ශාකය එවන් වනාන්තරවලට ආශිර්වාදයකි. මෙම නෙලූ ශාකය විශෙෂ (ප්‍රභේද) අටකින් සමන්විත වේ. හෝර්ටන් තැන්න නොහොත් මහඑළිය තැන්නේදී තොටුපළකන්ද, කිරිගල්පොත්ත ආදී ප්‍රදේශවල බහුලව මෙම ශාක හමුවේ. ශාකවල උස, පැහැය, පත්‍ර ආකාර, මල්වල පැහැය වැනි ලක්‍ෂණ සලකා බැලීමේදී මෙවන් විශේෂ අට පැහැදිලිව හඳුනාගත හැකිය. උද්භිත විද්‍යාත්මකව (ස්‌ට්‍රොබිලැන්තස්) නම් ගණයට අයත්වන නෙලූ ශාකයේ මෙසේ පුෂ්ප විකසිතව ඇති ශාක විශේෂ අට විස්‌කෝසා, වෙස්‌ටිටා, සෙක්‌සෙනිස්, පුල්ඛෙරිමා, නොකී, µqකරී, කැලිසිනා සහ ඇන්සෙප්ස් ලෙස හඳුන්වයි. පිළිවෙලින් ළා දම් - රෝස, කොළට හුරු කහ, නිලට හුරු දම් සුදු, නිලට හුරු දම් - රෝස, දීප්තිමත් දම්, සුදු, ළා කහ සහ සුදු වර්ණයෙන් යුතු මෙම පුෂ්පයන් සම්පූර්ණ ගස වසාගෙනම පැතිර පිපී තිබෙන බැවින් මුළුපරිසරයම චමත්කාරයෙන් දිලේ. ඒ මතට නිරතුරුව ඇද හැලෙන පිණිබිඳු, මිහිදුම් වළාවන් මේ පරිසරය තවත් විචිත්‍රවත් කරයි.
හෝර්ටන්තැන්න වනෝද්‍යානයට යන කොයිකාටත් ලෝකාන්ත මානසිකත්වයෙන් මිදී, බේකර්ස් ඇල්ලෙන් මිදී මේ දිනවල මේ අපූරු නෙලූ සුන්දරත්වයේ අත්දැකීම විඳගත හැකිය. ශ්‍රී ලංකාවේ තෙවැනි උසම කඳුමුදුන වන තොටුපළ කන්ද මේ සුන්දරත්වයේ මෙන්ම අද්විතීයත්වයේ සැබෑම අත්දැකීම විඳින්නට පහසුම තැනයි.
ශ්‍රී ලංකාවේ දෙවැනි උසම කඳු මුදුන සේ ප්‍රකට කිරිගල්පොත්තද නෙලූ ගසින් බහුල ප්‍රදේශයකි. එහිද මෙම ආශ්චර්යවත් සිදුවීම මේ දිනවල අත්විඳිය හැකිය.
හෝර්ටන්තැන්නේ මෙම දුලබ, අසිරිය විඳින්නට මේ වන විටත් බොහෝ පිරිස් පැමිණ තිබේ. ප්‍රදේශයේ ඉහළ රාජ්‍ය නිලධාරීන්, වනජීවී සංරක්‍ෂණ අමාත්‍යවරයා මෙන්ම රටේ ප්‍රභූ පිරිස්‌ද ඒ අතර වේ. එමෙන්ම පරිසරවේදීන්, වනජීවී ඡායාරූප ශිල්පීන් මේ දිනවල හෝර්තැන්න තම නිවහන කරගෙන මෙන් සැරිසරන්නේ මේ දුලභ සිදුවීමේ අද්විතීත්වය ග්‍රහණය කරගනු පිණිසය. වසර 12 කට වරක් උදාවන මෙම අසිරිය පිළිබඳව අදහස් දක්‌වන හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ උද්‍යාන පාලක පියල් රවීන්ද්‍ර කුමාර මහතා පවසන්නේ මෙවන් අදහසකි.
හෝර්ටන්තැන්නට මෙතෙක් ආගිය සංචරකයින්ගෙන් බහුතරය ආවේ ලෝකාන්තය නැරඹීම සඳහා පමණයි. බේකර්ස් ඇල්ල වැනි ස්‌ථාන කිහිපයකුත් ඔවුන්ගේ මතකයේ තිබුණා. එහෙත් මහවැලි නදියේ ආරම්භක ජලදහරා ප්‍රදේශය, බෙලිහුල්ඔය පටන්ගන්නේ මෙහි කුඩා දිය පහරවලින් බව මෙහි ආවේණික හාක හා සත්ව සම්පත, ගෝනුන්, දිවියන්ගේ අසිරිය ගැන බොහෝ සංචාරකයන් තුළ වටිනාකමක් තිබුණේ නැහැ. ඒ වගේම තමයි මේ නෙලූ ශාකයේ අසිරිමත් බව බොහෝ අය වටහාගෙන හිටියේ නැහැ. නමුත් බලන්න 2001 න් වසර 12 කට පසු අද මුළු හෝර්ටන්තැන්නම, තොටුපළ කඳුපෙතම නෙලූමලින් විකසිත වෙලා. මේකත් හෝර්ටන්තැන්නේ අද්විතීයත්වය ගැන කියන්න හොඳම සාධකයක්. මේවා නරඹන්න දෙස් විදෙස් පරිසරවේදීන්, ප්‍රභූන් පැමිණියා. තවත් වසර 12 කින් තමයි මේ අසිරිය යළිත් විඳින්න වෙන්නේ. කොහොමහරි මේ නෙලූ ශාක ගැන තවදුරටත් අධ්‍යයනය කරන්න මේක හොඳම අවස්‌ථාවක්. ඒ වගේම මල්වාරයෙන් පසු මේ නෙලූ ශාකයේ බීජ හටගන්නවා. ඒවා කන්න වලිකුකුළන්, වෙනත් කුරුල්ලන් කැමතියි. නමුත් කාල මත්වෙනවා. ඒවා ගැනත් සොයා බලන්න පර්යේෂකයන්ට මේක අවස්‌ථාවක්. කොහොමහරි අද හෝර්ටන්තැන්න නෙලූ නිසා ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වෙලා. ඒ ගැන වනජීවී නිලධාරීන් ලෙස උද්‍යාන භාරකරු ලෙස මට හරිම ආඩම්බරයි. රවීන්ද්‍ර කුමාර මහතා කියයි.
ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2013/11/24/feature07.html

0 comments:
Post a Comment