Pages

Thursday, November 28, 2013

දෙවනගල අන්තවාදී මුසලු ග‍්‍රහණයෙන් මුදාගන්නට භික්‍ෂූන් මාරාන්තික උපවාසයක!

කලක් දළදා වහන්සේද වැඩසිටියේ යයි කියන මාවනැල්ල දෙවනගල පුදබිම ඉස්ලාම් ආගමිකයන්ගේ ග්‍රහණයෙන් මුදා දෙන ලෙස ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා 06 දෙනෙක් විසින් මාවනැල්ල නගරයේ උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙහිදී අනුරාධපුර අමතධම්ම හිමියෝ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති අතර දෙවනගල පූජා භූමිය සුරුකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙය  සංවිධානය කර ඇත.

දෙවනගල පුදබිමේ අනවසර ඉදිකිරීම් ඉවත් කොට එහි පුරාවිද්‍යා කැණීම් අරඹා පුදබිම සංරක්ෂණය කරදෙන්නැයිද භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටිති.

මේ පිළිබඳව බලධාරීන්ට කිහිප අවස්ථාවක් දැනුම් දුන්ද කිසිදු ප්‍රයෝජනයක් නැතැයි දෙවනගල පූජා භූමිය සුරුකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

http://lankacnews.com/sinhala/news/105488/

සබැඳි ලිපි -
[
හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහරhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
]

0 comments: