Pages

Thursday, November 7, 2013

සවුදි අරාබිය ඉස්ලාම් ලෝකය පාවා දෙනවා - සිරියාව

ඉස්ලාම් ලෝකය පුරා මරණය සහ විනාශයට වගකිව යුත්තේ සවුදි අරාබිය බව සිරියානු තොරතුරු අමාත්‍ය ඔම්රාන් අල් සුබි පවසයි.

සිරියාව මෙන්ම ඉරාකය, ලෙබනනය සහ ඇල්ජීරියාව යන රටවල් වලත් ත‍්‍රස්තවාදය සඳහා සහය දැක්වීමේ රියාද් පාලනයේ ප‍්‍රතිපත්තිය වහා නැවැත්විය යුතු බව ඔහු පවසා තිබේ.

අල් සුබි පවසා ඇත්තේ සවුදි අරාබියාවේ විදෙස් ඇමති සවුද් අල් ෆයිසාල් විසින් කර ඇත්තේ සවුදි ප‍්‍රතිපත්ති අසාර්ථකත්වයට පත්කිරීමට පමණක් බවයි.  අල් ෆයිසාල් යනු සවුදි අරාබියානු ත‍්‍රස්තවාදයේ දේශපාලන මුහුණුවර බවද සිරියානු තොරතුරු අමාත්‍යවරයා පවසා තිබේ.

මේ අතර සවුදි විදේශ අමාත්‍යවරයා සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී අතර හමුවක් පවත්වා ඇති අතර සිරියානු අර්බුදය සඳහා ඇමරිකාව විසින් මිලිටරි මැදිහත්වීමක් සිදුනොකිරීම පිළිබඳව අල් ෆයිසාල් සිය කනස්සල්ල පළ කර ඇතැයි වාර්තා වේ.  සිරියානු සටන්කාමීන්ගේ කලාපීය අනුග‍්‍රහකයෙක් ලෙස සවුදි අරාබිය සැලකේ.

මේ අතර ඔම්රාන් අල් සුබි පවසා ඇත්තේ ජිනීවා-2 සාකච්ඡ පවත්වන්නේ සිරියානු ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමට නම් ඒ සඳහා තම පාර්ශ්වය සහභාගි නොවන බවයි.

අල් ෆයිසාල් සහ ඇතැම් සතුරන් බලාපොරොත්තු වන ආකාරයෙන් බලය අත්හැරීම සඳහා තම රජය ජිනීවා නොයන බව ඔහු පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/104188/

0 comments: