Pages

Friday, November 15, 2013

වාහන වීදුරුවේ වී.අයි.පී. තිබුණොත් අත්අඩංගුවට

වාහනවල ඉදිරිපස වීදුරුවේ වී. අයි. පී. ලෙස සඳහන් පුවරු සවිකර තිබෙන වාහන අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු කරන ලෙස පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා දිවයිනේ සියලු පොලිස්‌ ස්‌ථාන වෙත චක්‍රලේඛයක්‌ මගින් දැනුම් දී ඇත.

2000 මැයි 19 වැනි දින නිකුත්කර ඇති 11/32 දරන රජයේ ගැසට්‌ පත් නියෝගවල 12/3 වගන්තිය යටතේ ඉදිරිපස වීදුරුවේ ආදායම් බලපත්‍රය ලියාපදිංචි සහතිකයේ ඡායාපිටපත් පමණක්‌ ප්‍රදර්ශනය කළ යුතු බව දැනුම් දී ඇත. වී. අයි. පී. හෝ වී. වී. අයි. පී. බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ යම්කිසි උත්සව අවස්‌ථාවකදී එම උත්සවයට සහභාගිවීමට පහසුව තකාය. එම බලපත්‍රය වීදුරුවේ නොඅලවා එම උත්සව අවස්‌ථාවට රියෑදුරු විසින් පෙන්වා ඇතුළුවිම සඳහා නිකුත් කරනු ලබන්නකි.

මේ අනුව මින් ඉදිරියට ඉදිරිපස වීදුරුවේ ආදායම් බලපත්‍රය හෝ ලිsයාපදිංචි සහතිකයේ අනුපිටපත් හැරෙන්න වෙනත් ප්‍රදර්ශන නාමපුවරු ප්‍රදර්ශනය කර තිබෙන වාහන අත්අඩංගුවට ගෙන දඩ කොළ නිකුත් කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්‌පතිවරයා නියෝග කර ඇත.

චමින්ද සිල්වා
http://www.divaina.com/2013/11/15/provin03.html

0 comments: