Pages

Saturday, November 16, 2013

චොගම් සමුළුව හෙට අවසන්

පොදු රාජ්‍ය මණ්‌ඩලයේ සභාපති ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සහ එහි ලේකම් කමලේශ් ෂර්මා මහතා එක්‌ව පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවත් සමගින් විසි දෙවැනි පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුව හෙට (17 වැනිදා) සවස 2.00 ට කොළඹ දී නිමාවට පත්වේ. 

පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේ තුන්වැනි විධායක සැසිය හෙට පස්‌වරු 12.00 සිට 1.00 දක්‌වා සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වෙන 

අතර සමුළුව නිමාවට පත්කරන අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාව බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ කමිටු ශාලා අංක 8 හි පැවැත්වේ.

ඉදිරි වසර දෙකක කාලය සඳහා පොදු රාජ්‍ය මණ්‌ඩල සභාපති ධුරය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් හොබවනු ලබයි. මුරුසි දිවයිනේ 2014 දී පවත්වන විසිතුන්වැනි පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක සමුළුවේදී එහි සභාපති ධුරය මහින්ද රාජපක්‌ෂ මහතා විසින් මුරුසියේ රාජ්‍ය නායකවරයා වෙත පිරිනමනු ලබයි. 

අජිත් අලහකෝන් - ශ්‍යාම් නුවන් ගනේවත්ත - අනුර බාලසූරිය
http://www.divaina.com/2013/11/16/news20.html

0 comments: