Pages

Saturday, November 16, 2013

චාල්ස්‌ කුමරු අද දළදා මැඳුරට එයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය නායක සමුළුවට බ්‍රිතාන්‍ය මහ රැජන නියෝජනය කරන චාල්ස්‌ කුමරු අද (16 වැනිදා) මහනුවර පැමිණීමට නියමිතය.

නිල නොවන මහනුවර සංචාරයේදී ශ්‍රී දළදා මාලිගාවට පිවිසීමටත්, මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීද්‍රයන් වහන්සේ බැහැදැකීමටත් නියමිත චාල්ස්‌ කුමරු බ්‍රිතාන්‍ය පාලන සමයේ මහනුවරදී මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයන් මිහිදන් කළ ගැරිසන් සුසාන භූමියේ සිහිවටන සහ පේරාදෙණිය උද්‍යානය නැරඹීමටත් නියමිතව සිටියි.

මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම ප්‍රධාන ඇමැති සරත් ඒකනායක සහ මහනුවර පුරපති මහින්ද්‍ර රත්වත්තේ යන මහත්වරුන් විසින් කුමරු පිළිගනු ලැබේ.

සිරිල් විමලසුරේද්‍ර
http://www.divaina.com/2013/11/16/news08.html

1 comments:

Gossip lanka news said...

Me manussaya wena rataka kenek welath dalada wanda. ape minissu ekata :( (